වසීම් සහ ඉසඩීන් Hattrick වාර්තා කරද්දී Renownට 2-1ක ජයක්

Super League 2021

401

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය පාපන්දු ලීගය වන සුපර් ලීග් පාපන්දු ලීගයේ අවසන් සතියේ තරග අද (10) ආරම්භ වුනා. එහි දී New Youngs, Ratnam සහ Red Star පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට පිළිවෙළින් Defenders, Renown සහ Up Country Lions සමත් වුනා.

Defenders FC සහ New Youngs FC

ගෝල රහිතව අවසන් වූ තරගයකට පසුව Defenders අද තරගයට අවතීර්ණ වෙද්දී Blue Star SC හමුවේ පරාජය වෙමින් New Youngs අද තරගයට අවතීර්ණ වුනා.

ගෝල 6-1ක් ලෙස New Youngsට දරුණු පරාජයක් උරුම කර දෙමින් තරගය ජයග්‍රහණය කරන්නට Defenders ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ ගෝල වාර්තා කිරීම ආරම්භ කළේ New Youngs ක්‍රීඩක M. Mushikhan විසිනුයි. ඉන් අනතුරුව ඊට ප්‍රති ප්‍රහාර දියත් කළ Defenders කණ්ඩායමේ මොහොමඩ් ඉසඩීන් 27 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කළා.

Defenders ලකුණු පුවරුවට සහය වෙමින් New Youngs ක්‍රීඩක සී. ප්‍රනාන්දු 45+2 මිනිත්තුවේ දී Own Goal අවස්ථාවකින් ලකුණක් ප්‍රතිවාදීන්ට ලබා දුන් අතර ඒ සමඟ ප්‍රථම අර්ධය නිමාව දුටුවේ ගෝල 2-1ක් ලෙසයි.

දෙවැනි අර්ධයේ දී පහර පිට පහර එල්ල කරමින් New Youngs අසරණ කරන්නට Defenders ක්‍රීඩකයින් පෙරමුණ ගත් අතර ඉසඩීන් විසින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් 64 සහ 86 වැනි මිනිත්තුවේ දී ගෝල දෙකක් දැල් ගත කළා.

යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජාතික කණ්ඩායමේ ද ක්‍රීඩකයෙකු වන ඉසඩීන් අද යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීම ද විශේෂත්වයක්. ඔහුට අමතරව Rifkhan Mohamed විසින් ද ගෝල දෙකක් වාර්තා කරන්නට සමත් වුනා. ඒ තරගයේ 84 වැනි සහ 89 වැනි මිනිත්තුවල දී.

අවසන් ලකුණු තත්වය: Defenders FC 6 -1 New Youngs FC

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්:

  • Defenders: මොහොමඩ් ඉසඩීන් 27’, 64’ & 86’, Rifkhan Mohamed 84′, 89′, සී. ප්‍රනාන්දු 45+2’ (OG)
  • New Youngs: Mushikhan 22’

Renown SC සහ Ratnam SC

ගෝල 2-1ක් ලෙස Renown ජයග්‍රහණය කරමින් අවසන් වූ මෙම තරගය සඳහා Ratnam ක්‍රීඩකයින් අවතීර්ණ වුනේ පසුගිය සතියේ දී Sea Hawks FC හමුවේ පරාජය වෙමිනුයි. Renown ක්‍රීඩකයින් Up Country Lions FC පරාජය කරමින් ජයග්‍රාහීව අද තරගයට පිවිසියා.

තරගයේ ප්‍රථම අර්ධය ගෝල 1-0ක් ලෙස අවසන් වුනේ Renown පෙරමුණ ගනිමින්. 31 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලය සඳහා හිමිකම් කීවේ දිමුතු ප්‍රියදර්ශනයි.

දෙවැනි අර්ධය ආරම්භ වී 53 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව සම කරන්නට Ratnam ක්‍රීඩක Danso Enoch සමත් වුනා. කෙසේ නමුත් 74 වැනි මිනිත්තුවේ දී Renown ක්‍රීඩක Job Michael විසින් වාර්තා කළ ගෝලයත් සමඟින් 2-1ක් ලෙස තරගය නිමාව දුටුවා.

අවසන් ලකුණු තත්වය: Renown SC 2 – 1 Ratnam SC

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්:

  • Renown: දිමුතු ප්‍රියදර්ශන 31’, Job Michael 74’
  • Ratnam: Danso Enoch 53’

Red Star FC සහ UP Country Lions FC

Renown හමුවේ පරාජය වෙමින් Up Country ක්‍රීඩකයිනුත්, Defenders හමුවේ ගෝල සම වෙමින් අවසන් වූ තරගයක් සමඟින් Red Star ක්‍රීඩකයිනුත් අද තරගයට පිටියට පැමිණියා.

ගෝල 3-0ක් ලෙස අවසන් වූ මේ තරගයේ දී පළමු අර්ධය 1-0ක් ලෙස අවසන් වූ අතර තරග ආරම්භ වී දෙවැනි මිනිත්තුවේ දී ම වාර්තා වූ එම ගෝලය සඳහා හිමිකම් කීවේ වසීම් රාසික්.

තරගය අවසානයේ ගෝල 3ක් වාර්තා කරන්නට වසීම් සමත් වූ අතර දෙවැනි අර්ධයේ 52 වැනි සහ 60 වැනි මිනිත්තුවල දී ගෝල වාර්තා කරමින් ගෝල 3-0ක ජයග්‍රහණයක් Up Country වෙත දිනා දෙන්නට ඔහු සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Red Star FC සහ UP Country Lions FC

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්:

  • UP Country Lions: වසීම් රාසික් 2′, 52′, 60′

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<