චමිර සහ ශමල්ෂා ශූරතා දිනා ගනී

19th Tibhar Table Tennis Tournament

65
Table Tennis Roundup

Tibhar ක්‍රීඩා සමාජය විසින් 19 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ විවෘත ශ්‍රේණිගත මේස පන්දු තරගාවලියේ දී ශූරයා ලෙස කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චමීර ගිනිගේ ද සහ තරගාවලියේ ශූරිය ලෙසින් ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ ශමල්ෂා දෙව්මි ද සම්මානයට පත් වූවා.  

පසුගියදා අම්බලන්ගොඩ SRS ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැති මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500කට අධික පිරිසක් පැමිණි අතර එහි දී ගම්පහ සිරි කුරුස විද්‍යාලය නියොජනය කළ ශමල්ෂා දෙව්මි ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට ද සමත් වූවා. ඒ වයස අවුරුදු 17න් පහළ, 19න් පහළ සහ විවෘත අංශයේ ශූරතා දිනා ගැනීමත් සමඟිනුයි.   

ඊට අමතර ව කොළඹ ආනන්ද විද්‍යාලයේ දනුක් ළමාසූරිය, කොළඹ නාලන්දා විද්‍යාලයේ කෙනුර ද සිල්වා සහ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ නිසදි නිම්තරා ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.  

විවෘත කාන්තා අංශයේ දී ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ ශමල්ෂා දෙව්මි විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කසුනි පිටිගල තරග වට 3-0ක් ලෙසින් ද සහ විවෘත පිරිමි ඉසව්වේ දී ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ චමීර ගිනිගේ විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිරුණ වරුෂවිතාන තරග වට 3-0ක් ලෙසින් ද පරාජය කරන ලදි.  

තරගාවලියේ ප්‍රතිඵල ලැයිස්තුව 

වයස අවුරුදු 11න් පහළ බාලිකා – සයුමි නේජා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) විසින් විහාරා හේරත් (හොරයිසන් ජාත්‍යන්තර පාසල, පානදුර) පරාජය කරන ලදි.  

වයස අවුරුදු 11න් පහළ බාලක – කෙනුර සිල්වා (නාලන්දා විද්‍යාලය, කොළඹ) විසින් දෙරන්‍ය කේසර (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) පරාජය කරන ලදි.  

වයස අවුරුදු 13න් පහළ බාලිකා – නිසදි නිම්තරා (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල) විසින් සිත්ම සඳමිනි (කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ) පරාජය කරන ලදි.  

වයස අවුරුදු 13න් පහළ බාලක – කෙනුර සිල්වා (නාලන්දා විද්‍යාලය, කොළඹ) විසින් යෙනුල් අබේවික්‍රම (ආනන්ද විද්‍යාලය, කොළඹ) පරාජය කරන ලදි. 

වයස අවුරුදු 15න් පහළ බාලිකා – නිසදි නිම්තරා (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල) විසින් රෙනුකි සේනාරත්න (විශාකා විද්‍යාලය, කොළඹ) පරාජය කරන ලදි. 

වයස අවුරුදු 15න් පහළ බාලක – මතිල සස්දිනූ (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) විසින් හරීන් නිම්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) පරාජය කරන ලදි.  

වයස අවුරුදු 17න් පහළ බාලිකා – ශමල්ෂා දෙව්මි (සිරි කුරුස විද්‍යාලය, ගම්පහ) විසින් නඳුනි අනුප්‍රියා (විහාර මහා දේවි බාලිකා විද්‍යාලය, කිරිබත්ගොඩ) පරාජය කරන ලදි.  

වයස අවුරුදු 17න් පහළ බාලක – දනුක් ළමාසූරිය (ආනන්ද විද්‍යාලය, කොළඹ) විසින් හරීන් නිම්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) 

වයස අවුරුදු 19න් පහළ බාලිකා – ශමල්ෂා දෙව්මි (සිරි කුරුස විද්‍යාලය, ගම්පහ) විසින් සිනෙත්මි තෙසන්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ) පරාජය කරන ලදි. 

වයස අවුරුදු 19න් පහළ බාලක – නුක් ළමාසූරිය (ආනන්ද විද්‍යාලය, කොළඹ) විසින් හරීන් නිම්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) පරාජය කරන ලදි.  

විවෘත කාන්තා – ශමල්ෂා දෙව්මි (සිරි කුරුස විද්‍යාලය, ගම්පහ) විසින් කසුනි පිටිගල (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදි.  

විවෘත පිරිමි – චමීර ගිනිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) විසින් හිරුණ වරුෂවිතාන (ශ්‍රී ලංකා නාවික හමුදාව) පරාජය කරන ලදි.  

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය Kellogg’s ආයතනයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් රටවල කළමණාකරු දීප්ත ගුරුගේ සහ DSI නිෂ්පාදන කළමණාකරු දිනිත් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මෙම අවස්ථාවට ජාතික මේස පන්දු ශූරයන් වූ දීපිකා රොද්‍රිගෝ, එරන්දි වරුෂවිතාන, චලිත රංජන, වයි. සී. තිලකරන්න සහ ඉන්දික ප්‍රසාද් යන අය ද සහභාගී වී සිටියා.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදීසිටින්න ThePapare.com අප සමඟ ම.  

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<