පන්දුවක් වැදී හිස්කබල සෙලවීමක් වුනාම තිබෙන නීතිවල වැදගත්කම

121

Concussion Substitute නැතහොත් පන්දුවක් වැදීමෙන් හිස්කබල සෙලවීමක් වූ පසුව වෙන්නේ මොකක්ද? ඒ සඳහා ක්‍රීඩක ආදේශය වෙන්නේ කොහොමද? සහ එම නීතිය පැනවීමේ වැදගත්කම කතා කිරීම මේ වන විට අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වී තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්ලොවට අධිපති දෙවිඳු සෝබර්ස්!

ඔහුට ක්‍රිකට් පිටියේ කරන්නට නොහැකි දෙයක් තිබුණේම නැත. රෑ එළිවෙන තුරු අඩිපුඩි ගසා කිසිවක් නොවූ…

හිස්කබල සෙලවීමක් කියන්නේ මොකක්ද?

හිස්කබල සෙලවීම නැතහොත් concussion යනු සාමාන්‍ය ට්‍රොමටික් ගණයේ මොළයට සිදු වන ආබාධයක්. සාමාන්‍යයෙන් මෙහි දී සිදු වන්නේ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය ඒ මොහොත තුල දී තාවකාලිකව අඩපණ වීමක් සිදු වෙනවා. සාමාන්‍යයෙන් එයට හේතුව වන්නේ හිසට තදින් පහරක් එල්ල වීම හෝ හිසේ ශීඝ්‍ර චලනයට හේතු වන ඇගේ කොටසකට තදින් පහරක් එල්ල වීමයි.

හිස්කබල සෙලවීමක් වූ විට ක්‍රීඩක ආදේශ තිබීම සහ අනෙක් ආබාධ සඳහා ක්‍රීඩක ආදේශ නොමැත්තේ ඇයි?

සාමාන්‍යයෙන් අනෙකුත් ආබාධවල රිදුම් කැපී පෙනෙන අතර කාලයත් සමඟ එම රිදුම් අඩුවීමක් සිදු වේ නමුත් හිස්කබල සෙලවීමක් වූ විට ඇතිවෙන වේදනාව කැපී පෙනෙන අයුරින් ආබාධය සිදු වූ මොහොතේම කැපී නොපෙනෙන අතර ඒ පිළිබදව අවධානය යොමු නොකළහොත් දෙවන අවස්ථාවේ දී එලෙස හිස්කබල සෙලවීමක් වූ ක්‍රීඩකයාගේ මොළයේ ක්‍රියාකාරිත්වය සිදුවීම වූ පළමු අවස්ථාවට වඩා අඩු  වීමට පුළුවන්.

චන්දිමාල් සහ තරංග ක්‍රිකට් පුහුණුකරුවන් වෙන්න මාන බලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යාපන අංශය විසින් සංවිධානය කරනු ලැබූ දෙවැනි…

හිස්කබල සෙලවීමක් සිදු වූ විට මොළයේ ක්‍රියාකාරිත්වය අඩුවී විශාල ස්නායු ව්‍යාකූලතා ඇති වීමට අවස්ථාව ඇත. එමෙන්ම මෙම ව්‍යාකූලතා විටක බරපතළ විය හැක. එම නිසා හිස්කබල සෙලවීමක් සිදු වූ අවස්ථාවක සිටින ක්‍රීඩකයෙකු පිළිබඳව ඉතාමත් ඉක්මනින් දැඩි අවධානයක් යොමු කර ඔහු පිටියෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තේරුම් ගෙන තිබෙනවා.

නමුත් ක්‍රිකට් ක්‍රීඩාව යනු ධෛර්ය සම්පන්න ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් බැවින් එවැනි අවස්ථාවක් සිදු වූ විටක ක්‍රීඩකයෙකු ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීම අපහසු කරුණක් බවට පත් වුනා.

කෙසේ නමුත් ක්‍රීඩකයන් දස දෙනෙකුගෙන් ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා කිරීම අපහසු නිසා මෙහි පිළිබඳව අවධානය යොමු කල ICCය හිස්කබල සෙලවීමක් සිදු වූ විට ඒ සඳහා ක්‍රීඩක ආදේශකය සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමට ඉඩකඩ ලබා දෙමින් ආබාධයට ලක්වූ ක්‍රීඩකයාට අවශ්‍ය ප්‍රතිකාර නිසි ආකාරයෙන් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන ලෙස මෙම ක්‍රීඩක ආදේශනය වෙනුවෙන් නව නීති සැකසීමට තීරණය කළා.

හිස්කබල සෙලවීමක් වී ඇති බවට තිබෙන ලක්ෂණ මොනවා ද?

