ශ්‍රී ලංකාවට එරෙහි ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2022

3430

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතය සඳහා Daniel Sams ඇතුළත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ මීට පෙර එම සංචිතයට ඇතුළත් වූ Travis Head හට Sheffield Shield තරගාවලියේ උතුරු ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරන නිසාවෙන් ඔහුට තරගාවලියේ පළමු තරගවලට සහභාගී වීමට නොහැකි වන නිසයි.

කෙසේ නමුත් Travis Head තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරග සඳහා කණ්ඩායමට එක්වන බව ද මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

Daniel Sams 2021 ලෝක කුසලානය සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ අතර ඔහු නිමා වූ Big Bash තරගාවලියේ දී කඩුලු 19ක් සහ ලකුණු 191 ලබා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සමත් වුනා.

මෙම තරගාවලිය සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයින් වන Mitchell March සහ David Warner විවේක ගන්වා තිබූ අතර ආබාධයක් නිසාවෙන් කෙටි කලක් කණ්ඩායමෙන් ඉවත්ව සිටි Josh Hazlewood කණ්ඩායමට කැඳවා තිබුණා.

විස්සයි විස්ස තරග පහකින් සමන්විත මෙම තරගාවලිය පෙබරවාරි 11 සිට 20 දක්වා Sydney Cricket Ground, Melbourne Cricket Group සහ the Manuka Oval යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

Cricbuzz ඇසුරිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<