මිහිරාන් උස්බෙකිස්තානය බලා

240

ජාත්‍යන්තර බොක්සිං සංගමය විසින් සංවිධානය කෙරෙන ලෝක පිරිමි බොක්සිං ශූරතා තරගාවලිය එළඹෙන අප්‍රේල් 30 වැනිදා සිට මැයි 14 වැනිදා දක්වා උස්බෙකිස්තානයේ දී පැවැත්වෙන අතර ඊට සහභාගී වන ශ්‍රී ලංකාවේ G.P.U. මිහිරාන් අද (21) දිවයිනෙන් පිටත් වුනා.

තරගාවලිය පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේ ටෂ්කෙන් නුවර දීයි. ලොව නන් දෙසින් පැමිණෙන බොක්සිං ශූරයන් මීට සහභාගී වනු ඇති. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයට පිවිසෙන මිහිරාන් කිලෝ ග්‍රෑම් 51, ෆ්ලයිවෙයිට් බර පන්තියෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔහුට පුහුණුකාරීත්වයෙන් දායක වන්නේ ප්‍රවීණ බොක්සිං ක්‍රීඩකයින් වන හර්ෂ කුමාර සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ ලේකම් අබ්දුල්ලා ඉබුනු මහතායි. මිහිරාන්ට ThePapare.com සුබ පැතුම්!

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<