IPL ගැන තීරණය අගමැති මෝදි අතේ

57

මුළුමහත් ලෝකයම එක් තැනක නතර කරමින් මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා සියලු ක්‍රීඩා තරග හා තරගාවලි අවලංගු කිරීමට සිදුව ඇත. 

ලොව ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් ඒ අනුව කල් දැමුණු අතර එයට ටෝකියෝ ඔලිම්පික් උළෙල, යුරෝපා පාපන්දු තරගාවලි මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද ඇතුළත් විය. 

මුම්බායි හි සචින් – විනෝද් ඉන්දියාව කැලඹූ හැටි

1988 වසරේ පෙබරවාරි මස දිනක ඉන්දියාවේ පාසල් අතර පැවැත්වෙන හැරිස් පලිහ කුසලානයේ තරගයක් බොම්බායේ…..

ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වන විට පැවැත්වෙන ධනවත්ම ක්‍රිකට් ලීග් තරගාවලිය බවට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පත්ව ඇති අතර එමඟින් ඉන්දීය ආර්ථිකයට එක්කරන බලපෑම ද අතිවිශාලය. 

කෙසේ වෙතත් ඉන්දියාව තුල කොරෝනා රෝගීන්ගේ ප්‍රබල වර්ධනයක් සිදුවීමත් සමඟින් එරට සම්පූර්ණ වසාදැමීමකට යොමුකිරීම රජය තීරණය කළ අතර ඒ අනුව මාර්තු මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් මස 15 දක්වා කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේය. 

නමුත් පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඉන්දීය ‍රජය ඊයේ (13) තීරණය කළේ ඉන්දියාවේ සම්පූර්ණ වසාදැමීමේ ක්‍රියාවලිය තවදුරටත් දීර්ඝ කිරීමටය. 

ඒ අනුව මේ වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉරණම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අතේ පවතින බව එරට ක්‍රිකට් මණ්ඩලය පවසා ඇත. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා ජාතිය ඇමතීමට නියමිතව ඇති අතර 320කට වැඩි මරණ සංඛ්‍යාවක් සහ රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වීමත් සමඟින් ඇඳිරි නීතිය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කිරීම අපේක්ෂා කෙරේ.

“මේ මොහොතේ, තත්ත්වය ඉතා අවුල් සහගතයි. අගුළු දැමීම අවසන් වන්නේ කවදා දැයි අපි දන්නේ නෑ. අපි එය නොදන්නේ නම්, අපට අර්ථවත් සාකච්ඡාවක් පවා කළ හැක්කේ කෙසේද” යනුවෙන් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් මහතා පැවසීය. 

“අප රජයෙන් පැහැදිලි කිරීමක් ලබා ගත් පසු, අපට වාඩි වී තත්වය පිළිබඳ තොරතුරු ලබා ගෙන තරගාවලිය පිළිබඳ සාර්ථකව සාකච්ඡා කළ හැකියි. තරගාවලියේ අනාගතය පිළිබඳ කිසිම පුරෝකතනයක් කරන්න මේ වෙලාවේ බෑ.” 

ඉන්දීය ප්‍රිමියර් ලීග් සඳහා නිශ්චිත පුරෝකථනයක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි ද අසමත් විය. 

ඩිවිලියර්ස්ට ඉදිරිය ගැන දෙගිඩියාවක්

දකුණු අප්‍රිකානු හිටපු නායක මෙන්ම දක්ෂ පිතිකරුවෙක් වන ඒ. බී ඩිවිලියර්ස් 2020 වසරේ පැවැත්වෙන……

“ප්‍රායෝගිකව කිවහොත් ලෝකයේ සෑම තැනකම ජීවිතය ඇණ හිට ඇති විට ක්‍රීඩාවට අනාගතයක් ඇත්තේ කොතැන ද? “ ඔහු පැවසීය.

මෙම ලීගය ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහා විශාල ආදායමක් උපයන අතර ඉන්දීය ආර්ථිකය සඳහා වසරකට ඩොලර් බිලියන 11කට වඩා උපයා දෙනු ඇතැයි ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් මෙම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී එක් කණ්ඩායමක් තරග විශාල ප්‍රමාණයක් ක්‍රීඩා කරන අතර තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 50කට අධිකය. 

එංගලන්ත හිටපු ක්‍රීඩක කෙවින් පීටර්සන් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් යෝජනා කර ඇත්තේ කණ්ඩායම් අටක තරගාවලිය සති අටක සාමාන්‍ය කාල සීමාවක් දක්වා කෙටි කර ප්‍රේක්ෂකයන් නොමැතිව ක්‍රීඩා කිරීමට හැකි නම් මෙම වසරේ තරගාවලිය අවලංගු කිරීමට සිදු නොවනු ඇති බවයි. 

එසේ නොමැති නම් මෙවර තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත වනු ඇත. සියලු ජාත්‍යන්තර ක්‍රිකට් තරග හා තරගාවලි කල් දැමීමත් සමඟින් ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන අර්බුදකාරී වී ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පෙර සැලසුම් කළ පරිදි පැවැත්වීම සඳහා දින වෙන්කරගැනීම අතිශය අපහසු වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<