ලෝක පාසල් චෙස් ශූරයා ශ්‍රී ලංකාවෙන්

පාසල් ලෝක කුසලාන චෙස් ශූරතාවය 2023

315
Thehas Kiringoda U9 World School Chess Champion

2023 පාසල් ලෝක කුසලානය චෙස් ශූරතාවයේ වයස අවුරුදු 9න් පහළ විවෘත අංශයේ ශූරතාවය දිනා ගන්නට ශ්‍රී ලාංකික ක්‍රීඩක තෙහස් රිත්මිත කිරින්ගොඩ සමත් වුනා.

අප්‍රේල් 14 වැනිදා සිට 22 වැනිදා දක්වා ග්‍රීසියේ රෝඩ්ස් හිදි පැවති මෙම ශූරතාවයේ දී තෙහස් විසින් ක්‍රීඩකයින් 61 දෙනෙකු අතරින් ලෝක ශූරතාවය දිනා ගන්නට සමත් වීම සුවිශේෂි කරුණක්.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන තෙහස් ශූරතාවය දිනා ගත්තේ 7.5/9ක ලකුණු ප්‍රමාණයක් සමඟිනුයි. 8 වැනි තරග වටයේ දී ඊශ්‍රායල ක්‍රීඩක Idan Eshkol සමඟ පැවති තරගය පමණක් තෙහස් විසින් පරාජය වුනා. තරගාවලියේ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා හිමිකම් කීවේ කසකස්තානය නියෝජනය කරන ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Aisultan Bissaliyev සහ Alimzhan Zhauynbay.

තෙහස් විසින් 4 වැනි වටයේ දී Aisultan Bissaliyev පරාජය කරන්නට සමත් වූ අතර ඊට අමතරව Panormitis Patellis (ග්‍රීසිය), Junyi Zhang (එංගලන්තය), Lucas Torres (ස්වීඩනය), Poyraz Efe Asici (තුර්කිය), Safarullakhan Safin (ඉන්දියාව- Arena FIDE Master) සහ Turbat Todmunkh (මොංගෝලියාව) යන ක්‍රීඩකයින් එක් එක් වටයේ දී පරාජය කරන්නට තෙහස් සමත් වුනා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<