“LPL ලබන අගෝස්තුවේ දී” – ශම්මි සිල්වා

109

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් හඳුන්වා දීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසා සිටියේ එළඹෙන අගෝස්තුවේ දී “ලන්කන් ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනු බවයි.

ශම්මි සිල්වාට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹෙන අගෝස්තු මස මැද, එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන ‘The Hundred’ තරගාවලියට පසුව ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සංවිධානය කරනු ඇති බවයි. ‘The Hundred’ තරගාවලිය ජූලි මස 17 දා සිට අගෝස්තු මස 15 දක්වා පැවැත්වෙන අතර ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක් එම තරගාවලිය සඳහා සහභාගී වනු ඇත.

“අපි බලාපොරොත්තු වෙනවා LPL තරගාවලිය 2020 අගෝස්තුවේ දී ආරම්භ කරන්න. මේ වන විට අපි තරගාවලිය සඳහා මූලික කටයුතු හා ගිවිසුම් සුදානම් කරමින් සිටින්නේ. තවත් මාසයක් ඇතුළත අපි සියලු දේම තහවුරු කරනවා.”

Photos: Announcing of the National Team’s New Coaching Appointments

සිල්වා මහතා ශ්‍රී ලංකා ප්‍රිමියර් පළමු පෙළ තරගාවලියට සහභාගී වන කණ්ඩායම් ගණන අඩු වනු ඇති බවට ද ඉඟියක් ප්‍රකාශ කර සිටියා.

“දේශීය තරග පිටියේ A කාණ්ඩයේ පළමු පෙළ තරගාවලිය කණ්ඩායම් 10ක තරගාවලියක් කරන්නත් B කාණ්ඩයත් එලෙසම කණ්ඩායම දහයකට සීමා කරන්නට ඉදිරි වසර දෙක තුළ කටයුතු කරනවා.”

කමිඳුගේ ප්‍රවේගකාරී ශතකයෙන් SAG උළෙල හැඩවෙයි!

යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස් වාර්තා කළ විශිෂ්ට ශතකය නිසාවෙන් දකුණු….

මීට අමතරව ශම්මි සිල්වා මහතා තවත් තීරණ කිහිපයක් ද මාධ්‍ය හමුවේ දී නිවේදනය කළේය. මේ එම තීරණ සියල්ල සැකෙවින්.

  • LPL තරගාවලිය එළඹෙන අගෝස්තුවේ.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් A කාණ්ඩයේ තරගාවලියේ කණ්ඩායම් 10ක් දක්වා අඩු කිරීම.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් B කාණ්ඩයේ තරගාවලියේ කණ්ඩායම් 10ක් දක්වා අඩු කිරීම.
  • දේශීය ක්‍රීඩකයින් 70ක් කොන්ත්‍රාත්තු ගත කිරීම
  • A කාණ්ඩයේ ක්‍රීඩා සමාජයකට අමතර රුපියල් මිලියන 9ක ආධාර
  • A කාණ්ඩයේ ක්‍රීඩා සමාජයකට අමතර රුපියල් මිලියන 5.5ක ආධාර
  • ඛෙත්තාරාමයට නව ක්‍රීඩා නේවාසිකාගාරයක්.
  • ඛෙත්තාරාම, පල්ලෙකැලේ හා දඹුල්ලේ ගෘහස්ථ පුහුණුවීම් දැල් හා පිහිනුම් තටාක ඉදිකිරිම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<