හම්බන්තොටෙන් ඇරඹෙන Dialog Beach Soccer වසන්තය

Dialog Beach Soccer Championship 2021

307
Dialog Beach Soccer

ශ්‍රී ලාංකීය පාපන්දු පිටියට නව මුහුණුවරක් ගෙන දෙමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන Dialog Beach Soccer Championship 2021 තරගාවලිය මේ සෙනසුරාදා (03) ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය හම්බන්තොට golden beaches හීදී පැවැත්වීමට සූදානම් කර ඇති අතර එහි පළමු අදියර සඳහා කණ්ඩායම් 13ක් සහභාගී වීමට නියමිතයි.

මෙම තරගාවලිය පසුගිය වසරේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් එය දින නියමයකින් තොරව කල්දැමීමට සංවිධායකයන්ට සිදු වුනා.

Beach Soccer ක්‍රීඩාව දිවයින පුරා ප්‍රවර්ධනය කර එමගින් ජාතික Beach Soccer සංචිතය සඳහා නව දක්ෂයින් සොයා ගනිමින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම මෙම තරගාවලියේ අරමුණ වන අතර තරගාවලියේ පළමු අදියර හම්බන්තොට, Vevetithurai, මීගමුව සහ කල්මුණේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

03 වැනිදා ආරම්භ වන තරගාවලියේ මුල් අදියර සඳහා Hambantota Kings, Hambantota Hornets, Matara Marines, Matara Eagles, Galle Stallions, Galle Giants, Ambalangoda Titans, Ambalangoda Avengers, Beruwala Blues, Beruwala Lions, Kalutara Royals සහ Kalutara Knights යන කණ්ඩායම් සහභාගී වේ.

එමෙන්ම මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ශ්‍රී ලාංකීය පාපන්දුවට සෑම විටම අගනා සේවාවක් ඉටු කරන Dialog Axiata ආයතනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමඟින් අත්වැල් බැඳගෙන ඇත.

තවත් පාපන්දු පුවත්: 

මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ වෙරළ පාපන්දු ක්‍රීඩාව යනු විවිධ ආකාරයේ ප්‍රතිඵල සහ ජයග්‍රහණ ලබා ගත හැකි ක්‍රීඩාවක් බවයි.

“මෙය ශ්‍රී ලංකාව වෙත සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හැකි තරගාවලියක් විය හැකියි, එමෙන්ම මේ තුළින් ජාත්‍යන්තර තරගාවලි හී සත්කාරකත්වය මෙරටට ලබා ගැනීමට හැකි වෙයි. 

සංචාරක කර්මාන්තය සඳහා වඩාත් සුන්දර වෙරළ තීරයන් ශ්‍රී ලංකාව සතුව තියෙනවා වගේම ඒවා වෙරළ පාපන්දු සඳහා ද භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට කුඩා ඉඩ පරාසයක් තුල අඩු ක්‍රීඩක සංඛ්‍යාවක් යොදා ගනිමින් සාර්ථකව පුහුණුවීමට ද ඒවාගෙන් ඉඩ ලැබෙනවා. එය ශ්‍රී ලංකාවට ලැබෙන අමතර වාසියක්” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට <<