දස්කම් විස්කම් විස්සයි විස්සේ

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

943

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඇඟිලි ගනිද්දී ඒ පිළිබඳව ලියැවෙන දෑ බොහෝමයක් වෙනවා. ඒ අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර දක්ෂතා විශේෂයි. මේ ලිපිය සැකසෙන්නේ ඒ ඇසුරෙන්.

  • මෙතෙක් පැවැති ලෝක කුසලාන තරගමාලා අතරින් 2014 වසරේ දී ලත් ජයග්‍රහණයත්, 2009 සහ 2012 වසරවල ලත් අනුශූරතාත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ඉතිහාසයේ ඉහළින් ම සටහන් වෙනවා.
YEAR VENUE WINNER RUNNER-UP MATCH  RESULTS
2007 දකුණු අප්‍රිකාව ඉන්දියාව පාකිස්තානය ඉන්දියාවට ලකුණු 5ක ජයක්
2009 එංගලන්තය පාකිස්තානය ශ්‍රී ලංකාව පාකිස්තානයට කඩුලු 8ක ජයක්
2010 බ. ඉ. කො. එංගලන්තය ඔස්ට්‍රේලියාව එංගලන්තයට කඩුලු 7ක ජයක්
2012 ශ්‍රී ලංකාව බ. ඉ. කො. ශ්‍රී ලංකාව බ. ඉ. කොදෙව්වන්ට ලකුණු 36ක ජයක්
2014 බංග්ලාදේශය ශ්‍රී ලංකාව ඉන්දියාව ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්
2016 ඉන්දියාව බ. ඉ. කො. එංගලන්තය බ. ඉ. කොදෙව්වන්ට කඩුලු 4ක ජයක්
  • ලෝක කුසලාන තරගමාලා 6ක තරග 356ක් අතුරින් වැඩිම තරග ප්‍රමාණයකට සහභාගී වූ රට මෙන් ම, ජයග්‍රහණ වැඩිම ප්‍රමාණයක් හිමි රට ලෙසින් ද වාර්තා වන්නේ ශ්‍රී ලංකාවයි.
TEAM WINS, LOSSES,TIES AND NO RESULTS
TEAM MAT WON LOST TIED NR % WIN
ශ්‍රි ලංකාව 35 22 12 1 0 64.28%
පාකිස්තානය 34 19 14 1 0 57.29%
ඉන්දියාව 33 20 11 1 1 64.06%
එංගලන්තය 32 15 16 0 1 48.38%
බටහිර ඉන්දීය කොදෙව් 31 17 12 1 1 58.33%
දකුණු අප්‍රිකාව 30 18 12 0 0 60.00%
නවසීලන්තය 30 15 13 2 0 53.33%
ඔස්ට්‍රේලියාව 29 16 13 0 0 55.17%

මෙම රටවලට අමතර ව බංග්ලාදේශය තරග 25කට මුහුණ දෙමින් තරග 5ක ජයග්‍රහණ ද, අයර්ලන්තය තරග 15කට මුහුණ දෙමින් තරග 3ක ජයග්‍රහණ ද, ඇෆ්ගනිස්තානය තරග 14කට මුහුණ දෙමින් තරග 5ක ජයග්‍රහණ ද, නෙදර්ලන්තය තරග 12කට මුහුණ දෙමින් තරග 5ක ජයග්‍රහණ ද, සිම්බාබ්වේ තරග 12කට මුහුණ දී තරග 5ක ජයග්‍රහණ ද, හොංකොං රාජ්‍යය තරග 6ක දී තරගයක් ද, ස්කොට්ලන්තය තරග 7ක දී තරගයක් ද, නේපාලය තරග 3ක දී තරග දෙකක් ද, ඕමාන් තරග 3ක දී තරගයක් ද ජයග්‍රහණය කරමින් මේ ලැයිස්තුව සැකසී ඇත.

ඊට අමතර ව කිසිදු ජයග්‍රහණයක් නොමැති රටවල් ලෙසින් කෙන්යාව තරග 2ක් ද සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග 3කට ද සහභාගී වී ඇත.

