රොෂේන් සිල්වා නිජබිමේ සිය මංගල ජාත්‍යන්තර තරගයට සූදානමින්

271

රී ලංකා මැදපෙළ පිතිකරුවෙක් වන රොෂේන් සිල්වා 2017 වසරේ දෙසැම්බර් මාසයේ ඉන්දීය කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයක දී පළමු වරට ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායමේ සිය ස්ථානය ලබාගත් අතර එම තරගය ද ඇතුළත්ව ඔහු මෙතෙක් සහභාගී වී ඇති තරග හයම ශ්‍රී ලංකාවෙන් එපිට දී  ක්‍රීඩා කර ඇත.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් සටනේ වැඩි බර කා හට ද?

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාසයකට ආසන්න…..

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (12) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර සිය නිජබිමේ දී ක්‍රීඩා කරනු ලබන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සඳහා තමන් හොඳින්ම සූදානම් වී සිටින බව රොෂේන් සිල්වා අද (11) පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී පැවසීය.

“මම ජාත්‍යන්තර තලයේ එකම තරගයක් සඳහාවත් ශ්‍රී ලංකාවේ දී ක්‍රීඩා කරලා නෑ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය දක්වා මෙහෙයවන ක්‍රීඩකයෙක් වෙන්න මම කැමතියි. ඒ සඳහා මම මගේ උපරිම කැපවීමෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි රොෂේන් සිල්වා එහි දී පැවසීය.

රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට සැරසෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රංගන හේරත් මේ වසරේ නොවැම්බර් මස….

නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී තරග තුනම සඳහා ක්‍රීඩා කළ රොෂේන් සිල්වා හට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 85ක් පමණි. ඔහු ඉනිම 6 දී ම දැවී ගියේ කොදෙව්  වේගපන්දු යවන්නන් හමුවේ යම් දුර්වලතාවයක් ප්‍රදර්ශනය කිරීම නිසාවෙනි.

“කොදෙව් දේශයට යන්න කලින් මම ඉතාමත් හොඳින් පුහුණු වීම් සිදු කළා. සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දී ද මට හොඳ දස්කම් අතරට එන්න පුළුවන් වුනා. මම ඒ තරගාවලියේ දී ලකුණු 500කට වඩා ලබා ගත්තා. කොදෙව් දේශයේ තණතීරු අපි  හිතපු තරම් ලේසි වුනේ නෑ. අපි පළමු තරගය පරාජය වුනා. දෙවන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. අවසන් තරගය දිනලා අපි කොහොම හරි තරගාවලිය සමකරගත්තා.”

 

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 6කදී ඉනිම 11ක් ක්‍රීඩා කර ඇති දකුණතින් පිත්ත හසුරුවන රොෂේන් සිල්වා එක් ශතකයක් හා අර්ධ ශතක 3ක් සමඟ 43.77ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින් මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 394ක් රැස්කරගෙන ඇත.

” ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් දක්ෂ හා සමබර කණ්ඩායමක් ඩේල් ස්ටේන්, කැගිසෝ රබාඩා, ලුන්ගි නිගිඩි ඇතුළු ප්‍රබල වේගපන්දු බල  ඇණියක් ඔවුන් සතුව සිටිනවා. ගාලු තණතීරුව දඟපන්දු යවන්නන්ට උචිත විදිහට තමා මෙතෙක් කල් හැසිරිලා තියෙන්නේ. අපේ පිතිකරුවන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට මුහුණ දෙන්න හොඳ සූදානමකින් ඉන්නේ. මේ තරගාවලිය සාර්ථකව අවසන් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දුව දෙපසට දෝලනය කිරීමට උපන් හපනුන් බවත්, අපේ පිතිකරුවන් ද තවදුරටත් එම අභියෝගයට ඉතාමත් හොඳින් පුහුණු විය යුතු බවත් රොෂේන් සිල්වා අවසානයේ දී පැවසීය.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වන අතර එම තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<