ගෙවුනු දවස: ඔක්තෝම්බර් 18 – සඳුන් සහ කුසල් සාර්ථක ආරම්භයක

499
U19 Schools CricketSri Lanka A vs West Indies A 3rd Test match

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –

පළමු දිනයේදී සාර්ථක ආරම්භයක්

සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වුනු දෙවැනි සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී කොදෙව්වන් ලැබූ දැවැන්ත ජයග්‍රහණයත් සමඟින් ඔවුන් ඊයේ (18) ආරම්භ වුනු තෙවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා සහභාගී විය. තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දිමුත් කරුණාරත්න වෙනුවට ආදේශ කල නවක ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි සහ ආබාධයකට ලක්ව සුවය ලැබීමෙන් පසුව පිටියට පිවිසි කුසල් ජනිත් යන ක්‍රීඩකයින් දෙපල විසින් ශ්‍රී ලංකා පළමු ඉණිමට සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූ අතර පළමු කඩුල්ල සඳහා කොදෙව් පන්දු යවන්නන් නොසිතූ ලෙස ලකුණු 133ක දැවැන්ත ලකුණක් කරා යෑමට ශ්‍රී ලංකා ආරම්භ පිතිකරණ යුගලයට හැකිවිය.

ශ්‍රී ලංකා A පළමු ඉණිම (පළමු දිනය අවසන් වනවිට) – 272/07 (80): සඳුන් වීරක්කොඩි 79, කුසල් ජනිත් 69, චරිත් අසලංක 46, රොශ්න් සිල්වා 40*, රහකීම් කෝන්වල් 3/93, ඩිලොරන් ජොන්සන් 2/43

සම්පූර්ණ ලිපිය: තෙවැනි ටෙස්ට් තරගයට සඳුන්ගෙන් සුපිරි ඇරඹුමක්

පැතුම්ගේ ශතකයෙන් ඉසිපතනයට ජය

ඊයේ දිනයේ (18) නිමාවට පත්වූ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග අතුරින් කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කල අතර පැතුම් නිස්සංකගේ සහ කවිශ්ක අන්ජුලගේ ශතක දෙකත්, කෞමාල්ගේ සහ ලහිරුගේ දක්ෂ පන්දු යැවීමත් මෙම විද්‍යාල දෙකට ජයග්‍රහණ වාර්තා කරන්නට ප්‍රබල පිටුවහලක් සැපයීය.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 53.2) පැතුම් නිස්සංක 101, හේෂාන් ප්‍රනාන්දු 74, කවීෂ ජයතිලක 5/26, රෙෂාන් කවිෂ්ක 2/46, මහේෂ් තීක්ෂණ 2/56.

ඉසිපතන විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 3ක් දැවී ලකුණු 151 (පන්දුවාර 23) සංජුල අබේවික්‍රම 74*, පැතුම් නිස්සංක 42.

සාන්ත බෙනඩික් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 66.5) චමිඳු විජේසිංහ 28, කවීෂ ජයතිලක 27, ලහිරු ඩිල්ශාන් 5/27, සංජුල බණ්ඩාර 2/19.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 4ක් දැවී ලකුණු 129 (පන්දුවාර 32) ඩිලාන් චතුරංග 32, ශනිල්ක නිර්මාල් 28, නෙරංජන්  වන්නිආරච්චි 2/25, මදුෂික සඳරුවන් 2/27.

වේල්ස් කුමර විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 198 (පන්දුවාර 53.2) ඩිලංක මදුරංක 67, විශ්ව චතුරංග 26, සුපුන් වරාගොඩ 4/20, අචිල ඉරංග 4/19.

ආනන්ද විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 309 (පන්දුවාර 78) කවිශ්ක අන්ජුල 144, ශම්මු අශාන් 57, දුෂාන් හෙට්ටිගේ 34, සහන් සුරවීර 31, කෞමාල් නානායක්කාර 6/63.

වේල්ස් කුමර විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 6ක් දැවී ලකුණු 184 (පන්දුවාර 37.4) සනෝජ් ධර්ශික 67, ප්‍රින්ස් අලංක 52, කවිඳු කනේශ් 30, දිලීප ජයලත් 3/53.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 186 (69.1) ලහිරු ලියනගේ 54, හේෂාන් සෙනිර 43, හරීන් වීරසිංහ 6/70, නිදුක මල්සිත් 3/24.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 2ක් දැවී 91 (පන්දුවාර 36) අශේන් බණ්ඩාර 32*.

සම්පූර්ණ ලිපිය: කොළඹ ඉසිපතන සහ ආනන්ද මුල් ඉනිමේ ජයග්‍රහණ ලබති

දිනයක නිමාව