ගෞරව පදක්කමත් සමඟින් ටේලර්ගෙන් ප්‍රතිඥාවක්

116
Ross Taylor

ප්‍රවීණ පිතිකරු රෝස් ටේලර් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබා ගත හැකි උපරිම ගෞරවය තෙවැනි වතාවටත් දිනා ගත්තේ 2023 ලෝක කුසලානය දක්වා තමන් ක්‍රීඩා කරන බවටත් ප්‍රතිඥා දෙමින්.

ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියා සංචිතය බොහෝ දුරට තෝරා අවසන්

2020 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 18 වැනිදා ඕස්ට්‍රේලියාවේ..

අන්තර්ජාලය ඔස්සේ නවසිලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කර තිබුණු උත්සවයක දී 36 හැවිරිදි රෝස් ටේලර් හට සර් රිචඩ් හැඩ්ලි පදක්කම පිරිනැමුණා. අඛණ්ඩව ලෝක කුසලාන දෙකක් නවසීලන්තය අවසන් මහා තරගය කරා ගෙන යෑමට ඉමහත් සේවයක් ඉටු කළ ක්‍රීඩකයෙක් වූ ටේලර් මේ පදක්කම දිනා ගත්තේ තෙවැනි වතාවට වීම විශේෂත්වයක්.

පසුගිය මාස 12 තුළ නවසීලන්තය  වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා ද වුණු ඔහු පසුගිය දා ආකෘති තුනේම ජාත්‍යන්තර තරග 100ක් ක්‍රීඩා කළ ලොව එකම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක් වුනා.

“ඒක හරිම විශිෂ්ට වසරක්, හොඳ හා නරක දෙකින්ම ඒ වසර පිරී තිබුණා.” ටේලර් පවසා සිටියා.

අඛණ්ඩව ලෝක කුසලාන දෙකකම අනුශුරයින් වුණු නවසීලන්තයට ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ලෝක කුසලානය වාසනාවන්ත වනු ඇති බව ඔහුගේ අදහසයි.

“ලොකුම දේ තමයි, මානසික ශක්තිය හා උනන්දුව දිගටම පවත්වා ගන්න එක. එහෙම කරොත් වයස කියන්නේ ඉලක්කමක් විතරයි.”

ලංකාවේ සිර වී සිටි පාකිස්තානුවන් 5ක් නැවත සිය නිවෙස්වලට

Covid-19 වසංගතය මෙරට තුල පැතිර යාම වළක්වාලීමේ අරමුණින් මේ වන විට දැඩි නීතිමය..

ටේලර් තව දුරටත් පවසා තිබුණේ නවසීලන්ත කණ්ඩායමේ අසුනක් තමාට වෙන්ව තිබෙන තුරු හා තමන් කණ්ඩායමට හොඳින් දායකත්වය ලබා දෙන තුරුම කණ්ඩායමේ රැඳී සිටින බවයි. “මට වයස අවුරුදු 38, 39 ක් වෙද්දී තමයි මීළඟ ලෝක කුසලානය තිබෙන්නේ. අපි එතන ඉඳන් බලමු.”

ටේලර් 2006 වසරේ දී සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ අතර එතැන් පටන් ඔහු ටෙස්ට් තරග 101ක්, එක්දින තරග 232ක් හා විස්සයි විස්ස තරග 100ක් ක්‍රීඩා කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<