පවතින අයහපත් කාලගුණ තත්ත්වය යටතේ හෙට (23) ආරම්භ වීමට තිබූ Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නැවත වතාවක් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.
මෙම තරගාවලිය පළමු වරට මැයි මස 13 වැනිදා ආරම්භ වීමට නියමිත ව තිබූ අතර එදින පෙරවරුවේ පැවැති අයහපත් තත්ත්වය හමුවේ එම තරග දින නියමයක් නොමැතිව කල් දැමුණා. ඊට පසුවයි තරගාවලියන් හෙට ආරම්භ වීමට නැවත කාලසටහන් නිකුත් කෙරුණේ.
- ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් නව තේරීම් කමිටුවක්
- Major Club විස්සයි විස්ස තරගාවලිය 23 වැනිදා සිට
- SLC සියලුම ආකාරයේ තරග කල් දමයි
- 2026 LPL තරග කාලසටහන ප්රකාශයට පත් කරයි
නමුත් පෙර දින සහ අද දවසේ ද පැවැති අයහපත් කාලගුණ තත්ත්වයන් හමුවේ නැවත වතාවක් මෙම තරගාවලි දින නියමයක් නොමැති ව කල් දැමුණා. මෙම තරගාවලිය සමඟින් අනෙකුත් තරගාවලියන් ද ඒ ලෙසින් ම කල් දැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