  • මෙතෙක් පැවැති තරගමාලාවන්වල ඉනිමක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාවයි. එමෙන් ම ප්‍රතිවාදී කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගත් කණ්ඩායම ලෙසින් ද වාර්තා වන්නේ ශ්‍රී ලංකාවයි. එහි දෙවැනි තැන ද ශ්‍රී ලංකාව සතු වීම තවත් විශේෂත්වයක්.
HIGHEST INNINGS TOTAL LOWEST INNINGS TOTAL
TEAM SCORE OPPONENT YEAR TEAM SCORE OPPONENT YEAR
ශ්‍රී ලංකාව 260/6 (20) කෙන්යාව 2007 නෙදර්ලන්තය 39 (10.3) ශ්‍රී ලංකාව 2014
එංගලන්තය 230/8 (19.4) ද. අප්‍රිකාව 2016 නවසීලන්තය 60 (15.3) ශ්‍රී ලංකාව 2014
ද. අප්‍රිකාව 229/4 (20) එංගලන්තය 2016 අයර්ලන්තය 68 (16.4) බ.ඉ.කො. 2010
  • තරගමාලාවන් හී තරගයක් වැඩිම ලකුණු ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම ද වන්නේ ශ්‍රී ලංකාවයි.
GREATEST WIN MARGIN (BY RUNS)
MARGIN TEAM SCORE BEAT SCORE YEAR
ලකුණු 172ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව 260/6 කෙන්යාව 88/10 2007
ලකුණු 130 ජයග්‍රහණයක් ද. අප්‍රිකාව 211/5 ස්කොට්ලන්තය 81/10 2009
ලකුණු 116ක ජයග්‍රහණයක් එංගලන්තය 196/5 ඇෆ්ගනස්තානය 80/10 2012
ලකුණු 90ක ජයග්‍රහණයක් ඉන්දියාව 170/4 එංගලන්තය 80/10 2012
ලකුණු 84ක ජයග්‍රහණයක් බ. ඉ. කො. 166/6 පාකිස්තානය 82/10 2014
  • ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායම් දෙකක් එක් ව තරගයක දී රැස් කරන ලද අඩුම ලකුණු සංඛාවේ වාර්තාවේ පළමු ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ද සිටිනවා.
LOWEST MATCH AGGREGATE
SCORE TEAM 1 SCORE TEAM 2 SCORE YEAR
79 FOR 1 wkts (15.3 overs) නෙදර්ලන්තය 39/10 (10.3) ශ්‍රී ලංකාව 40/1 (5) 2014
106 FOR 12 wkts (12.0 overs) නෙදර්ලන්තය 59/5 (6) අයර්ලන්තය 47/7 (6) 2016
120 FOR 11 wkts (23.2 overs) සිම්බාබ්වේ 84/10 (15.1) නවසීලන්තය 36/1 (8.1) 2010

අප මෙතෙක් කතා කළේ අපේ කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ කළ කී දෑ සම්බන්යෙන් වන වග විත්ති. මේ වාර්තා අතරට අපේ එක් එක් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දක්ෂතාවන් ද එකතු වෙමින් එය තව තවත් කළ-එළි වෙනවා.

