එංගලන්ත නායකයා සහ උපනායකයාගෙන් විශේෂ තීරණයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

649
Stokes joins Root in opting out of IPL 2022

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ වත්මන් නායක Joe Root සහ උපනායක Ben Stokes මෙම වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එංගලන්ත දේශීය පිටියේ පැවැත්වෙන County තරගාවලිය ක්‍රීඩා කර සිය මව්බිමේ දී නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට හොඳ සූදානමක් ලබා ගැනීම සඳහා ඔවුන් මෙම තීරණය ගෙන ඇතැයි එම වාර්තා සඳහන් කර තිබුණා.

2018 වසරේ පළමු වරට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියකට ඉදිරිපත් වූ Joe Root එම වසරේ දී කිසිදු කණ්ඩායමක් විසින් ලබා නොගත් අතර ඔහු මෙම වසරේ වෙන්දේසියට ඉදිරිපත් නොවන බව පසුගිය දා තහවුරු කර තිබුණා.

අපිට ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් කරන්න දේවල් ගොඩක් තියෙනවා. මම අපේ ටෙස්ට් කණ්ඩායම ගැන ගොඩක් හිතනවා වගේම ඒක වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම කැප කිරීම කරනවා”, යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

2019 වසරේ දී අවසන් විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ Joe Root වෙන්දේසියේ දී බොහෝ විට කිසිදු කණ්ඩායමක් විසින් ලබා ගැනීමට නොහැකියාවක් තිබූ නමුත්, සීමිත පන්දුවාර පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වූ Ben Stokes හට ඉහළ ලංසුවක් ලැබීමට ඉහළ හැකියාවක් පැවතියා.

2017 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වූ Ben Stokes 2018 වසරේ පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී Rajasthan Royals විසින් ඉන්දීය කෝටි 12.5ක මුදලකට මිල දී ගත්තා.

ESPNcricinfo වෙබ් අඩවියට අනුව Ben Stokes ජනවාරි 20 වැනිදායින් අවසන් වන ක්‍රීඩක වෙන්දේසියේ නම ඇතුළත් කිරීමේ දිනයන් අවසන් වීමට පෙර ඔහුගේ නම වෙන්දේසියට ඇතුළත් කරනු ඇතැයි කණ්ඩායම් හිමිකරුවන් බලාපොරොත්තු නොවන බව සඳහන් කර තිබුණා.

2021 පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී උඩ පන්දුවක් ලබා ගැනීමට යාමේ දී සිදු වූ අනතුරක් නිසාවෙන් අතේ ඇඟිල්ලක් බිඳී යාම නිසා තරගාවලියෙන් ඉවත් වූ අතර ඔහුට එම සිදුවීම නිසාවෙන් එම වසරේ තරග රැසක් අහිමි වුනා.

2021-22 අළුබඳුන තරගාවලියට සහභාගී වූ Ben Stokes එහි දී ඉනිම් දහයක් තුළ ලකුණු 236ක් සහ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර එහි දී ඔහු පිතිකරුවෙකු ලෙස කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක්.

එමෙන්ම පසුගිය වසරේ දී වරින්වර ලබා ගත් විවේකයන්ට පසුව ඔහු මෙම වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියට එක් වීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා Moeen Ali සහ Jos Buttler එම කණ්ඩායම් තුළම රඳවා ගැනීමට Chennai Super Kings සහ Rajasthan Royals තීරණය කළ අතර එලෙස වෙන්දේසිය පෙර රඳවා ගත් එකම එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ ද ඔවුනුයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන දිනයන් තවමත් ප්‍රකාශයට පත්කර නොමැති නමුත් නවසීලන්තය තරගාවලියට ඇතුළත් වන ක්‍රීඩකයෙකු මෙයට තේරී පත්වුවහොත් ඔවුන්ට මූලික වටයෙන් පසු ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට පිටත් වීමට සිදුවනවා.

අවසන් වරට පැවති නවසීලන්ත තරගාවලිය සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් සහභාගී කර නොගැනීම පිළිබඳව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට දෝෂාරෝපණ එල්ල වූ අතර එම තරගාවලිය පසුව යොදා ගත් තරගාවලියක් වූ නිසාවෙන් ඊට පෙර ක්‍රීඩකයින් තමන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන බවට එකඟව තිබීම මෙයට හේතු වුනා.

Mark Wood මෙවර ක්‍රීඩක වෙන්දේසියට සිය නම ඇතුළත් කර තිබූ නමුත් ඔහු නැවත එම තීරණයක් ගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබූ අතර Jonny Bairstow, Ollie Pope, Sam Curran, Liam Livingstone සහ Eoin Morgan යන එංගලන්ත ක්‍රීඩකයින් වෙන්දේසියට ඉදිරිපත් වීමට නියමිතයි.

2020 වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වූ තුන් ඉරියව් ක්‍රීඩක Jofra Archer හට ද ආබාධයක් නිසාවෙන් මෙවර තරගාවලිය අහිමි වන අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වීමට ඇති කාලය සිකුරාදා (20) දිනෙන් අවසන් වේ.

ESPNcricinfo වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<