“මට කතා කරන්න මීට වඩා හොඳ වෙලාවක් නෑ” – ජෝෂුවා

199

හිටපු හෙවිවෙයිට් බොක්සිං ලෝක ශූර Anthony Joshua (ඇන්තනී ජෝෂුවා) පවසන්නේ වත්මන් WBC (World Boxing Council) ශූර Tyson Fury (ටයිසන් ෆියුරි) විසින් තමන්ට තරගයක් දීමට කාලය හොඳ බවයි.

ජෝෂුවාව පරාජය කළ වත්මන් WBA (World Boxing Association), IBF (International Boxing Federation), WBO (World Boxing Organization) ශූර යුක්‍රේනයේ Oleksandr Usyk (ඔලෙක්සාන්ඩර් උසික්) මේ වන විට සිටින ප්‍රබලතම හෙවිවෙයිට් බොක්සිං ශූරයෙක්. ඔහු ටයිසන් ෆියුරිට එරෙහිව තරගයකට සහභාගී වීමට කැමැත්තෙන් සිටියත්, ෆියුරි ඊට වැඩි කැමැත්තක් නොදැක්වීම බොක්සිං ලෝකය පුරා කතාබහට ලක්වුනා.

Courtesy – New York Times
ටයිසන් ෆියුරි

සාමාන්‍යයෙන් බොක්සිං ශූරයෙකු සියලු සංගම් වල බොක්සිං ලෝක ශූරයා වීමට සියලු සංගම්වල ශූරයන් හා සටන් වැදීම සම්ප්‍රදාය වනවා. එහෙත් ෆියුරි ඉන් වැළකී සිටින බැවින් ජෝෂුවා පවසන්නේ තමන් ෆියුරිට එරෙහිව සටනට සූදානම් බවයි. දෙදෙනාම බ්‍රිතාන්‍ය ජාතිකයන් වන බැවින් එය “බ්‍රිතාන්‍ය මහා සටනක්” වශයෙන් හැඳින්විය හැකි බව ඔහු පවසනවා.

ඔහුට (ෆියුරිට) මාව ඕන, ඒ හින්දා ඔහුට මගේ නම කතා කරන්න මීට වඩා හොඳ වෙලාවක් නෑ. මම ඕනෑම අභියෝගයකට සූදානම් කෙනෙක්,” ඔහු BBCය හමුවේ පැවසුවා.

ඔලෙක්සාන්ඩර් උසික් සමඟින් දෙවරක් සටන් වැද පරාජය වූ ජෝෂුවා හා සටන් නොකළ ෆියුරි, සාපේක්ෂව ලිහිල් ප්‍රතිවාදියෙකු වූ Derek Chisora (ඩෙරික් චිසෝරා) සමඟ සටනක යෙදී ජය ගත්තා.

ඉන්පසුව “ෆියුරි – උසික්” සටනක් පැවැත්වූයේ නම් එය 1999න් පසුව සියලු සංගම්වල ශූරතා වෙනුවෙන් ක්‍රීඩා කෙරෙන පළමු තරගය බවට පත්විය හැකිව තිබෙනවා. මේ වන විට හෙවිවෙයිට් බොක්සිං තලයේ සියලු සංගම් වල ශූරතා තිබෙන්නේ ඔවුන් දෙදෙනා සතුවයි.

Courtesy – Daily post Nigeria
ඔලෙක්සාන්ඩර් උසික්

මම ඒ මට්ටමේ ඉඳලා මම ඒ සටන භාර නොගත්තා නම් මිනිස්සු මට මොනවා නොකියාවි ද?” ජෝෂුවා විමසුවා. ඔහු හෙවිවෙයිට් ශූරයාව සිටි කාලයේ සිටි ප්‍රබලතම සටන්කරුවන් සමඟින් ඔහු සටන් වැදුණා.

මම ඒ සටන භාරගත්තේ නැතිනම් ෆියුරි මට මොනවා කියයි ද?” ෆියුරි වචන හරඹ වලට සමතෙක්.

බොක්සිං වළල්ලට එන ඕන කෙනෙකුට මම ගරු කරනවා. ඒත් මට සමහර වෙලාවල්වල දී හිතෙනවා සමහරු කට ගැන පොඩ්ඩක් බලාගත්තොත් හොඳයි කියලා,” ජෝෂුවා පැවසුවා.

ඇන්තනී ජෝෂුවා, Jermaine Franklin (ජර්මේන් ෆ්‍රෑන්ක්ලින්) සමඟින් එළඹෙන සෙනසුරාදා (01) සටන් වදිනවා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<