  • ඒ අතුරින් ඉහළින් ම සටහන් වෙන වාර්තාව වන්නේ ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලැබු පිතිකරුවා ලෙසින් මහේල ජයවර්ධන එක් විමයි. එහි තෙවැනි තැන හිමි වෙන්නේ තිලකරත්න ඩිල්ශාන් ට.
MOST CAREER RUNS
PLAYER CUNTRY MAT INN RUNS HS 50 100
මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව 31 31 1016 100 6 1
Chris Gayle බ. ඉ. කො. 28 26 920 117 7 2
තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකාව 35 34 897 96* 6 0
  • ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථාන දෙක ම හිමි වෙන්නේ අපේ ක්‍රීඩකයන් දෙදෙනෙක්ට. ඒ මහේල සහ ඩිල්ශාන්. මහේල හතරේ පහර 111ක් ලබා ගනිමින් ද ඩිල්ශාන් හතරේ පහර 101ක් ලබා ගනිමින් ද මේ ස්ථාන දිනා සිටිනවා.
  • ලෝක කුසලාන තරග වැඩිම ප්‍රමාණයකට ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙසින් ඉතිහාස ගත වන්නේ ද ශ්‍රී ලාංකිකයෙක්. ඒ තිලකරත්න ඩිල්ශාන්. ඔහු සහභාගී වු තරග ප්‍රමාණය 35ක්. එහි දෙවැනි තැන පාකිස්තානයේ Shahid Afridi ට හිමි වෙනවා. ඔහු සහභාගී වූ තරග සංඛ්‍යාව 34ක්.
  • එතෙක් මෙතෙක් පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගවලදී ශ්‍රී ලංකාව සහභාගී වූ සෑම තරගයකට ම තිලකරත්න ඩිල්ශාන් ද සහභාගී වී තිබෙනවා.
  • එක් තරගාවලියක දී ලබාගත් වැඩිම අර්ධ ශතකලාභීන් අතර ඩිල්ශාන්ගේ නම දෙවතාවක දී ම සටහන් වෙනවා. ඒ 2007 සහ2009 වසරවලයි. එම වසර ද්විත්වයේ දී ඔහු අර්ධ ශතක 3 බැගින් වාර්තා කරනවා.
  • එමෙන් ම ඔහු 2009 තරග වාරයේ දී ඉනිම් 7ක දී එල්ල කරන ලද හතරේ පහර 46 එතෙක් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරගාවලියක එල්ල කළ වැඩිම හතරේ පහර සංඛ්‍යාව ද වෙනවා.
  • විස්සයි විස්ස කිරුළේ සිංහයෝ
  • T20 අභියෝගයට සැරසෙන හිරු නොබසින අධිරාජ්‍යය
  • තෙවැනි වරටත් ශූරතාවයක පහස පතන කොදෙව්වෝ
  • T20 කිරුළේ අනපේක්ෂිත ම කණ්ඩායම – පාකිස්තානය
  • 2007න් පසු යළිත් විස්සයි විස්ස කිරුළකට මං සොයන ඉන්දියානුවෝ
  • ඩිල්ශාන් සහභාගී වූ තරගවල ඉනිම් 5ක දී ලකුණු නොලබා දැවී යෑම හේතුවෙන් ඔහු එම ලැයිස්තුවේ පාකිස්තානයේ Shahid Afridi සමඟ සම තැන් ගෙන සිටිනවා.
  • එක් තරගාවලියක වැඩිම ලකුණුලාභීන් අතර දෙවැනි සහ තෙවැනි තැන් හිමි වෙන්නේ ද ඩිල්ශාන් සහ මහේලට. ඩිල්ශාන් 2009 වසරේ දී ඉනිම් 7ක දී ලකුණු 317ක් වාර්තා කරමින් ද සහ මහේල 2010 වසරේ දී ඉනිම් 6ක දී ලකුණු 302ක් ද වාර්තා කරමින් එම ස්ථානවලට පත් වෙද්දී, එහි පළමු ස්ථානය 2014 වසරේ දී ඉනිම් 6ක දී ලකුණු 319ක් රැස් කළ ඉන්දියාවේ Virat Kohliට හිමි වෙනවා.
  • නායකයෙක් ලෙසින් කණ්ඩායමක් ලැබූ ජයග්‍රහණ අතර ප්‍රතිශතයක් ලෙසින් ගනිද්දී එහි පළමු තැන හිමි වෙන්නේ කුමාර් සංගක්කාරට. ඔහු නායකත්වය ලබා දුන් තරග 14ක ජයග්‍රාහී ප්‍රතිශතය 71.42%ක්. එහි දෙවැනි තැන දකුණු අප්‍රිකාවේ Graeme Smith පසු වෙනවා. ඔහු තරග 16ක ජයග්‍රාහී ප්‍රතිශතය 68.75%ක්.
  • මහේල සහ කුමාර් සංගක්කාර 2010 ලෝක කුසලාන තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැති තරගයේ දී දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු 166 එතෙක් මෙතෙක් තරගමාලාවල ඕනෑම කඩුල්ලක් සඳහා වන හොඳම ලකුණු සබඳතාව වනවා.
  • ලෝක කුසලාන තරගයක ශතකයක් රැස් කළ එක ම ශ්‍රී ලංකා පිතිකරු වන්නේ මහේල ජයවර්ධනයි. ඔහු ඔහු එම දක්ෂතාව දක්වන්නේ 2010 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති තෙවැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.
  • ලෝක කුසලාන තරගමාලා තුළ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතා ලැයිස්තුව සැකසෙන්නේ මේ ආකාරයෙන්
