Sydney McLaughlin කඩුලු පැනීමේ ලෝක වාර්තාවක් බිඳ හෙළයි

125

ඇමරිකානු ඔලිම්පික් සුදුස්සන් තේරීමේ තරගාවලියට සහභාගී වෙමින් කාන්තා මීටර් 400 කඩුලු පැනීමේ ලෝක වාර්තාව බිඳ හෙළීමට ඇමරිකානු ක්‍රීඩිකා Sydney McLaughlin ඊයේ (27) සමත් වුනා.

එම තරගාවලියේ කාන්තා මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව තත්පර 51.90ක කාලයකින් අවසන් කරමින් 2019 වසරේ දී තත්පර 52.16ක කාලයකින් එම ඉසව්ව අවසන් කරමින් Dalilah Muhammad පිහිටුවා තිබූ ලෝක වාර්තාව බිඳ හෙළීමට McLaughlinට හැකි වුනා.

එම දස්කම සමඟින් කාන්තා මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 52කට අඩු කාලයකින් අවසන් කළ පළමු ක්‍රීඩිකාව ලෙස McLaughlin ඉතිහාස ගත වූ අතර මෙම තරගයේ දී ඇය විසින් ඔලිම්පික් සහ ලෝක ශූර Dalilah Muhammad පරාජය කිරීම ද කැපී පෙනුණා.

2015 වසරේ පැවති යොවුන් ලෝක ශූරතාවයේ දී කාන්තා මීටර් 400 කඩුලු පැනීම රන් පදක්කම දිනා ගනිමින් ජාත්‍යන්තර පිටියට පිවිසි McLaughlin 2016 රියෝ ඔලිම්පික් උළෙල වයස අවුරුදු 16 දී නියෝජනය කිරීමට සමත් වූවත් අවසන් වටයට පිවිසීමට ඇයට හැකි වුනේ නැහැ.

පසුව 2019 වසරේ පැවති ලෝක ශූරතාවයේ දී Dalilah Muhammad පමණක් දෙවැනි වෙමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ඇය එම තරගාවලියේ දී මීටර් 400 කාන්තා සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් රන් පදක්කමක් දිනා ගත්තා.

මේ වන විට 21 වැනි වියේ පසුවන Sydney McLaughlinගේ වර්තමාන දස්කම් සලකා බැලීමේ දී මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 400 කඩුලු පැනීම රන් පදක්කම ඇය විසින් දිනා ගැනීමට විශාල ඉඩක් ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<