සිහිමද ගතිය, ඔක්කාරය, දෘශ්‍ය ආබාධ, සමබරතාව සහ සම්බන්ධීකරණය ගිලිහී යාම, කරකැවිල්ල, ක්ෂණික මතකය නැති වී යාම හිස්කබල සෙලවීමක් වී ඇති බවට තිබෙන සාමාන්‍ය ලක්ෂණ වෙනවා

හිස්කබල සෙලවීමක් සඳහා සිදු කරන පරීක්ෂණය සිදු කිරීමට භෞතික චිකිත්සකවරයා සතු දැනුම සහ සුදුසුකම් ප්‍රමාණවත් ද?

සාමාන්‍යයෙන් සුදුසුකම් සම්පූර්ණ කරන ලද වෛද්‍යවරයෙකු විසින් මෙම පරීක්ෂණය සිදු කළ යුතු වුවද සියලුම කණ්ඩායම් සතුව තරගය පැවැත්වෙන අවස්තාවන් වලදී වෛද්‍යවරයෙකු නැති බැවින් භෞතික චිකිත්සකවරයෙකු මේ සඳහා සියලු සුදුසුකම් සපුරා ඇති අයෙකු ලෙස සැලකීමට සිදු වෙනවා.

නමුත් මේ වන විට ICC විසින් පවත්වන සියලුම මට්ටමේ තරග සඳහා වෛද්‍යවරයෙකුගේ අවශ්‍යතාව පිළිබඳව දැඩි ලෙස සලකා බලමින් සිටින අතර අනාගතයේ දී වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යවරුන් කණ්ඩායමක් එක් තරගයක් සදහා අනිවාර්ය කිරීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.

චමරි සහ ඩිලානි අර්ධ ශතක ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ…

හිස්කබල සෙලවීමක් වී ඇති බවට තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණය සිදු කරන අයුරු?

  • ක්‍රීඩකයාගෙන් ඔහුට ඔලුවේ කැක්කුමක් හෝ කර කැවිල්ලක් තිබේ දැයි ඇසීම.
  • ඔහුගේ සමබරතාව පිළිබඳව දැඩි ලෙස පරික්ෂා කිරීම.
  • ඔහුගේ මතකය පිළිබඳව දැන ගැනීම සඳහා සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න කිහිපයක් ඇසීම.
  • එමෙන්ම පිටියේ ඇති දැන්වීම් පුවරු කියවීමට ලබා දීම.

ක්‍රීඩකයෙකුට දිගටම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දුන්න ද, ප්‍රථම නිරීක්ෂණයේ දී මගහැරී ගිය රෝග ලක්ෂණ පිළිබඳව නිරීක්ෂණයට එම තරගයේ වීඩියෝ පුනරුපන දිගින් දිගටම නිරීක්ෂණය කරනු ලබනවා. මෙම පුනරූපණ මගින් හිස්කබල සෙලවීමක දී තිබෙන ලක්ෂණ දැක ගැනීමට හැකි වුවොත් වහාම එම ක්‍රීඩකයාව ක්‍රීඩා පිටියෙන් ඉවත් කොට ඒ සඳහා ඉතාමත් ඉක්මනින්ම ප්‍රතිකාර ලබා දීම වැදගත් වෙනවා.

මේ ක්‍රමයේ වැරදි අඩුපාඩු තිබේ ද?

ඔව් ඕනෑම යම් නව නීතියක් හෝ කොන්දේසියක් පැනවූ විට එහි යම් දුර්වලතාවයන් හඳුනා ගනිමින් එයිනුත් වාසි ලබා ගැනීමට මිනිසුන් උත්සහ කරනවා. එය මිනිස් ස්වභාවයේ හැටියක්. ඒ කොහොම වුනත් ICC විසින් මේ ක්‍රීඩක ආදේශනය සඳහා අනුමැතිය ලබා දෙන විටම ආබාධයට ලක්වෙන ක්‍රීඩකයා පිතිකරුවෙක් ද, පන්දු යවන්නෙක් ද ඒ සඳහා ආදේශ වන ක්‍රීඩකයා පන්දු යවන්නෙක් ද පිතිකරුවෙක් ද? යන වග දැඩිව සලකා බලනවා. එය තරගයේ ස්වභාවය අනුව ඒ ඒ කණ්ඩායම් මේ ක්‍රීඩක ආදේශනය ඔවුන්ගේ වාසියට හරවා ගන්නා අවස්ථාවන් ද නැතිවාම නොවේ.

ඒ කොහොම වුනත් මෙවැනි අවස්ථාව මතු වුනාම ඒ ලබා දෙන ක්‍රීඩක ආදේශය සඳහා එම තරගයේ තරග තීරක තරග විනිසුරුවරුන්ගේ අනුමැතිය හිමි වීම අනිවාර්ය වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<