Red Stars සහ Defenders ගැටුම ජය පරාජයෙන් තොරයි

Super League 2021

196

සුපර් ලීග් පාපන්දු තරගාවලියේ අද (06) කොළඹ සුගතදාස පිටියෙහි පැවති Red Stars FC සහ Defenders FC අතර තරගය දෙපිළම ගෝල වාර්තා කරගැනීමට අපොහොසත් වීම නිසාවෙන් සමව අවසන් කිරීමට සිදුවුනා.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන Red Stars FC ක්‍රීඩකයින් පසුගිය සතියේ Sea Hawks FC හමුවේ ලද පරාජය නිසාවෙන් සහ අටවැනි තැන පසුවෙන Defenders FC ක්‍රීඩකයින් Blue Star SC හමුවේ ලද පරාජය නිසා මෙම තරගය දෙපිළටම ඉතා වැදගත් වුනා.

තරග ආරම්භයේ සිටම දෙපිළෙහිම ක්‍රීඩකයින් කරට කර තරග වදින රටාවක් පෙන්නුම් කිරීමට සමත් වූ නමුත් ගෝල වාර්තා කරගැනීමට ලැබූ අවස්ථාවන් සාර්ථක කරගැනීමට නොහැකි වීම නිසා එම අර්ධය ගෝල රහිතව අවසන් වුනා. අර්ධයේ පන්දු පාලනය අතින් පෙරමුණේ පසුවුනේ Defenders කණ්ඩායමයි.

පළමු අර්ධයේ සිදු වූ අඩුපාඩු මගහරවා ගනිමින් ගෝල වාර්තා කරගැනීමේ අරමුණින් කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් තරග බිමට පිවිසි නිසාවෙන් එම අර්ධය තරමක උණුසුම් ස්වරූපයක් ගත්තා.

තරගයේ 53 වැනි මිනිත්තුවේ දී Defenders ක්‍රීඩක රොෂාන් අප්පුහාමි සහ Red Stars ක්‍රීඩක Mohamed Nusky අතර සිදු වූ බහින්බස් වීමක් නිසාවෙන් එම ක්‍රීඩකයින් දෙදෙනාටම අවවාද කර කහ කාඩ් පතක් ලබාදීමට විනිසුරුවරයා කටයුතු කළා.

එම අර්ධය තුළ ද ගෝල වාර්තා කරගැනීමට දෙපිළෙහිම ක්‍රීඩකයින් දැඩි උත්සාහයක නිරත වූවත් ලැබූ අවස්ථාවන් සාර්ථකව නිමා කිරීමට අපොහොසත් වීම නිසා තරගය අවසන් වුනේ ගෝල රහිතවයි.

අවසන් ලකුණු තත්වය: Red Stars FC 0-0 Defenders FC

සුපර් ලීග් තරගාවලියේ තවත් තරග හතරක් හෙට (07) දිනයේ පැවැත්වීමට නියමිතයි. එම තරග තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<