ජාතික ශූර ශ්‍රේෂන් තුර්කියේ දී පළමු ස්ථානයට

230

තුර්කියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වූ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ශ්‍රේෂන් ධනංජය එහි දුර පැනීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඊයේ (23) සමත් වුනා.

Cezmi Or Yarmaları නම් එම තරගාවලියේ පිරිමි දුර පැනීම ඉසව්ව නියෝජනය කරමින් මීටර් 7.78ක දක්ෂතාවයක් දක්වමින් පළමුවැන්නා ලෙස ඔහු ඉසව්ව අවසන් කළ අතර තරගයේ සුළඟේ වේගය සටහන් වුනේ -1.3ක් ලෙසයි.

දුර පැනීම ඉසව්වේ ජාතික ශූරයෙකු ද වන ශ්‍රේෂන් පසුගිය වසරේ පැවති 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී දුර පැනීම ඉසව්වේ ජාතික කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව ලැබූ ශිෂ්‍යත්වයක් නිසා කටාර් හී පුහුණුවකට පිටත්ව ගියා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එම පුහුණුව අතර පැවති තේරීම් තරගාවලියකට ද සහභාගී වූ ශ්‍රේෂන් එහි දුර පැනීම ඉසව්වේ මීටර් 7.70ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර කටාර් හී පුහුණුවෙන් පසු ඔහු දින 30ක විශේෂ පුහුණුවක් සඳහා පසුගිය සතියේ තුර්කියට පැමිණියා.

ශ්‍රේෂන් ජාතික ශූරතාවයෙන් පසු (කටාර් හී තේරීම් තරගාවලිය හැර) සහභාගී වූ මුල්ම මලල ක්‍රීඩා තරගාවලිය මෙය වන අතර බොහෝ විට ඔහු තුර්කියේ දී තවත් තරගාවලියක් සඳහා එක්වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<