Dialog – SLC T20 තරගාවලියේ කණ්ඩායම් කිහිපයක සංචිත වෙනස් වෙයි

Dialog – SLC ආරාධිත T20 ක්‍රිකට් තරගාවලිය 2021

1710

“Dialog – SLC ආරාධිත T20 ක්‍රිකට් තරගාවලිය” අගෝස්තු 12 වැනිදා සිට 24 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මින් පෙර නම් කරන ලද කණ්ඩායම් 4 සංචිතවල යම් යම් වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (11) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

නිල් (Blues), කොළ (Greens), රතු (Reds) සහ අළු (Greys) වශයෙන් කණ්ඩායම් 4ක් මේ තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත අතර එම කණ්ඩායම්වල නායකයින් ලෙස පිළිවෙළින් ධනංජය ද සිල්වා, අශාන් ප්‍රියන්ජන්, දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක කටයුතු කිරීමට නියමිතයි. 

එහි දී පහත නම් සඳහන් වන ක්‍රීඩකයින් තිදෙනාගේ කණ්ඩායම් මාරු වී තිබෙනවා,

01) හිමාෂ ලියනගේ – පැරණි කණ්ඩායම නිල්, නව කණ්ඩායම අළු

02) කමිල් මිශාර – පැරණි කණ්ඩායම කොළ, නව කණ්ඩායම අළු

03) ප්‍රභාත් ජයසූරිය –  පැරණි කණ්ඩායම අළු, නව කණ්ඩායම රතු

එම වෙනස්කම්වලට අමතරව සඳුන් වීරක්කොඩි, ජෙහාන් ඩැනියල්, සංගීත් කුරේ, කොශාන් ජයවික්‍රම, ලහිරු ගමගේ, අශාන් රන්දික, ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් 7 දෙනා සිය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී තිබෙනවා. ඒ නිසාවෙන් ඔවුන්ව මේ තරගාවලිය සඳහා සහභාගී කර නොගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. එසේම ඒ සඳහා එම කණ්ඩායම්වලට වෙනත් ආදේශ ද ලබා දී නැහැ.

ඉන්දීය – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලිය අතරතුර ඇඟිල්ලක ආබාධයකට ලක්වූ භානුක රාජපක්ෂගේ ආබාධය තවමත් සුව වී නොමැති නිසා ඔහුට ද මේ තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

තවද තරගාවලියේ ජෛව ආරක්‍ෂක බුබුලට ඇතුලත් කිරීමට පෙර සිදු කළ PCR පරීක්ෂණවල දී සචිඳු කොළඹගේ, මොහොමඩ් ශිරාස් සහ නිමේෂ් විමුක්ති යන ක්‍රීඩකයින් හට COVID-19 වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. 

තවත් ක්‍රිකට් පුවත්:

තරගාවලියේ මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක අතරට පැමිණෙන කණ්ඩායම් අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත. මේ තරගාවලිය සඳහා සම්පූර්ණ තරග 13ක් ඇතුළත් වෙනවා.

තරගාවලිය ‘Dialog ටෙලිවිෂන්’ නාලිකා අංක 1 ඔස්සේ මෙන්ම ThePapare.com වෙබ් අඩවිය, ThePapare Cricket ෆේස්බුක් පිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව හරහා සහ Dialog ViU App හරහා සජීවීව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

තරගාවලියේ සියලුම තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වෙන අතර සෑම දිනකම තරග 2 බැගින් පැවැත්වෙනු ඇත. පළමු තරගය ප.ව.2.30ට ආරම්භ වන අතර අනෙක් තරගය රාත්‍රී 7.00ට ආරම්භ වෙනවා.

යාවත්කාලීන කිරීම් වලට පසුව තරග වදිනු ලබන නව සංචිතයන්,

SLC Blues – Dhananjaya De Silva (Captain), Angelo Perera (Vice-Captain), Sadeera Samarawickrama, Nishan Madushka,Pawan Rathnayake, Ashen Bandara, Sahan Arachchige, Lahiru Samarakoon, Dhananjaya Lakshan, Suranga Lakmal, Kalana Perera, Dilshan Madushanka, Shiran Fernando, Praveen Jayawickrama, Maheesh Theekshana

SLC Greys – Dasun Shanaka (Captain), Charith Asalanka (Vice-Captain), Minod Bhanuka, Lasith Crosspulle, Nuwanidu Fernando, Chathuranga De Silva, Lahiru Madushanka, Milinda Siriwardena, Udith Madushan, Nuwan Pradeep, Chamika Gunasekara, Matheesha Pathirana, Pulina Tharanga, Ashain Daniel, Himasha Liyanage, Kamil Mishara 

SLC Reds – Dinesh Chandimal (Captain), Avishka Fernando (Vice-Captain), Nipun Dananjaya, Oshada Fernando, Muditha Lakshan, Asela Gunaratne, Lasith Abeyratne, Seekkuge Prasanna, Chamika Karunaratne, Santhush Gunathilaka, Binura Fernando, Asitha Fernando, Himesh Ramanayake, Akila Dananjaya, Prabath Jayasuriya

SLC Greens – Ashan Priyanjan (Captain), Kamindu Mendis (Vice-Captain), Lahiru Udara, Mahela Udawatte, Krishan Sanjula, Pathum Nissanka, Saminda Fernando, Sammu Ashan, Ramesh Mendis, Suminda Lakshan, Ishan Jayaratne, Lahiru Kumara, Vishwa Fernando, Nuwan Thushara, Lakshan Sandakan

තරග කාලසටහන

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<