ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

231

2018 වසර සඳහා වන වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියට තේරීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ සත්කාරක ටජිකිස්ථානය අතර B කාණ්ඩයේ තරගය ටජිකිස්ථානයේ දුශාන්බේ නුවර ‘Republican Central Stadium’ හිදී පැවති අතර එහි දී ගෝල 6-0ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට ටජිකිස්ථාන කණ්ඩායම සමත් විය.

උස්බෙකිස්තානයෙන් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රහාරයක්

අබ්දු සැලමෝව්ගේ ප්‍රහාරාත්මක ගෝල 4 නිසාවෙන්, 2018 වයස අවුරුදු 19න් පහළ යොවුන් පාපන්දු ශූරතා තරගාවලියේ…

ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර පැවති තරගයේ දී උස්බෙකිස්තානය ගෝල 10ක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර කෙසේ නමුත් මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරමක් ඉහළ ආරක්‍ෂක ක්‍රීඩා විලාශයක් දියත් කළේය. නමුත් තරගයේ අවසන් මිනිත්තු 15 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්‍ෂක ක්‍රීඩා විලාශය බිඳ දැමූ ටජිකිස්ථාන ක්‍රීඩකයින් එහි දී ඔවුන්ගේ ගෝල සංඛ්‍යාවට තවත් ගෝල 4ක් එක්කර ගන්නට සමත් විය.

ටජිකිස්ථාන කණ්ඩායම සහභාගී වූ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. කෙසේ නමුත් මෙම තරගයේ දී තරගය ආරම්භ වූ මොහොතේ පටන් ඔවුන් ගෝල රැස්කර ගැනීමට උත්සාහ කළ නමුත් මිනිත්තු 30ක කාලයක් යනතුරු එම උත්සාහය ව්‍යර්ථ කර දමන්නට දැඩි ආරක්‍ෂක ක්‍රීඩා විලාශයක් අනුගමනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

ශ්‍රී ලංකා යෞවනයන් මාලදිවයිනට සම වෙයි

ආදේශක ක්‍රීඩකයකු ලෙස දෙවන අර්ධයේ දී පිටියට පිවිසි නෙත්ම මල්ෂාන් ආබාධ සඳහා ලබා දෙන අතිරේක කාලය තුළ දී වාර්තා…

කෙසේ නමුත් තරගයේ 31 වන මිනිත්තුවේ දී ටජිකිස්ථානය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරන්නට අබ්දුල්ලොව් ඇතැම්ජන් සමත් වූ අතර ඉන් මිනිත්තු 2කට පසුව ඔහු විසින් දඬුවම් පහර අවස්ථාවක් හරහා ඔවුන්ගේ දෙවන ගෝලය ද වාර්තා කර ගනු ලැබීය. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවන විට ගෝල 2-0ක් වශයෙන් ඉදිරියෙන් පසුවීමට ටජිකිස්ථානය සමත් විය.

පළමු අර්ධය: ටජිකිස්ථානය 2 – 0 ශ්‍රී ලංකාව     

දෙවන අර්ධයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැඩි ආරක්‍ෂක ක්‍රීඩා විලාශයක් දියත් කළේය. ඒ අනුව ගෝලයක් වාර්තා කර ගැනීම ටජිකිස්ථාන කණ්ඩායමට අපහසු කාර්යයක් වූ අතර ඔවුන්ගේ තෙවන ගෝලය වාර්තා වීමට 75 වන මිනිත්තුව දක්වා කාලය ගතවීය.

එම ගෝලයේ හිමිකරුවා වූයේ ශරිපෝ උමර්ජන් ය. ඉන් මිනිත්තු 4 කට පසුව යොද්ගොරෝව් ඩේලර ඔවුන්ගේ සිව්වන ගෝලය ද වාර්තා කරගත් අතර තරගයේ අවසන් භාගය වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ජවය ගිලිහී ගොස් ඇති ස්වභාවයක් දිස්විය. පසුව ටජිකිස්ථානය වෙනුවෙන් පස්වන ගෝලය වාර්තා කර ගන්නට සැමෙව් ශාරූම් සමත් වූ අතර අනතුරුව ඇතැම්ජන් සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගනිමින් කණ්ඩායමේ හයවන ගෝලය වාර්තා කරගනු ලැබීය.

සම්පූර්ණ කාලය: ටජිකිස්ථානය 6 – 0 ශ්‍රී ලංකාව

ගෝල ලාභීන්

ටජිකිස්ථානය – අබ්දුල්ලොව් ඇතැම්ජන් 31’, 33P’ & 86’, ශරිපෝ උමර්ජන් 75’, යොද්ගොරෝව් ඩේලර් 79’, සැමෙව් ශාරූම් 83’    

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට