Home Sinhala වෙල්ලාලගේ දැක්වූ සුපිරි තුන් ඉරියව් දස්කම් නිසා ජය ශ්‍රී ලංකාවට

වෙල්ලාලගේ දැක්වූ සුපිරි තුන් ඉරියව් දස්කම් නිසා ජය ශ්‍රී ලංකාවට

ICC 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

5160
Getty Images

ICC 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 4ක ජයක් ලබා ගැනීමට අද (18) සමත් වුනා.

ශ්‍රී ලංකාව සහභාගී වුනු මූලික වටයේ දෙවැනි තරගය වුනු මේ තරගය පැවැත්වුණේ St Kitts හි Conaree ක්‍රිකට් සමාජ පිටියේ දීයි.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දු රැකීම සඳහා තීරණය කළා. පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 175ක් පමණයි.

එහි දී නොකඩවා දෙවැනි වතාවටත් කඩුලු 5ක අවස්ථාවක් සාර්ථක කර ගත් වෙල්ලාලගේ ජාත්‍යන්තර යොවුන් එක්දින ක්‍රිකට් පිටිය තුල කඩුලු 5 අවස්ථා 3ක් සාර්ථක කර ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වුනා.

ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි Campbell Kellaway සහ Teague Wyllieගේ ආරම්භක සබඳතාවය ලකුණු 12ක් තුල බිඳ දැමීමට ට්‍රෙවින් මැතිව් සමත් වුනා.

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා ලෙස වගකීම් සහගත පිතිකරණයක නිරත වුනු Kellaway 4 පහර 5ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 77ක දී ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ හැරෙන්නට ඔවුන්ගේ අනෙක් පිතිකරුවන් හට සාර්ථක දිගු ඉනිම් ගොඩනැංවීමට හැකියාවක් ලැබුණේ නැහැ. William Salzmann ලකුණු 22යි. ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ දැක්වූ දුර්වල පිතිකරණ විලාසය සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ කැපී පෙනෙන දක්ෂතා නිසා ඕස්ට්‍රේලියාවට ලකුණු 175කින් නැවතීමට සිදු වුනා.

ලකුණු 176ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4න් 3ක්ම අපරික්ෂාකාරී පිතිකරණය නිසා ශ්‍රී ලංකාවට අහිමිව ගියා. එම අවස්ථාවෙන් ගොඩනැංවුණු පීඩනයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව උත්සහ කළා. 

ලකුණු 48කට කඩුලු 4ක් දැවී ගොස් තිබූ අවස්ථාවේ නායක වෙල්ලාලාගේ සමඟ පිටියේ එක් වූ කඩුලු රකින පිතිකරු අංජල බණ්ඩාර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86ක දී වටිනා ලකුණු 70ක සබඳතාවයක් ගොඩනංවමින් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම යළිත් යම් මට්ටමකට ඔසවා තැබුවා.

ශ්‍රී ලංකා ලකුණු සටහනට යම් සැනසීමක් එක් කළ එම පස්වැනි කඩුල්ලේ සබඳතාවය නිමා කරමින් 4 පහර 2ක් සමඟ පන්දු 47ක දී ලකුණු 33ක් ලබාගෙන සිටි බණ්ඩාරගේ කඩුල්ල දවා ගැනීමට Joshua Garner සමත් වුනා.

ඉන් අනතුරුව පිටියට පැමිණි දකුණතින් පිතිකරණයේ නිරත වන රනුද සෝමරත්න, වෙල්ලාලගේ සමඟ එකතු වෙමින්, 5 වැනි කඩුල්ලට ගොඩනැංවුණු සබඳතාවයට නොදෙවෙනි ලකුණු 52ක සබඳතාවයක් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූවා.

නායකත්වයේ වගකීම හැකි උපරිමයෙන්ම ඉටු කළ වෙල්ලාලගේ ශ්‍රී ලංකා ජය කනුව පෙනෙන මානයේ දී දැවී ගිය අතර ඔහුගේ එම සටන්කාමී ඉනිමට ලකුණු 52 දී නැවතුම් තිත තැබීමට Whitney සමත් වුනා. පන්දු 72ක් පුරාවට විහිදුණු එම සුපිරි ඉනිමට මනරම් 4 පහර 4ක් සහ එක් 6 පහරක් අන්තර්ගත වුනා.

අවසානයේ දී 4 පහර 4ක් සමඟ පන්දු 35ක දී ලකුණු 32*ක් ලබාගෙන සිටි සෝමරත්න සහ උපනායක රවීන් ද සිල්වා (ලකුණු 6*) ශ්‍රී ලංකාව ජයග්‍රාහී සීමාව දක්වා රැගෙන යාමට සමත් වුනා.

පන්දුවාර 37ක දී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 175 ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබීම නිසා කොදෙව්වන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය අභිබාවා යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

ඒ අනුව මේ තරගය කඩුලු 4කින් ජය ගත් ශ්‍රී ලංකාව, 19න් පහළ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුල ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් පරාජයට පත් කළේ වසර 14කට පසුව වීම සුවිශේෂී වෙනවා.

