Dialog Beach Soccer ශූරතාවය Hambantota Hornettesට

Dialog Beach Soccer Championship 2021

164

ඊයේ (03) හම්බන්තොට දී පැවති Dialog Beach Soccer තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සත්කාරක නගරය නියෝජනය කළ Hambantota Hornettes කණ්ඩායම සමත් වුනා.

කාණ්ඩ හතරක් යටතේ කණ්ඩායම් 12ක් තරග වැදුණු එම තරගාවලියේ මූලික වටයේ සිය කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වයට දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව හිමි වුනා.

ඒ අනුව A කාණ්ඩයේ ප්‍රථම ස්ථානය Galle Stallions කණ්ඩායමට හිමි වූ අතර දෙවැනි ස්ථානය Ambalangoda Titans පිළට හිමි වුනා. Kalutara Royals කණ්ඩායමට B කාණ්ඩයේ ප්‍රථම ස්ථානයත් Marara Marines කණ්ඩායමට දෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

C කාණ්ඩයේ ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය පිළිවෙළින් Kalutara Knights සහ Matara Eagles කණ්ඩායම්වලට හිමි වූ අතර Hambantota Hornettes සහ Beruwela Lions කණ්ඩායම් D කාණ්ඩයේ පෙරමුණ දිනා ගනිමින් දෙවන වටයට තේරීපත්වුනා.

අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගයෙන් Galle Stallions පරදවා ගෝල 1-0 ජයක් ලබා ගැනීමට Matara Marines ක්‍රීඩකයන් සමත් වූ අතර Ambalangoda Titans ක්‍රීඩකයන් ගෝල 3-0ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය කරන්නට Kalutara Royals ක්‍රීඩකයන්ට හැකි වුනා.

Beruwala Lions ක්‍රීඩකයන් ගෝල 3-1ක් ලෙස පරදවමින් Kalutara Knights කණ්ඩායමත්, Matara Eagles ක්‍රීඩකයන් ගෝල 3-0ක් ලෙස පරදවමින් Hambantota Hornettes කණ්ඩායමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

පළමු අවසන් පූර්ව තරගයේ දී Kalutara Knights ගෝල 2-1ක් ලෙස පරාජය කළ Matara Marines කණ්ඩායමත්, දෙවන අවසන් පූර්ව තරගයේ දී Kalutara Royals ගෝල 4-1ක් ලෙස පරාජය කළ Hambantota Hornettes කණ්ඩායමත් තරගාවලියේ අවසන් මහා තරගයේ අසුන් වෙන්කරවා ගැනීමට සමත් වුනා.

තවත් පාපන්දු පුවත්: 

තරගාවලියේ පිරිමි අවසන් මහා තරගයට පෙර පැවති කාන්තා තරගයේ ජය Charlie’s Angels කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කළ Wonder Women කණ්ඩායමට හිමි වුනා.

තරගාවලියේ අවසන් මහා තරගය තියුණු සටනකින් පසුව Matara Marines ගෝල 3-2ක් ලෙස පරාජයට පත්කළ Hambantota Hornettes කණ්ඩායම Dialog Beach Soccer ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<