බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය එළඹෙන ජුනි මාසයේ දී ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.
මෙම සංචාරයේ දී ඔවුන් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින සහ සිව්දින තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට නියමිතයි. තරගාවලිය සිව්දින තරග ද්විත්වයකින් සහ එක්දින තරග ත්‍රිත්වයකින් සමන්විත අතර, එළඹෙන ජුනි මස 08 වැනි දා සිට ජුනි 26 දක්වා තරගාවලිය ක්‍රියාත්මක වීමට නියමිතයි.
සිව්දින තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එක්දින තරගාවලිය කොළඹ SSC සහ NCC ක්‍රීඩාංගණවල දී පැවැත්වෙනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- පළමු සිව්දින තරගය – ජුනි 08 සිට 11 දක්වා
- දෙවැනි සිව්දින තරගය – ජුනි 15 සිට 18 දක්වා
- පළමු එක්දින තරගය – ජුනි 22
- දෙවන එක්දින තරගය – ජුනි 24
- තෙවන එක්දින තරගය – ජුනි 26
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