ඕස්ට්‍රේලියාවේ ආරම්භක වේගපන්දු යවන්නා ලෙස ක්‍රීඩා කළ දකුණතින් වේගපන්දු යවන Tom Whitney සිය පන්දුවාර 10 තුල එක් නිලකුණු පන්දුවාරයක් සමඟ ලකුණු 39කට කඩුලු 2ක් දවා ගත්තා.

සිය මංගල යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කළ Joshua Garner ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත්තා. ඒ හැරෙන්නට ඕස්ට්‍රේලියානු අනෙක් පන්දු යවන්නන් හට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සැලකිය යුතු මට්ටමක හානියක් සිදු කිරීමට හැකි වුනේ නැහැ.


Result


Sri Lanka U19
177/6 (37)

Australia U19
175/10 (50)

Batsmen R B 4s 6s SR
Campbell Kellaway lbw b Dunith Wellalage 54 77 5 1 70.13
Teague Wyllie c Ranuda Somarathne b Treveen Mathew 6 10 1 0 60.00
Isaac Higgins c Ranuda Somarathne b Treveen Mathew 15 38 1 0 39.47
Cooper Connolly b Sadisha Rajapaksa 3 14 0 0 21.43
Nivethan Radhakrishnan b Dunith Wellalage 21 36 2 0 58.33
Tobias Snell b Matheesha Pathirana 19 51 0 0 37.25
Aidan Cahill b Dulith Wellalage 0 2 0 0 0.00
William Salzmann b Dulith Wellalage 22 50 1 0 44.00
Joshua Garner c Yasiru Rodrigo b Matheesha Pathirana 12 19 1 0 63.16
Tom Whitney c Chamindu Wickramasinghe b Dulith Wellalage 1 2 0 0 50.00
Harkirat Bajwa not out 1 2 0 0 50.00


Extras 21 (b 1 , lb 6 , nb 2, w 12, pen 0)
Total 175/10 (50 Overs, RR: 3.5)
Fall of Wickets 1-12 (3.1) Teague Wyllie, 2-46 (13.2) Isaac Higgins, 3-61 (18.1) Cooper Connolly, 4-107 (28.2) Campbell Kellaway, 5-112 (30.1) Nivethan Radhakrishnan, 6-112 (30.3) Aidan Cahill, 7-143 (43.5) Tobias Snell, 8-167 (48.2) William Salzmann, 9-169 (48.6) Tom Whitney, 10-175 (49.6) Joshua Garner,

Bowling O M R W Econ
Yasiru Rodrigo 5 0 18 0 3.60
Treveen Mathews 10 1 32 2 3.20
Matheesha Pathirana 8 0 34 2 4.25
Chamindu Wickramasinghe 3 1 11 0 3.67
Sadisha Rajapaksa 6 1 30 1 5.00
Dunith Wellalage 10 1 28 5 2.80
Shevon Daniel 6 1 10 0 1.67
Raveen De Silva 2 0 5 0 2.50


Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe c Cooper Connolly b Joshua Garner 19 24 3 0 79.17
Shevon Daniel c Aidan Cahill b William Salzmann 9 10 1 0 90.00
Sadisha Rajapaksa b Tom Whitney 8 11 0 0 72.73
Sakuna Nidarshana Liyanage hit-wicket b Nivethan Radhakrishnan 7 23 0 0 30.43
Dunith Wellalage c & b Tom Whitney 52 71 4 1 73.24
Anjala Bandara c Tobias Snell b Joshua Garner 33 47 2 0 70.21
Ranuda Somarathne not out 32 35 4 0 91.43
Raveen De Silva not out 6 4 1 0 150.00


Extras 11 (b 0 , lb 1 , nb 3, w 7, pen 0)
Total 177/6 (37 Overs, RR: 4.78)
Fall of Wickets 1-15 (3.3) Shevon Daniel, 2-40 (6.5) Chamindu Wickramasinghe, 3-41 (7.1) Sadisha Rajapaksa, 4-49 (12.5) Sakuna Nidarshana Liyanage, 5-119 (27.1) Anjala Bandara, 6-171 (36.2) Dunith Wellalage,

Bowling O M R W Econ
Tom Whitney 10 1 39 2 3.90
William Salzmann 7 0 39 1 5.57
Joshua Garner 4 0 21 2 5.25
Nivethan Radhakrishnan 7 1 40 1 5.71
Harkirat Bajwa 4 0 15 0 3.75
Cooper Connolly 5 0 22 0 4.40



මෙවර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ තෙවැනි සහ අවසන් තරගය මේ මස 21 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ Saint Kitts and Nevis හිදී පැවැත්වීමට නියමිතයි. 

එම තරගය ද ජය ගැනීමට හැකියාව ලැබුනොත් ශ්‍රී ලංකාවට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. එසේ නොමැති වුවහොත් ප්‍රසාද ලකුණු සටහනේ දල ලකුණු ලබා ගැනීමේ වේගයට අනුව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක D කාණ්ඩය යටතේ මීළඟ වටයට සුදුසුකම් ලබා ගනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම යොවුන් ලෝක කුසලානය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල අනුග්‍රාහකයා’ ලෙස කටයුතු කරන අතර තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<