පන්දුවක් හිසේ වැදුණු ස්මිත්ගේ පරීක්ෂණයේ ප්‍රතිඵල එයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020

399
Steve Smith

මේ දිනවල පැවැත්වෙන එංගලන්ත – ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට පෙර දිනයේ පුහුණුවීම් අතරතුර (11) ස්ටීව් ස්මිත්ගේ හිසේ පන්දුවක් හිසේ වැදීම නිසාවෙන් යම් ආබාධයකට ලක්විය. ඒ නිසාවෙන් ඔහුට පළමු තරගය මඟ හැරී ගියත් දෙවන වරට පැවැත්වූ වෛද්‍ය පරීක්ෂණයට (concussion test) අනුව ඔහුගේ තත්වය සාමාන්‍ය බව තහවුරු වී ඇත.

ඒ අනුව දෙරට අතර අද (13) මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ අවසන් ක්‍රීඩකයින් 11 තේරීම් සිදු කරන විට ඔහුව ද ඇතුළත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.

තවත් ක්‍රිකට් පුවත්:

“ස්මිත් පළමු වෛද්‍ය පරීක්ෂණයත් සමත් වුනා හැබැයි, අපි අවදානමක් ගන්න ගියේ නැහැ. ඒක නිසා ඔහුට පළමු එක්දින තරගයේ දී විවේකයක් ලබා දුන්නා. අපි ඊයේ (12) ඔහුගේ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදු කළා. ඒකත් සාමාන්‍ය නිසා අපි ඔහුව දෙවන තරගයට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයින් 11 තෝරද්දී ඔහු ගැනත් සලකා බලනවා” යැයි ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන ලදි.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 19කින් ජය ගනිමින් 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ලබාගැනීමට සමත් වූ අතර එම තරගයේ දී අංක තුන පිතිකරු ලෙස ක්‍රීඩා කළ Marcus Stoinis ලකුණු 43ක් ලබා ගනිමින් දස්කම් ප්‍රදර්ශනය කළේය.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙසින් තවත් ආබාධයක් වාර්තා වේ. ඒ ඔවුන්ගේ වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් පළමු තරගයේ පන්දු රකිමින් සිටිය දී ලිස්සා වැටීම නිසා ඔහුගේ කොන්ද ආශ්‍රිතව යම් ආබාධයක් මතුව ඇත. ඔහු පළමු එක්දින තරගයේ දී පන්දුවාර 10ම ක්‍රියාත්මක කරමින් සිය වගකීම ඉටු කළ නමුත් කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට නොහැකි විය.

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය සැප්තැම්බර් 13 වැනිදා මැන්චෙස්ටර් හිදී  දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<