සල්පිටි – රයිගම් කෝරල සටන මෙවරත් විසඳුමකින් තොරයි

19 වැනි සල්පිටි රයිගම් කෝරල සටන

337
Taxila Central College vs Piliyandala Central College

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 19 වැනි වරටත් පැවති “සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් තරගය” ඊයේ (28) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි. 

19 වැනි සල්පිටි රයිගම් කෝරල සටනට ක්‍රීඩකයින් අවි අමෝරයි

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 19

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පිළියන්දල කණ්ඩායමේ නායක චමෝද් සඳරු පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

එරංග ජයකොඩිගේ තනි අර්ධ ශතකය නිසාවෙන් තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 164ක් දක්වා ඔසවා තබා ගත් අතර සසංක අදීප ද ලකුණු 27ක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි. 

ඔවුන් දෙදෙනාට හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙක් හට එතරම් සැලකිය යුතු මට්ටමකින් සාර්ථක වීමට අවස්ථාව නොලැබුණු අතර වමතින් පා දඟපන්දු යවන උෂාන් දීමන්ත ලකුණු 51ක් තුල කඩුලු 7ක් බිඳ හෙලමින් තක්ෂිලා පළමු ඉනිම සුනුවිසුනු කර දමන ලදි.

තක්ෂිලා මුල් ඉනිම අවම ලකුණකට සීමා කළ පිළියන්දල කණ්ඩායම අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කිරීම සඳහා පිටියට පැමිණි අතර තරගයේ පළමු දිනය අවසන් වන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 43ක් ලබාගෙන මේ තරගයේ වැඩි වාසිය දිනාගෙන සිටින ලදි.

අනතුරුව ක්‍රියාත්මක වූ තරගයේ දෙවන දිනයේ දී පිළියන්දල මධ්‍ය විද්‍යාල ක්‍රීඩකයින් ඉක්මනින්ම ලකුණු රැස් කරමින් කඩුලු 7ක් දැවී ලකුණු 247ක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ ඉනිම අත්හිටුවන ලදි. 

එහි දී සිතුම් විමල්ක සහ අශේන් රොද්‍රිගෝ අර්ධ ශතක ලබා ගනිමින් දස්කම් අතරට පැමිණියේය. නායක චමෝද් සඳරු සහ සසංක ලක්ෂාන් ලකුණු 27 බැගින් රැස්කරමින් පිළියන්දල මැදි විදුහල් ලකුණු පුවරුව ඉහළ දැමූහ. පන්දු යැවීමේ දී ලකුණු 57 කට කඩුලු 3ක් දවා ගත් සසංක අදීප තක්‍ෂිලා මැදි විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වන ලදි.

Video – ශ්‍රී ලංකාවේ මේ අලුත් වෙනසට හේතුව අලුත් පුහුණුකරුවන් ද? – පිටියේ කතා

ශ්‍රී ලංකා කොදෙව් තරගාවලිය කොහොම අවසන් වෙයිද? අපේ තරග අවසන් කරන්නා

ලකුණු 87ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පිවිසි තක්ෂිලා විද්‍යාලය දෙවැනි සහ අවසන් දිනය වූ ඊයේ තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 99කට කඩුලු 9ක් අහිමි කරගෙන සිටියේය.

ලකුණු 39ක් ලබා ගත් කේෂාන් දිල්මිත් තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලයීය දෙවැනි ඉනිමේ දී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට පිළියන්දල මැදි විදුහල් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.

චමෝද් සඳරු ලකුණු 20කට කඩුලු 4ක් සහ සඳුන් සත්සර ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් පිළියන්දල මැදි විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ. උෂාන් දීමන්ත සහ රුචිර අධිකාරී කඩුලු බැගින් දවා ගැනීමට සමත් වූහ.

තරගය පුරාවට ලකුණු 27ක්, කඩුලු 4ක්, උඩපන්දු 3ක් සහ දුවද්දී දැවී යාමකට දායකත්වය ලබා දුන් පිළියන්දල මැදි විදුහල් කණ්ඩායමේ නායක සඳරු 19 වැනි ‘සල්පිටි රයිගම් කෝරල සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය. 

ලකුණු 72ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ එම විදුහලේම සිතුම් නිම්ලක තරගයේ දක්ෂතම පිතිකරුවාට හිමි සම්මානයත්, පළමු ඉනිමේ දී ලබා ගත් කඩුලු 7ත් සමඟින් තරගය පුරා කඩුලු 8ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ උෂාන් දීමන්ත තරගයේ දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් විය.

තක්ෂිලා මධ්‍ය  විද්‍යාලය – 164 (71.1) එරංග ජයකොඩි 55, සසංක අදීප 27, ගිහාන් මදුභාෂ 21, දේශාන් දිල්මින් 21, උෂාන් දීමන්ත 7/51.  

පිළියන්දල මධ්‍ය විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 247/7d (60.2) සිතුම් විමල්ක 72, අශේන් රොද්‍රිගෝ 59, චමෝද් සඳරු 27, සසංක ලක්ෂාන් 27, සංකා අදීප 3/57.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<