තවත් බේස්බෝල් ශූරතාවයක් හෙටින් ඇරඹේ

313

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලිය මෙම මස (ජුනි) 28 වනදා සිට ජූලි මස 02 වනදා පදවි – ශ්‍රීපුර දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

බටහිර ආසියාවේ බේස්බෝල් ගැටුමට පෙර

මෙවර “බටහිර ආසියානු බේස්බෝල් කුසලානය…….

මෙවර තරගාවලිය සඳහා දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 20ක් සහභාගී වීමට නියමිතය. අලිවංගුව මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී සහ වැලිඔය සම්පත්නුවර මහවැලි ක්‍රීඩාංගණයේදී මෙවර තරගාවලිය පැවැත්වෙනු ඇත.

මෙවර සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලියේ සමාරම්භක උළෙල හෙට (28) දින ප.ව. 4.45 ට ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ සභාපති, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අලිවංගුව මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

බේස්බෝල් ක්‍රීඩාවෙන් රට නැවත එකතු කරමු

ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමය (SLABSA) ……

පසුගිය වසරේ ශූරතාවය හිමිකර ගත් දඹුල්ල වෑවලවැව මහා විද්‍යාල කණ්ඩායම

පසුගිය වසරේදී සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලිය පාසල් 15ක සහභාගීත්වයෙන් දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවැත්විනි. එම තරගාවලිය පුරාවට අපරාජිතව සිටි දඹුල්ල වෑවලවැව මහා විද්‍යාල කණ්ඩායම ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූයේ අවසන් මහා තරගයේදී කොළඹ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ලකුණු 11-05ක් ලෙස පරාජයට පත්කරමිනි. එහි තෙවන ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට හිමි විය.

මෙවර සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලියේ තරග වාර්තා සහ ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟම. 


>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<