ඉතාලිය පැරදූ ලංකාව ස්පාඤ්ඤයට පරදී

113

තුර්කියේ පැවැත්වෙන ලෝක කණ්ඩායම් රෝද පුටු ටෙනිස් තරගාවලියේදී පසුගිය 25දා ඉතාලිය සමඟ පැවැති තරගය 2-1ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ස්පාඤ්ඤය හමුවේ තරග වට 3-0ක පරාජයක් උරුම කරගත්තේය.

දෙවැනි කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ ස්පාඤ්ඤය සමඟ පැවැති පිරිමි ඒකල තරගයට සහභාගි වූ උපාලි රාජකරුණා පළමු වටය 7-5ක් ලෙස ජයගත්තද දෙවැනි හා තෙවැනි වටවලදී මාටින් දි ලා හමුවේ පරාජය ලබා තිබුණේ 6-4, 6-3ක් ලෙසිනි.

ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රතිවාදියා වූ ගාමිණී දිසානායක අනෙක් කේවල තරගයේදී ඩැනියෙල් කවෙර්ශෂී හමුවේ 6-4, 6-1ක් ලෙසද, ඉන් අනතුරුව යුගල තරගයේදී ගාමිණී හා උපාලි යුගලය ඩැනියෙල් හා රොබර්ටෝ හමුවේ පරාජය ලැබීම හේතුවෙන් “ඩී” කොටසේ දෙවැනි තැනට පත්විය.