චෙන්නායින් කණ්ඩායමෙන් කොළඹට දැවැන්ත අභියෝගයක්

138

2019 AFC කුසලාන පාපන්දු තරගාවලියේ Play off වටයේ දී කොළඹ ක්‍රීඩා සමාජය හා ඉන්දියානු සුපර් ලීග් ශූරයින් වන චෙන්නායින් ක්‍රීඩා සමාජය තරග වැදීමට නියමිතය. එහි පළමු අදියර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මධ්‍ය හමුවක් කොළඹ පාපන්දු නිවහනේ දී පැවැත්වුණා.   

කොළඹ ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කරන Chennaiyin සංචිතය නම් කෙරේ

දෙවතාවක් ඉන්දීය සුපර් ලීග් ශූරතාව දිනූ චෙන්නායි ක්‍රීඩා සමාජය….

භූතානයේ ප්‍රවාහන එක්සත් කණ්ඩායම මුළු ගෝල 9-2ක් ලෙස පරාජය කරමින් කොළඹ සමාජය Play off වටයට පිවිසුණු අතර 2018 ඉන්දීය සුපර් ලීග් ශූරතාව දිනා ගත් චෙන්නායින් ක්‍රීඩා සමාජය ඔවුන්ගේ මීළඟ අභියෝගය වනු ඇත. අදියර දෙකකින් යුතු මේ වටය ජය ගතහොත් ඔවුන් AFC කුසලානයේ කණ්ඩායම් අදියර සඳහා සුදුසුකම් ලබනු ඇත.

මාධ්‍ය සාකච්ඡාවට කොළඹ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එක්ව සිටියේ ප්‍රධාන පුහුණුකරු රුවන් කුමාර මහතා හා නායක චරිත රත්නායකයි. පළමුවෙන් මධ්‍ය සාකච්ඡාව ඇමතූ රුවන් කුමාර මහතා අද (6) පැවැත්වෙන තරගය පිළිබඳ අදහස් දක්වා සිටියා.

“අපි හොඳින් සූදානම් වෙලා සිටිනවා, අපි අපේ සැලසුම් ගොඩක් වෙනස් කළේ නැහැ, අපේ ප්‍රතිවාදීන් බොහොම ශක්තිමත්, අපි මිනිත්තු 90ට ම සූදානම් වෙලා ඉන්නේ.”

“භූතානයේ සංචාරයේ කාලගුණ තත්වය නිසා අපිට යම් යම් ආබාධවලට ලක්වූ ක්‍රීඩකයින් සිටිනවා, අපි හෙට තරගයේ දී හොඳ සටනක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා, අපි දන්නවා අපේ ප්‍රතිවාදීන් ඉන්දීය සුපර් ලීග් තරගාවලියේ හොඳම කණ්ඩායමක් කියා.”

දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

5 වැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය සඳහා ශ්‍රී ලංකා ජාතික……

“භූතානයේ ක්‍රීඩා කළ කණ්ඩායමෙන් එකම වෙනසයි අපි සිදු කළේ, ඒ ආබාධයක් නිසා වෙනත් වෙනස්වීම් නැහැ”

නායක චරිත රත්නායක මෙසේ අදහස් දක්වා සිටියා. “අපි තරගයට සූදානම් හා අපි හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා, අපේ ක්‍රීඩකයින් හොඳ මානසික තත්වයකින් සිටිනවා”

චෙන්නායින් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු John Gregory හා නායක John Gregory මෙසේ අදහස් දක්වා සිටියා.  

“පසුගිය සති දෙකේ අපි හොඳින් පුහුණු වුනා, අපි ඉතා ආඩම්බරයි AFS කුසලානයට ඉන්දීය සුපර් ලීග් තරගාවලියෙන් එක්වන පළමු කණ්ඩායම බවට පත්වීම පිළිබඳව, හෙට තරගයේ හොඳින් දස්කම් දක්වන්නට බලාපොරොත්තු වෙනවා.”

“ගොඩක් වෙනස්කම් නැහැ, අපි බොහොම හොඳ තත්වයක සිටිනවා, ක්‍රීඩකයින් දන්නවා මේ තරගය කණ්ඩායමට හා රටට කෙතරම් වැදගත් ද කියා.”

“මානසිකත්වය අතින් අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා, විශ්වාසය හා ආත්මශක්තිය ඉතා ඉහළයි හා ධනාත්මකයි, අපිට තරග ගොඩක් තිබෙනවා මොකද අපි කුසලානයට එක්වන්නේ මූලිකම මට්ටමේ සිට.”

භූතාන කණ්ඩායම අසරණ කරමින් කොළඹ මීළඟ වටයට

2019 AFC ආසියානු කුසලානයේ මූලික වටයේ දෙවන අදියර …..

“3.30 තරගයක් ආරම්භ කරන්න අසාමාන්‍ය වේලාවක්, අපි දන්නවා කොළඹ ක්‍රීඩා කරන විට ඔවුන්ට තිබෙන වාසිය, ඔවුන් තරගය දිනන්නට උත්සහ කරාවි, අපිට අපේ ප්‍රතිවාදීන් ගැන ලොකු ගෞරවයක් තිබෙනවා, ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කරනවා, අපි බලාපොරොත්තු වෙනවා සැලකිය යුතු පෙරමුණක් ඉන්දියාවට රැගෙන යන්න.”

Jeje Lalpekhlua – “මට තවම මතකයි අවසන් වරට මම මෙහේ ක්‍රීඩා කරපු දිනය, පළමු අර්ධය ඉතා අමාරු වුනා, මේ තරගය ලේසි වෙන්නේ නැහැ, ඔවුන් ශ්‍රී ලංකාවේ ශූරයින්.”

දකුණු ඉන්දීය කණ්ඩායමට බ්‍රසීල ක්‍රීඩකයින් තිදෙනෙක්, එක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් හා ඉන්දීය ක්‍රීඩකයින් අටක් අඩංගුයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<