ගෙවුනු දවස අගෝස්තු 15 – හේරත්ගෙන් සහනයක්

236
ගෙවුනු දවස August - 15

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.


ක්‍රිකට්

සංජය නොදැවී ඉදිරියට

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟයේ දෙවන දිනය ඊයේ (15) පොට්චෙෆ්ස්ට්රෑම් හිදී පැවැත්විණි. ඊයේ දිනය සඳහා තරඟය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංවර්ධන  කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 299ක් ලබාගැනීමට සමත් විය. මෙහිදී සංජය චතුරංග විශිෂ්ට ඉණිමක නොදැවී නිරත විය.

ලකුණු සටහන:

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම පළමු ඉණිම – 394 -10 (95.1): ජේසන් ස්මිත් 124,  පැට්රික් කුරුගර් 58*, ජොකොබ්ස් ලෙවුස් ඩියු ප්ලොයි 46, අමිල අපෝන්සු 5/95, කේෂාන් විජේරත්න 2/76

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම – 299-9 (72): සංජය චතුරංග 74*, සඳුන් වීරක්කොඩි 56, නිමන්ත ප්‍රනාන්දු 39, බජ්රන් කාල් වොර්චුවින් 6/99

සම්පූර්ණ ලිපිය: සංජයගේ සටන්කාමී ඉණිම නොදැවී ඉදිරියටම

රංගනගේ උත්සහය ශ්‍රී ලංකාවට තල්ලුවක්

කොළඹ SSC ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 3වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3වන දිනය අවසන් වන විට, වරෙක ඔස්ට්‍රේලියාව අතැතිව තිබු තරගයේ වාසිය මදක් ශ්‍රී ලංකාව වෙතට හරවන්නට රංගන හේරත් ප්‍රමුඛ පන්දු යවන්නන් සමත් විය. ඒ එක් කඩුල්ලකට ලකුණු 267ක් ලබා සිටි ඕස්ට්‍රේලියාවේ අවසන් කඩුලු 9 ලකුණු 112කට බිඳ දමමිනුයි.

ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට ඕස්ට්‍රේලියානුවන් පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 141ක් ලබා සිටින ලදී. ඊයේ දිනය තුළ අර්ධ ශතක ලබා සිටි ෂෝන් මාෂ් සහ නායක ස්ටීවන් ස්මිත් දෙදෙනාම ඊයේ දිනය තුල තම ශතක සම්පූර්ණ කර ගන්නට සමත්විය.

සම්පූර්ණ ලිපිය: රංගනගේ දඟ පන්දුවෙන් ශ්‍රී ලංකාවට සහනයක්


රියෝ ඔලිම්පික්

නිලූකට ජයග්‍ර‍හණයක්

රියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි කේවල බැඩ්මින්ටන් තරගාවලියේ මූලික වටය සඳහා P කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න තම අවසන් තරගයේදී වටිනා ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. ඒ පෝලන්තයේ ඒඩ්‍රියන් ජියෝල්කෝව තරග වට 2-0ක් ලෙස පරාජය කරමිනුයි.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම පැවති මේ තරගයේ පළමු තරග වටය ලකුණු 21 – 19ක් ලෙස ජයගන්නට නිලුක සමත් විය. දෙවන තරග වටයේදී ජියෝල්කෝගෙන් විශාල අභියෝගයක් එල්ල වුවද අතිරේක ලකුණු සංඛ්‍යාවක් දක්වා ඇදීගිය එම වටයද නිලූක ජයගත්තේ ලකුණු 24 – 22ක් ලෙසිනි.

දවසේ නිමාව