පාකිස්තානුවන් පස්දෙනෙකුට මෙරටින් පිටව යෑමේ වරම්

96

Covid-19 වසංගතය මෙරට තුල පැතිර යාම වළක්වාලීමේ අරමුණින් මේ වන විට දැඩි නීතිමය ක්‍රියාමාර්ගයන් රැසක් යටතේ කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති අතර ගුවන්තොටුපළ මෙහෙයුම් තාවකාලිකව සීමා කිරීම මඟින් විදේශයන්ගෙන් රට තුලට රෝගය පැමිණීම නතර කිරීමට ද ඔවුන් සැලසුම් සකස්කොට තිබේ.

තවත් ක්‍රිකට් ජර්සියක් Covid-19 වෙනුවෙන් පිදෙයි

2019 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක………………….

ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් නියෝජනය කරමින් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලි සඳහා තරග කිරීමට මෙරටට පැමිණි පාකිස්තාන ජාතික ක්‍රීඩකයින් පස්දෙනෙකු ඊයේ (01) දිනයේ දී ලාහෝර් සහ කරච්චි නුවර බලා පිටත්ව යාමට නියමිත බවත්, ඊට අවශ්‍ය විධි විධාන සියල්ල මේ වන විට සකස්කොට ඇති බවත් වාර්තා වේ.

මොවුන් 5දෙනාට අමතරව තවත් ක්‍රීඩකයින් 5දෙනෙකු තවමත් තම මව්රට බලා යාමේ අපේක්ෂාවෙන් රැඳී සිටින අතර ඔවුන් ද කඩිනමින් පිටත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කර සිටී.

පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙම තරගවාරය සඳහා ක්‍රීඩා කළ 36 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක කෂිෆ් නවීඩ් සඳහන් කර සිටියේ නැවතත් තම පවුලේ සාමාජිකයින් සමඟ එකතු වීමට ලැබීම සතුටට කාරණයක් බවයි.

මමත් එක්ක තවත් පාකිස්තාන ක්‍රීඩකයින් 17 දෙනෙක් මේ තරගවාරයේ දී ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජ කිහිපයකම තරග කළා. නමුත් මාර්තු මාසේ මුල් සතියේ දී ඒ අයගෙන් 7 දෙනෙක් ආයිත් පාකිස්තානයට ගේන්න ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළා, මොකද එයාලට බළධාරීන්ගෙන් විශේෂ අවධානයක් හම්බුණා.”

ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියා සංචිතය බොහෝ දුරට තෝරා අවසන්

2020 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 18 වැනිදා ඕස්ට්‍රේලියාවේ……………..

නවීඩ් සමඟ පාකිස්තාන බලා යන අනෙක් ක්‍රීඩකයින් සිව්දෙනා වන්නේ මොහ්ටෂීම් අලී (කළුතර නගර ක්‍රීඩා සමාජය), ආහ්සන් බයිග් (ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය), අලී මහීර් (ගාල්ල ක්‍රීඩා සමාජය) සහ කයිසර් අශරාෆ් (නුගේගොඩ ක්‍රීඩා සමාජය) යන අයයි.

මෙරට පාකිස්තාන මහ කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම ක්‍රියාවලිය සිදු වන අතර ඔවුන් මේ සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙමින් කටයුතු කළ බව ද නවීඩ් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අපි කලින් ඉදන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ටිකට්පත් මිල දී ගෙන තිබුණ නිසා වැඩ කටයුතු වඩාත් පහසු වුනා. මම හිතන්නේ ලංකාවේ තවමත් ඉන්න වෙන අනෙක් ක්‍රීඩකයින් පස්දෙනාට කලින් අපිට ගමන් අවසරය ලබා ගන්න පුළුවන් වුනෙත් ඒ නිසයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<