PLAYER MAT INN NO RUNS HS 100 50
මහේල ජයවර්ධන 31 31 5 1016 100 1 6
තිලකරත්න ඩිල්ශාන් 35 34 4 897 96* 0 6
කුමාර් සංගක්කාර 31 31 4 661 68 0 4
ඇන්ජලෝ මැතිව්ස් 29 22 10 459 73* 0 2
සනත් ජයසූරිය 18 18 2 351 88 0 3
  • පන්දු යවන්නන් අතර ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලෝක කුසලාන ඉතිහාස පොතේ හිමි වෙන්නේ සුවිශේෂී තැනක්. වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නන් පස් දෙනා අතරට අපේ දෙදෙනෙක් ම ඇතළත් වෙනවා.
MOST CAREER WICKETS
PLAYER TEAM MAT WKTS BEST
Shahid Afridi පාකිස්තානය 34 39 4/11
ලසිත් මාලිංග ශ්‍රී ලංකාව 31 38 5/31
Saeed Ajmal පාකිස්තානය 23 36 4/19
අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව 21 35 6/08
Umar Gull පාකිස්තානය 24 35 5/06
  • මේ ලැයිස්තුව තවත් ලෙසකින් දීර්ඝ වීමේ දී එහි හොඳම පන්දු යවන්නන් අතර පළමු ස්ථාන දෙකම හිමිකර ගැනීමට අපේ ක්‍රීඩකයන් දෙදෙනෙක් සමත් වෙනවා.
BEST BOWLING FIGURES
PLAYER TEAM OVERS MAIDENS FIGURES OPPOSITION YEAR
අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව 4.0 2 6/08 සිම්බාබ්වේ 2012
රංගන හේරත් ශ්‍රී ලංකාව 3.3 2 5/03 නවසීලන්තය 2014
Umar Gul පාකිස්තානය 3.0 0 5/06 නවසීලන්තය 2009
Ahsan Malik නෙදර්ලන්තය 4.0 0 5/19 ද. අප්‍රිකාව 2014
Mustafizur Rahman බංග්ලාදේශය 4.0 0 5/22 නවසීලන්තය 2016
  • ලෝක කුසලාන එක් තරගාවලියක වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා ගැනීමේ වාර්තාවේ හිමිකාරීත්වය ද සතු වෙන්නේ අපේ ක්‍රීඩකයෙක්ට. ඒ අජන්ත මෙන්ඩිස්. ඔහු 2012 තරගාවලියේ දී තරග 6කදී කඩුලු 15ක් දවා ගනිමින් මේ වාර්තාව සතු කරගෙන සිටිනවා.
  • ලෝක කුසලාන තරගමාලා තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා ලැයිස්තුව සැකසෙන්නේ මේ ආකාරයෙන්
PLAYER MAT INN OVERS M RUNS WKTS BEST 4 5
ලසිත් මාලිංග 31 31 102.4 0 763 38 5/31 0 1
අජන්ත මෙන්ඩිස් 21 21 78.3 3 526 35 6/08 0 1
ඇන්ජලෝ මැතිව්ස් 29 27 74.2 1 481 19 3/16 0 0
නුවන් කුලසේකර 18 18 58.5 3 430 17 4/32 1 0
රංගන හේරත් 10 10 37.3 1 214 13 5/03 0 1
  • ලෝක කුසලාන තරගාවලියකට සත්කාරකත්වය ලබා දෙමින් එහි උච්චතම ස්ථානයට පැමිණි කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව හිමි වෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. 2012 වසරේ දී පැවැති සිවු වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය දැක් වූ ශ්‍රී ලංකාව එම තරගාවලියේ අනුශූරයන් සේ අභිෂේක ලැබුවා. එම ලැයිස්තුවේ දෙවැනි තැන ඉන්දියාවට හිමිවෙන්නේ ඔවුන් සත්කාරකත්වය දැරූ 2016 වසරේ දී අවසන් පූර්ව වටයට පිවිසෙමින් පෑ දක්ෂතාවයි.
  • එතෙක් මෙතෙක් පැවැති ලෝක කුසලාන තරගමාලාවන් හි ශ්‍රී ලංකා නායකත්වයන් බෙදී ගිය අයුරු
CAPTIAN MAT WON LOST TIED YEAR
මහේල ජයවර්ධන 5 3 2 0 2007
කුමාර් සංගක්කාර 7 6 1 0 2009
කුමාර් සංගක්කාර 6 3 3 0 2010
මහේල ජයවර්ධන 7 4 2 1 2012
දිනේෂ් චන්දිමාල් 3 2 1 0 2014
ලසිත් මාලිංග 3 3 0 0 2014
ඇන්ජලෝ මැතිව්ස් 4 1 3 0 2016

 මේ සියලු දේවල් සමඟ මේ මස පැවැත්වීමට දින තීන්දු වූ 2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අපේ ක්‍රීඩකයෝ කෙලෙස සජීවී වේ දැයි දැන් ම කැට තැබිය නොහැකියි. කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව නැවත වතාවක් ක්‍රිකට් කිරුළක් මෙරට ගෙළ පැළඳීමයි.

ඒ බලාපොරොත්තුව ThePapare.com හි ද බලාපොරොත්තුව වන අතර තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැදි සිටින්න අප සමඟ ම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<