ලෝක කුසලානයට ප්‍රථම අයර්ලන්තය තුන්කොන් සටනකට

196

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම සමඟින් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. එම තරගාවලිය එළඹෙන මැයි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

සුපිරි බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට IPL සඳහා අවස්ථාවක්

ආබාධයකට ලක්ව සිටි බංග්ලාදේශ ටෙස්ට් හා …..

තරගාවලිය අරඹමින් අයර්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතයි. තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් තරග මැයි මස 17 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග අයර්ලන්තයේ ඩබ්ලින් නුවර කාසල් ඇවිනිව්, ක්ලොන්ටාෆ් ඇන්ඩ් විලේජ් සහ මාලාහයිඩ් හිදී පැවැත්වීමට නියමිතයි. එළඹෙන මැයි 30 වැනිදා ආරම්භ වන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වීමට පියවර ගෙන තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මැයි මස 31 පාකිස්තානය සමඟින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා සහභාගී වේ. බංග්ලාදේශ කණ්ඩායම ජුනි දෙවැනිදා දකුණු අප්‍රිකාව සමඟින් ලෝක කුසලානයේ පළමු තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් සහභාගී නොවීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය පවසා තිබේ.

ඒ ඔවුන් හෙට ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙනි. සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්, එවින් ලුවිස්, ඔන්ඩ්‍රේ රසල්, කාර්ලෝස් බ්‍රාත්වෙයිට්, ශිම්රොන් හෙට්මයර්, නිකොලස් පුරන් සහ ඔශේන් තෝමස් මෙලෙස හෙට ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වේ.

“මට කළ හැකි ලොකුම අපරාධය මිනී මැරීම නොවේ” – දෝනි

මුදලට ක්‍රිකට් තරග පාවාදීම අප කැමති වුවත් අකමැති …

යම් හෙයකින් මෙම ක්‍රීඩකයින් නියෝජනය කරන කණ්ඩායම් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබා නොගතහොත් යම්හෙයකින් මෙම ක්‍රීඩකයින් අයර්ලන්ත හා බංග්ලාදේශයට එරෙහි තුන්කොන් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව මෙම තරගාවලියේ දී යොවුන් කොදෙව් ක්‍රීඩකයින්ගේ දක්ෂතා විමසා බැලීමට හා එංගලන්තයේ තණතීරු සඳහා සූදානම් වීමට කොදෙව් කණ්ඩායම සූදානම් බව වාර්තා වේ.

බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වන්නේ ශකිබ් අල් හසන් පමණි.

තුන්කොන් තරගාවලියේ තරග කාලසටහන

  • මැයි 5 – අයර්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
  • මැයි 7 – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම
  • මැයි 9 – බංග්ලාදේශ කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම
  • මැයි 11- අයර්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
  • මැයි 13 – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම
  • මැයි – 15 – බංග්ලාදේශ කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම
  • මැයි 17 – අවසන් මහා තරගය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<