බංග්ලාදේශ ආරම්භක පිතිකරුවාට ආබාධයක්

427

ආබාධයකින් සුවය ලැබීමට නොහැකි වීම නිසා බංග්ලාදේශ ආරම්භක පිතිකරු Tamil Iqbal හට ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගය අහිමි වන බව වාර්තා වෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ඔහු සුවය ලබා නැවත කණ්ඩායමට එක් වෙතැයි බලාපොරොත්තු වූවත්, ඔහුට මෙම තරගය අහිමි වන බව බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කළා.

Tamil Iqbal පසුපස ප්‍රදේශයේ ආබාධයකින් දිගින් දිගටම පීඩා වින්දා. ඔහුට ප්‍රතිකාර කිරීමෙන් පසු ඔහු විශාල ප්‍රගතියක් පෙන්නුම් කළත් අවාසනාවන්ත ලෙස ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඔහුට හැකියාවක් නැහැ,” යැයි බංග්ලාදේශ භෞත චිකිත්සක Muzadded Alpha Sany ප්‍රකාශ කළා.

ඔහුගේ ස්ථානය සඳහා ආදේශක ක්‍රීඩකයෙකු නම් කර නොමැති අතර එම නිසා මෙම ටෙස්ට් තරගයේ දී කෙටි කලකට පසු නැවත කණ්ඩායමට එක් වූ Mahmudul Hasan සහ Zakir Hasan ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මීට පෙර ද ඔහුට මෙම ගැටලුව මතුව තිබූ අතර ඔහු සිය ශාරීරික යෝග්‍යතාව මැනීම සඳහා මිනිත්තු 20ක් පමණ පන්දුවට පහර දීම සිදු කළත් වරින් වර ඔහුට වේදනාව මතුව තිබුණා.

පසුව ඔහු මෙම තරගයට සහභාගී කර නොගැනීමට තීරණය කර තිබුනත්, ඔහු සිය කණ්ඩායම් සගයන් සමඟ කණ්ඩායම් සාකච්ඡාව සඳහා ද එක්ව තිබෙනවා.

ආබාධයක් නිසා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan හට ද මෙම ටෙස්ට් තරගය අහිමි වන නමුත් ඔහු ජූලි මාසයේ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියට සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<