ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මිලියන 15ක තෑග්ගක්

60

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොරෝනා ආසාදිතයන් කල් තියා හඳුනා ගැනීමේ අති නවීන PCR යන්ත්‍රයක් හා ඊට අදාළ පරීක්ෂණ කට්ටල ඇතුළු රුපියල් මිලියන 15ක් වටිනා සෞඛ්‍ය උපකරණ රැසක් ඊයේ (26) ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දී තිබේ.

විස්ඩන් 2000 දශකයේ T20 නායකත්වය ශ්‍රී ලංකාවට

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලික පසුබෑමකට ලක් වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය යළිත් නඟා සිටුවීමේ ජාතික මෙහෙවරට ශක්තියක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මහඟු මෙහෙවර සඳහා සිය දායකත්වය දක්වා තිබේ. 

රජය, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රමුඛ සියලු පාර්ශවයන්ගේ කැපවීම හා වගකීම් සහගත මෙහෙවරත් නිසා කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම හමුවේ රටක් වශයෙන් මෙතරම් ඉක්මනට යථාතත්ත්වයට පත්වීමට හැකි වූ බවත්, ඉදිරියටත් එම තත්ත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලබා දී ඇති සෞඛ්‍ය නිර්දේශවලට ගරු කරමින්, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු එළඹෙන ජුනි මස 01 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත්, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරන ලදි.

එසේම ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන ආයතනය සමඟ කොන්දේසි විරහිතව කටයුතු කිරීමට තම සූදානමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රට වෙනුවෙන් වැඩ හතරම කළ හෂාන්

“මේ උපකරණය ලබා දීම ගැන මම නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නැවත ක්‍රීඩාව ආරම්භ කිරීමෙන් පස්සේ මේ PCR උපකරණය, මතු වෙන අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි පහසුම මෙවලමක් බවට පත් වේවි. ඒ වගේම සියලු දෙනාම බලාපොරොත්තු සහගත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් මේ උත්සව අවස්ථාව සඳහා එක්වූ අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම අවසන් කළේය. 

කොළඹ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ දී පැවති මේ අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශ ලේකම් කේ. ඩී. රුවන් චන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඊ. ඒ. එල්. සී. කේ. එදිරිසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<