චන්දිමාල් සහ තරංග ක්‍රිකට් පුහුණුකරුවන් වෙන්න මාන බලයි

95

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යාපන අංශය විසින් සංවිධානය කරනු ලැබූ දෙවැනි අදිරයේ (Level – ii) පුහුණු පාඨමාලාව ඔක්තෝබර් මස 28 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී සාර්ථකව නිමාවට පත්විය.

චමරි සහ ඩිලානි අර්ධ ශතක ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා…………

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අධ්‍යාපන ඒකකය විසින් නිර්මාණය කරන ලද මෙම දෙවැනි අදිරයේ පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 20 දෙනෙකු සහභාගි වූ අතර ඒ අතර ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නායකයින් දෙදෙනෙක් වන දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක් වේ.

පසුගිය ඔක්තෝබර් මස 22 වැනිදා සිට පුරා දින 6ක් තිස්සේ ක්‍රියාත්මක වූ මේ පුහුණු පාඨමාලාවට ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වුණු ශ්‍රීපාලි වීරක්කොඩි සහ රන්දිකා ගල්හේනගේ ද ඇතුළුව පළමු පෙළ සහ පාසල් මට්ටමේ පුහුණුකරුවන් සහභාගී වූහ. 

පෙර පැවති පුහුණු ක්‍රමවේදයන් වෙනුවට නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ක්‍රීඩකයන් තුළ මානසික කුසලතා වර්ධනය කිරීම, නව පුහුණු ක්‍රමවේදයන් භාවිතය, ඵලදායී පුහුණු සැලසුම් ගොඩ නැගීම සහ කුසලතා වැඩිදියුණු කරන ආකාරය පිළිබඳව වූ අවබෝධය පුහුණුකරුවන් තුළ වැඩි කිරීම මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණු අතර ඉදිරියෙන්ම තිබේ.

ඊට අමතරව උසස් පිතිකරණය, වේගපන්දු යැවීම, දඟපන්දු යැවීම, පන්දු රැකීම සහ කඩුලු රැකීම යන අංශ මෙන්ම නවීන පුහුණු ක්‍රමයන් භාවිතයෙන් ක්‍රීඩකයින්ගේ කුසලතා දියුණු කිරීම, පුහුණුකරුවකුගේ වගකීම අවබෝධ කර දීම ඉගැන්වීම හා ඉගෙනීමේ කුසලතා වර්ධනය, නිපුණතා අත්පත් කර ගැනීම, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව හෙවත් ජෛව යාන්ත්‍රන විද්‍යාව භාවිතය සහ මානසික තත්වයන් වර්ධනය කර ගැනීම මෙන්ම සන්නිවේදනය සහ එය නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කිරීම මෙම පාඨමාලාවේ අවධානය යොමු වුණු අනෙකුත් අංශ බවට පත්විය. 

ධර්මරාජ – සහිරා තරගයේ පළමු ඉනිමත් සම වෙයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් …………

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අධ්‍යාපන ඒකකයේ පුහුණු ප්‍රධානී හේෂාන් ද මෙල්, තාරක සමරතුංග සහ චමිල ගමගේ යන මහත්වරුන් විසින් නිර්මාණය කොට මෙහෙයවනු ලැබූ මෙම පාඨමාලාව තුල හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන රංගන හේරත්, ප්‍රසන්න ජයවර්ධන සහ රවීන්ද්‍ර පුෂ්පකුමාර යන මහත්වරු ද උපදේශකවරුන් ලෙස කටයුතු කළහ.  

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (ICC) උත්තරීතර විනිසුරු මණ්ඩලයේ විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේන මහතා විසින් මානසික තත්ත්වය වර්ධනය කර ගැනීම පිළිබඳව වූ සැසිය පැවැත්වීම ද මෙම පාඨමාලාවේ ගුණාත්මකභාවය වැඩි කරවන්නක් විය. 

ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවකු වන සුමිත්‍ර වර්ණකුලසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල කාර්යය සාධන අංශයේ ඩිල්ශාන් ෆොන්සේකා, අරවින්ද ජයදේව, දිස්ත්‍රික් පුහුණුකරුවකු වන ශානක ප්‍රනාන්දු ද උපදේශකවරුන් ලෙස කටයුතු කළහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<