Messi, Salah අභිබවා Lewandowski විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සම්මානයට

The Best FIFA Awards 2021

265

පසුගිය දා Zurich හිදි පැවති The Best FIFA Awards 2021 සම්මාන උළෙලේ දී විශිෂ්ටතම FIFA පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නට Robert Lewandowski (Poland/Bayern Munich) සමත් වෙද්දී, විශිෂ්ටතම FIFA පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට Alexia Putellas (Spain/Barcelona) සමත් වුනා.

Lewandowski හට මේ වසරේ Ballon d’Or සම්මානය අහිමි වී ගියත්, Lionel Messi සහ Mohammed Salah අභිබවා යමින් විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නට සමත් වුනා.

Lewandowski සාර්ථක තරග වාරයක් නිමා කරමින් සිය ක්‍රීඩා සමාජ කණ්ඩායම මෙන්ම සිය රට වෙනුවෙන් ද පාපන්දු පිටියේ කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වූ අතර 2021 වසරේ දී ඔහු විසින් ගෝල 69ක් වාර්තා කරමින් Cristiano Ronaldoගේ හොඳම වසර වූ 2013 වසරේ දක්ෂතා සමකරන්නට ද සමත් වුනා.

Putellas විසින් Barcelona කාන්තා කණ්ඩායමට නායකත්වය සපයමින් Champions League, Copa del Reina සහ La Liga තරගාවලි ත්‍රිත්වයම ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර ඇයගේ එම දක්ෂතා නිසාවෙන් ඇය Ballon d’Or සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

සම්මාන උළෙලේ දී Cristiano Ronaldo (Portugal) The Best FIFA විශේෂ සම්මානයෙන් ඇගයීමට ලක් වූයේ ජාත්‍යන්තර පිරිමි පාපන්දු පිටියේ වැඩිම ගෝල වාර්තාව බිඳ දමමින් දැක්වූ දක්ෂතා නිසාවෙනුයි.

සම්මාන උළෙලේ ප්‍රධාන සම්මානයන් මෙසේයි:

  • The Best FIFA Men’s Player – Robert Lewandowski (Poland/FC Bayern Munich)
  • The Best FIFA Women’s Player – Alexia Putellas (Spain/FC Barcelona)
  • The Best FIFA Men’s Goalkeeper – Edouard Mendy (Senegal/Chelsea)
  • The Best FIFA Women’s Goalkeeper – Christiane Endler (Chile/Paris Saint-Germain/Olympique Lyon)
  • The Best FIFA Men’s Coach – Thomas Tuchel (Chelsea)
  • The Best FIFA Women’s Coach – Emma Hayes (Chelsea Women)
  • FIFA Puskas Award – Erik Lamela (Argentina) – For his strike for Tottenham Hotspur against Arsenal [Premier League] (14 March 2021)
  • FIFA Fair Play Award – Denmark national team, Danish medical team and staff
  • FIFA Fan Award – Denmark and Finland fans

FIFA FIFPRO Men’s World 11 –

  • Goalkeeper: Gianluigi Donnarumma (Italy/AC Milan/Paris Saint-Germain
  • Defenders: David Alaba (Austria/Bayern Munich/Real Madrid), Ruben Dias (Portugal/Manchester City), Leonardo Bonucci (Italy/Juventus)
  • Midfielders: Jorginho (Italy/Chelsea), N’Golo Kante (France/Chelsea), Kevin De Bruyne (Belgium/Manchester City
  • Forwards: Cristiano Ronaldo (Portugal/Juventus/Manchester United), Erling Haaland (Norway/Borussia Dortmund), Robert Lewandowski (Poland/Bayern Munich), Lionel Messi (Argentina/FC Barcelona/Paris Saint-Germain)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<