හෙට සිට ශ්‍රී ලංකා ක්‍රීඩාවට අලුත් දෙයක්

656

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයක් ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හෙට (18) විවෘත කිරීමට නියමිත අතර එයට සමගාමීව පවත්වන්නා වූ උත්සවයක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා වන මහේෂ් සේනානායක මහතාගේ මූලිකත්වයෙන් උදෑසන 9ට ක්‍රීඩා අමාත්‍යංශයේ දෙවන මහලේ දී පැවැත්වීමට සූදානම් කර ඇත.

ඔලිම්පික් දිනයට අලුත් වැඩක්

ඔලිම්පික් දින සැමරුම ලෝකය පුරා රටවල් ………

මේ වසරේ දී 13 වැනි වරට පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාල් හිදී කත්මන්ඩු නගරයේ දී පවත්වන බවට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට නිල වශයෙන් දන්වා ඇති අතර එය දෙසැම්බර් මස 01 සිට 10 දක්වා පැවැත්වෙනු ඇත. මේ සම්බන්ධ තවත් සාකච්ඡාවක් පසුගිය සිකුරාදා ක්‍රීඩා අමාත්‍යාංශයේ  පැවැත්වූ අතර එහි දී මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබදව කරුණු බොහොමයක් ප්‍රකාශයට පත්කරන ලදි.

මිලියන 600ක මුදලක් මෙම ක්‍රීඩා උළෙල සඳහා වෙන්කර ඇති අතර ඉන් මිලියන 300ක මුදලක් පුහුණුවීම් සඳහාත්, අනෙක් මිලියන 300 මෙම සංචාරයේ වියදම් සඳහාත් යෙදවීමට තීරණය කර ඇත.

මෙවර තරගාවලියට  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600ක පමණ පිරිසක් සහභාගි වීමට නියමිත අතර ඔවුන් ඉසව් 29කට පමණ සහභාගි වනු ඇත. තවද ක්‍රීඩකයන්ට අමතරව නිලධාරීන් හා පුහුණුකරුවන් 150ක් පමණ පිරිසක් ද තරගාවලිය සඳහා සහභාගි විමට නියමිතයි.

Video – කන්ද උඩරටින් ලොව දිනන්නට පැමිණි ඇය – අමාෂා ද සිල්වා

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ……..

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩකයන්  ජූලි 31ට පෙර දැනුම් දෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති අතර අවසන් සංචිතය ඔක්තොම්බර් 30 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යංශ විසින් කටයුතු සූදානම් කර ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<