HomeTagsOther Sports

Other Sports

ශුරතාව දිනාගත් ගුවන් හමුදාවට එක්ස්පෝ ලංකා හා පොලිසියෙන් අභියෝග – අන්තර් ක්‍රීඩා සමාජ දැල් පන්දු තරගාවලිය

ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය 2015 වසර වෙනුවෙන් සංවිධානය කළ පළමු තරගාවලිය වූ අන්තර් ක්‍රීඩා සමාජ දැල් පන්දු තරගාවලියේ සමස්ත ශුරතාව දිනාගන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්විය.

පස්වැනි වරටත් සභාපති බ්ලැටර්

පසුගිය සිකුරාදා ස්විට්සර්ලන්තයේ සුරිච් නුවරදී පවත්වන ලද ජගත් පාපන්දු සම්මේලනයේ 65 වැනි මහ සභා රැස්වීමේදී පස්වැනි වරටත් එහි සභාපති ධුරයට හිටපු සභාපති ජෝශප් සෙෆ් බ්ලැටර් මහතා තේරී පත්විය.

සුදුසුකම් ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස අබේසිංහ සිංහ ලීලාවෙන් ලෝක පිහිනුම් තරගාවලියට

ලෝක ශූරතා පිහිනුම් තරගාවලිය වෙනුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පිහිනුම් තටාකයේ පැවැති තෝරා ගැනීමේ තරගයකට සහභාගි වූ මැතිව් අබේසිංහ මීටර් 100 නිදහස් ආර ඉසව්ව තත්පර 50.87කින් නිම කරමින් ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්විය.

ජාතික පුහුණුකරු මරණ තර්ජන නිසා රට හැර ගිහින් – යොනෙක්ස්-සන්රයිස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ජුනි 2දා සිට

හිටපු ජාතික පුහුණුකරු වූ මැලේසියානු ජාතික ෂංකර් අන්නමලේට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හා පියවරුන් කිහිප දෙනෙකු එල්ල කළ මරණ තර්ජන හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජාතික පුහුණුකරු ධුරයෙන් ඉවත්ව ගිය බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය මහතා පැවැසීය.

ෆිෆා හොරු 7ක් අත්අඩංගුවට – ජගත් පාපන්දු සම්මේලන සභාපති සටන අදයි

අද ස්විට්සර්ලන්තයේ සුරිච් නගරයේදී ජගත් පාපන්දු සම්මේලන සභාපති සටන පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබියදී සාමුහික පරීක්ෂණ මණ්ඩලයක් විසින් හෙළිකර ගන්නා ලද තොරතුරු මත සුරිච් පාපන්දු සම්මේලනයේ ප්‍රබල නිලධාරීන් 7 දෙනකු ස්විට්සර්ලන්ත පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉතාලිය පැරදූ ලංකාව ස්පාඤ්ඤයට පරදී

තුර්කියේ පැවැත්වෙන ලෝක කණ්ඩායම් රෝද පුටු ටෙනිස් තරගාවලියේදී පසුගිය 25දා ඉතාලිය සමඟ පැවැති තරගය 2-1ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ස්පාඤ්ඤය හමුවේ තරග වට 3-0ක පරාජයක් උරුම කරගත්තේය.

ජූඩෝ ගැන බලන්න කලින් පිල්ලි ගැහිල්ල සොයන්න කමිටුවක්

නාවලපිටියේ ඔටුනු නොපලන් රජවරුන් පිරිසක් විසින් කාලයක් තිස්සේ මූල්‍ය වංචා සිදු කරමින් ජූඩෝ ක්‍රීඩාව තුළ ක්‍රියාත්මක කර තිබූ අක්‍රමිකතා නතර කිරීම සඳහා පියවර ගත් ක්‍රීඩා අමාත්‍යාංශය පසුගියදා එම ක්‍රීඩාවේ පාලනය සඳහා අතුරු පාලන කමිටුවක් පත්කර ඇත.

ඉතාලිය පැරදූ ලංකාව ස්පාඤ්ඤයට පරදී

තුර්කියේ පැවැත්වෙන ලෝක කණ්ඩායම් රෝද පුටු ටෙනිස් තරගාවලියේදී පසුගිය 25දා ඉතාලිය සමඟ පැවැති තරගය 2-1ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ස්පාඤ්ඤය හමුවේ තරග වට 3-0ක පරාජයක් උරුම කරගත්තේය.

