9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 11 වැනි දිනය වූ ඔක්තෝබර් 13 වැනිදා නිමා වෙන්නේ A කාණ්ඩය නියෝජනය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියා කණ්ඩායම සතු කර ගනිමිනුයි.
ඔවුන් තරගාවලියේ පළමු වටය අවසන් කරන්නේ අපරාජිත ව සිටිමින් ප්‍රසාද ලකුණු 8ක් ලබා ගනිමිනුයි. මෙම තරගයේ නිමාවත් සමඟින් A කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම තෝරා ගැනීම උණුසුම් වී තිබෙනවා.
මේ වන විට එම කාණ්ඩයේ 2 වැනි ස්ථානයේ ඉන්දියාව (0.322) රැඳී සිටින අතර ඔවුන් මේ වන විට පළමු වටයේ සියළු තරග අවසන් කර තිබෙනවා. මෙම කාණ්ඩයෙන් තවත් තරගයක් තිබිය දී එහි 3 වැනි ස්ථානයේ නවසීලන්තය (0.282) රැඳී සිටින අතර ඔවුන් අද (14) මෙම ලැයිස්තුවේ සිව් වැනි ස්ථානයේ රැඳී සිටින පාකිස්තානය (-0.488) සමඟින් තරගයට එක් වීමට නියමිතයි.
ඒ අනුව මෙම ලැයිස්තුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ අනෙක් කණ්ඩායම තීරණය වීමේ අවස්ථාව එම තරගයට ලැබී තිබෙනවා. එම තරගයේ දී නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ නම් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව හිමි වෙනවා.
එම තරගයෙන් පාකිස්තානය ජයග්‍රහණය කරන්නේ නම් ඉන්දියාවට එම අවස්ථාව හිමි වීමේ අවස්ථාව වැඩි අතර යම් ලෙසකින් දළ ලකුණු ලබා ගැනීමේ ඉහළ වේගයක් රඳවා ගනිමින් පාකිස්තානය ජයග්‍රහණය කරන්නේ නම් ඔවුන්ට ද ඒ අවස්ථාව උදා කර ගැනීමේ ඉඩකඩක් ද තිබෙනවා.
තරගාවලියේ A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයට ලැයිස්තු ගත ව ඇත්තේ ශ්‍රී ලංකාවයි.
මේ අතර ඊයේ B කාණ්ඩයෙන් පැවැති එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගයේ දී කඩුලු 10ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වූවා. ඒ අනුව ඔවුන් තව දුරටත් එම කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගෙන සිටිනවා. කෙසේ වෙතත් ඔවුන් අද මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානයට පත් බටහිර ඉන්දීය කොදෙව්වන් (1.708) තරගයට එක් වෙනවා.
මෙම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වෝ ජයග්‍රහණය කරන්නේ නම් ඔවුන්ට මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා පැමිණීමේ
A කාණ්ඩය නියෝජනය කළ ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය නිමා කරන්නේ තරග 4කට සහභාගී වෙමින් කිසිඳු තරගයක ජයග්‍රහණයක් නොලබමිනුයි. B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ බංග්ලාදේශය ස්කොට්ලන්තයට එරෙහි ව ජයග්‍රහණයක් වාර්තා කරමින් අනෙක් තරග ත්‍රිත්වය පරාජය වෙමින් තරගාවලිය නිමා කරනවා.
ඊයේ පැවැති තරග අතුරින් A කාණ්ඩයෙන් පැවැති නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ දී නවසීලන්තය ජයග්‍රහණය කළ ද ප්‍රසාද ලකුණු පුවරුවේ වෙනසක් කිරීමට ඔවුන්ට හැකි වෙන්නේ නැහැ.
ඒ අනුව එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව (දළ ලකුණු 2.786) පළමු ස්ථානයේ ද ඊට පසුව ඉන්දියාව (0.576), නවසීලන්තය (0.282), පාකිස්තානය (-0.488) සහ ශ්‍රී ලංකාව (-2.173) පිළිවෙලින් ලැයිස්තු ගත වෙනවා.
මේ අතර ඊයේ B කාණ්ඩයෙන් පැවැති එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගයේ දී කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළ එංගලන්තය මෙම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තව දුරටත් ඉහළ නංවා ගන්නවා.
මෙම තරගය සඳහා එක් වෙන විට ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි ස්ථානයේ රැඳී සිටි ඔවුන් එතෙක් ඉහළින් ලැයිස්තු ගත ව සිටි දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ පසු පසට ඇද දමමින් එහි පළමු අසුන හිමි කර ගන්නවා.
මේ වන විට ඔවුන් තරග 3ක් අවසානයේ ප්‍රසාද ලකුණු 6ක් සමඟින් 1.716ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගෙන තිබෙනවා.
ඔවුන් ට හෙට (15) බටහිර ඉන්දීය කොදෙව්වන් (1.708) සමඟින් තරගය පැවැතෙන අතර එහි දී ඔවුනොවුන්ගේ ස්ථාන මෙම තරගයෙන් තහවුරු වීමේ අවස්ථාවකුයි උදා වී තිබෙන්නේ. මෙම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වෝ වැඩි දළ ලකුණු වේගයක් රඳවා ගනිමින් ජයග්‍රහණය කරන්නේ නම් මෙම ලැයිස්තුවෙන් පළමු වැනියා වෙමින් ඔවුන්ට අවසන් පූර්ව වටය දක්වා පිවිසීමේ අවස්ථාව උදා වෙනවා.
එසේ වූවහොත් එංගලන්ත 2 වැනි ස්ථානයට පිවිසෙමින් අවසන් පූර්ව වටයට එක් වෙන අතර මෙතෙක් මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානයේ රැඳී සිටින දකුණු අප්‍රිකාවට (1.382) පළමු වටයෙන් තම තරග ගමන අවසන් කර ගැනීමට සිදු වෙනවා.
මෙම ලැයිස්තුවේ ඉතිරි ස්ථාන ද්විත්වය බංග්ලාදේශය (-0.844) සහ ස්කොට්ලන්තය (-3.129) සතු වෙනවා.
17 වැනි තරගය
එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- කාසියේ වාසිය – ස්කොට්ලන්තය
- තරගයේ වීරයා – Maia Bouchier (එංගලන්තය)
තරගයේ කෙටි ලකුණු පුවරුව
ස්කොට්ලන්තය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 109 (20.0) Sarah Bryce 27, Kathryn Bryce 33, Sophie Ecclestone 2/13
එංගලන්තය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කිසිවෙක් නොදැවී 113 (10.0) Maia Bouchier නොදැවී 62, Danni Wyatt-Hodge නොදැවී 51
එංගලන්තය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
18 වැනි තරගය
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරගය Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
- කාසියේ වාසිය – ඔස්ට්‍රේලියාව
- තරගයේ වීරයා – Sophie Molineux (ඔස්ට්‍රේලියාව)
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඔස්ට්‍රේලියාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 151 (20.0) Grace Harris 40, Tahlia McGrath 32, Ellyse Perry 32, Renuka Singh 2/24, Deepti Sharma 2/28
ඉන්දියාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 142 (20.0) Shafali Verma 20, Harmanpreet Kaur නොදැවී 54, Deepti Sharma 29, Annabel Sutherland 2/22, Sophie Molineux 2/32
ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 9ක ජයක්.
මේ අතර අද (ඔක්තෝබර් 14 වැනිදා) A කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය රාත්‍රියේදීත් Dubai ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<