තිසර පෙරේරා ලෝක කණ්ඩායමට

1982

ලෝක විස්සයි-20 කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර ජාත්‍යන්තර විස්සයි-20 තරග 3ක් ලබන මස පැවැත්වීමට තීරණය වී ඇත. එම ලෝක විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය දකුණු අප්‍රිකානු කණ්ඩායම් නායක ෆෆ් ඩියු ප්ලෙසිස් හට හිමිව ඇත.

“සූපවේදියෝ වැඩියි, සුප් එක රස නැහැ” – නික් පෝතස්

නැවත නැගිටින්නට දඟලන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සාහය (එවැන්නක් තිබේ නම්) හැම දෙනාගේම ඇඟිලි..

පාකිස්තානු ක්‍රිකට් සභාපති නජාම් සෙතී මහතා අද (24) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඒ පිළිබඳව දැනුම් දුන් අතර, එහි පළමු තරගය සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වේ. එහි අවසන් තරගය  සැප්තැම්බර් මස 15 වන දා පැවැත්වීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කළේය. එසේම මෙහි විශේෂත්වය වනුයේ මෙම සියලුම තරග පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවැත්වීමයි.

ලෝක විස්සයි-20 සංචිතයට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 5 දෙනෙකු අන්තර්ගත වී ඇති අතර, හශිම් අම්ලා, ඩේවිඩ් මිලර්, මෝනි මෝකල්, ඉම්රාන් තාහීර් හා ෆෆ් ඩියු ප්ලෙසිස් ඒ අතර වේ.

ඊට අමතරව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තිදෙනෙකු සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙනෙක් ද ඇතුළත්ය.

තවද නවසීලන්තය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හා එංගලන්තය නියෝජනය කරමින් එක් ක්‍රීඩකයෙක් බැගින් මෙම සංචිතයට ඇතුළත්ය. මෙම සංචිතයට ඉන්දියාව, පාකිස්තානය හා සිම්බාබ්වේ කණ්ඩායම්වල ක්‍රීඩකයින් ඇතුළත් කර නොමැත.

“මම පෞද්ගලිකව සතුටට පත්වෙනවා මට මේ වගේ කණ්ඩායමක නායකත්වය ලබා දුන්න එක සම්බන්ධව. මෙම සංචිතය දක්ෂ හා හොඳ සමබර සංචිතයක්. මෙම සංචාරය මගේ පළමු ලාහෝර් තරගාවලිය වේවි. මම හිතනවා දැන් එහි ආරක්ෂක තත්ත්වය හොඳ මට්ටමක ඇති කියලා.“ යැයි ප්ලෙසිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

තවද උරහිස ආශ්‍රිතව ආබාධ තත්ත්වයක පසු වූ හශිම් අම්ලා ද එයින් සුවය ලබා මෙම තරගාවලිය සඳහා හොඳින් සූදානම් වී සිටින බව ප්‍රකාශ කර ඇත.

ලෝක විස්සයි-20 කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ඇන්ඩි ෆලවර්  මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම තරගාවලිය ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් සුවිශේෂ හා වැදගත් තරගයක් වනු ඇති බවයි. එසේම ලාහෝර් නුවර ක්‍රිකට්ලෝලීන් විශාල ප්‍රමාණයක් මෙම තරගාවලිය නැරඹීමට එනු ඇතැයි ඒ මහතා සිය විශ්වාස කරයි.

ලෝක විස්සයි-20 සංචිතය – ෆෆ් ඩියු ප්ලෙසිස් (නායක), හශිම් අම්ලා, සැමුවෙල් භද්‍රි, ජෝර්ජ් බේලි, පෝල් කොලින්වූඩ්, බෙන් කටින්, ග්‍රාන්ට් එලියට්, තිසර පෙරේරා, තමීම් ඉක්බාල්, ඩේවිඩ් මිලර් , මෝනි මෝකල් , ටිම් පෙයින්, ඉම්රාන් තාහීර් , ඩැරන් සමී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<