දෙවැනි වැඩේට දෙවැනිදාම යොදා ගැනීම අවුලක් – ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලිය

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් දෙවැනි වරටත් පැවැත්වෙන යොනෙක්ස් සන්රයිස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලිය (Yonex Sunrise Sri lanka International Challenge - 2015) ජුනි 2 වැනිදා සිට 6 වැනිදා ආරම්භවීමට නියමිතව තිබුණද ඊට අදාළව අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පිල තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණය අද ඇරැඹේ – ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය

ලබන අගෝස්තු 7 සිට 16 දක්වා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වෙන ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා පිල තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණය අද (26දා) සහ හෙට (27දා) යන දිනයන්හි කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

බේස් බෝල් මහ පුටුව ෆසිල් හුසේන්ට

කොළඹ රාජකීය විද්‍යාලයේ ස්කිල් සෙන්ටර්හිදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා බේස් බෝල් සංගමයේ නව නිලධාරී මඬුල්ල තෝරා පත්කර ගැනීමේ නිලවරණයේදී නව සභාපති ලෙස වෙළෙඳ ව්‍යාපාරිකයකු වන ෆසිල් හුසේන් මහතා නිතරගයෙන් තේරී පත්විය.

දෙවැනි දිනය නිමාවන විට නව තරගාවලි වාර්තා 12ක් – ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය

මේ දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 94 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනයේ දිවාකාලය නිමාවත්ම නව තරග වාර්තා 12ක් බිහිව තිබූ අතර එස්. දුලාංජනී (23න් පහළ කාන්තා තුන්පිම්ම), ප්‍රමෝද් මදුබාෂ් (16න් පහළ දුර පැනීම බාලක), විදූෂා ලක්ෂාණි (20න් පහළ බාලිකා තුන්පිම්ම), එස්.කේ. ධර්මරත්න (20න් පහළ බාලිකා රිටි පැනීම), අනිත්තා ජගතීස්වරන් (20න් පහළ බාලිකා රිටි පැනීම), ඒ.එන්. කරුණාසිංහ (23න් පහළ පිරිමි තුන්පිම්ම), ඩබ්ලිව්. එම්. නියොමාල් (20න් පහළ මිටිය විසි කිරීම), කේ. නප්තාලිජොයිසන් (18න් පහළ බාලක රිටි පැනීම), එස්. දිලක්ෂන් (18න් පහළ බාලක රිටි පැනීම), දිලානි ලක්ෂිකා (16න් පහළ බාලිකා මීටර් 3000 ඇවිදීම), සුදේශ් උදයංග (16න් පහළ බාලක මීටර් 3000 ඇවිදීම), එච්.අයි. සඳරුවන් (23න් පහළ පිරිමි රිටි පැනීම), කේ. කනකේශ්වරී (18න් පහළ බාලිකා මීටර් 5000 ඇවිදීම) සහ පී.බී. ගයානි (23 න් පහළ කාන්තා මීටර් 10000 ඇවිදීම) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අදාළ තරගාවලි වාර්තාවන්හි නව හිමිකාරිත්වය ලබා ගැනීමට සමත්වූහ.

Latest articles

41 players receive national contracts from Sri Lanka Cricket

Sri Lanka Cricket (SLC) announced today that player fees for all categories of Sri...

Photos – SLC Team Red vs SLC Team Green – SLC T20 World Cup Preparation Matches

ThePapare.com | Waruna Lakmal | 10/05/2024 | Editing and re-using images without permission of...

டிக்வெல்ல, அவிஷ்கவின் பிரகாசிப்புடன் SLC டீம் ரெட் அணிக்கு வெற்றி

இலங்கை கிரிக்கெட் சபையின் ஏற்பாட்டில் நடைபெற்று வரும் ஐசிசி T20 உலகக்கிண்ணத்துக்கான பயிற்சிப் போட்டித் தொடரில் இன்று (10)...

சர்வதேச கிரிக்கெட்டிலிருந்து ஓய்வை அறிவித்தார் கொலின் மன்ரோ

நியூசிலாந்து அணியின் அதிரடி ஆரம்ப துடுப்பாட்ட வீரரும், நட்சத்திர வீரருமான கொலின் மன்ரோ சர்வதேச கிரிக்கெட்டிலிருந்தும் ஓய்வு பெறுவதாக...