වර්ෂාව නිසා ඉන්දියාවට පෙරමුණ අහිමි වෙයි

588

දිගින් දිගටම ඇද වැටුණු අධික වර්ෂාව නිසා අළුබඳුන තරගාවලියේ සිව්වැනි තරගය ජය ගැනීමට එංගලන්තයට තිබූ අවස්ථාව අහිමි වෙද්දී, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් ටෙස්ට් තරගය ජය ගැනීමට තිබූ අවස්ථාව ඉන්දියාවට අහිමි වුනා.  

විරාත් කෝලි ලබා ගත් අගනා ශතකය නිසා පළමු ඉනිමේ ලකුණු 141ක පෙරමුණක් ලබා ගත් ඉන්දියාව දෙවැනි ඉනිමේ ඉන්දීය පිතිකරුවන් දියත් කළ වේගවත් ඉනිම් නිසා කොදෙව්වන්ට තරගය ජයග්‍රහණය කිරීමට ලකුණු 365ක ඉලක්කයක් හිමි වුනා.  

අවසන් දිනයේ දී කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා කඩුලු අටක් අතැතිව ලකුණු 289ක ඉලක්කයක් හිමි වූවත් තරගයේ අවසන් දිනයේ නොකඩවා ඇඳ වැටුණු වර්ෂාව නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනේ ඉන්දීය බලාපොරොත්තු සුන් කරමිනුයි 

මෙම තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට හැකි වූවා නම් ඔවුන්ට 2023-25 ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අවස්ථාවක් හිමිව තිබුණා. 

මෙතෙක් පැවැත්වූ ලෝක ටෙස්ට් ශූරතා දෙකෙහිම අවසන් මහා තරගයට පිවිසි ඉන්දියාව පළමු අවස්ථාවේ නවසීලන්තය හමුවේ සහ දෙවැනි අවස්ථාවේ ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය ලැබුවා.  

ශ්‍රී ලංකාව හමුවේ ලැබූ ජයග්‍රහණය සමඟ පාකිස්තානය මෙවර ලෝක ටෙස්ට් ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන අතර එංගලන්තයට එරෙහිව තරග දෙකක් ජය ගෙන අළු බඳුන රඳවා ගත් ඕස්ට්‍රේලියාව පෙරමුණේ තිබෙනවා.  

ලෝක ටෙස්ට් ශූරතාවයේ මෙතෙක් ප්‍රසාද ලකුණු සටහන

2023 -25 ලෝක ටෙස්ට් ශූරතාවයේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

Hindustan Times ඇසුරිනි 

>>තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<