පරාජය දරාගත නොහැකිව පහර දීම

334

ඇමරිකා එක්සත් ජනපදයේ ඕක් පාක් හිදී පැවති වයස අවුරුදු 14න් පහළ මල්ලව පොර තරගයක් අවසානයේ දී එක් ක්‍රීඩකයෙකු විසින් අනෙකාට පහර දී තිබෙනවා. පහර කෑ ක්‍රීඩකයා එක පහරින්ම බිම ඇද වැටුණා.

සමාජ ජාලා තුළ සංසරණය වන වීඩියෝවකට අනුව Hafid Alicea (හෆීද් ඇලීසියා) නම් වැරදිකාර සිසුවා විසින් Cooper Corder (කූපර් කෝඩර්) හට පහර දුන්නේ තරගය නිමා වී දෙදෙනා අතට අත දීමට සූදානම් වූ අවස්ථාවේ දීයි. ඇලීසියා තරගය පරාජය වී තිබුණා.

මට නැවත අභියෝග කරන්න අවශ්‍ය වුනේ නෑ. පැහැදිලිවම මට නැවත පහරක් කන්න අවශ්‍ය වුනේ නෑ,” පහර කෑ කූපර් CBS වෙත පැවසුවා. ඔහු තරගයේ ජයග්‍රාහකයායි.

Beat the Streets Chicago නම් තරගාවලිය වෙනුවෙන් දෙදෙනා තරග වදිමින් සිටියා. තරගාවලිය පැවැත්වුණේ යොවුන් ක්‍රීඩකයන්ගේ මල්ලව පොර දස්කම් සහ ජීවන කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන්.

කෙසේ වෙතත් පහර දීම සම්බන්ධව ඕක් පාක් පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනවා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<