පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයට වැඩකටයුතු ඇරඹෙයි

328
State Minister Thenuka Vidanagamage inspects Puttalam District

ක්‍රීඩා සංස්කෘතියක් බිහි කර ක්‍රීඩා ආර්ථිකයක් නිර්මාණය කර රටේ ආර්ථිකය සඳහා ක්‍රීඩාවෙන් දායකත්වයක් ලබා දීම අරමුණෙන් ක්‍රීඩාවේ මූලාරම්භය වන පාසල කෙරෙහි වැඩි අවධානයක් යොමුකර පාසල් ක්‍රීඩාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ ආරම්භ කර ඇත.

එම වැඩසටහනේ මූලික පියවරක් ලෙස පුත්තලම දිස්ත්‍රික්ක රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරාධනාවකට අනුව ග්‍රාමීය පාසල් සහ ක්‍රීඩා යටිතල ප්‍රවර්ධන අමාත්‍ය තේනුක විදානගමගේ මැතිතුමා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ මස 25 වැනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඒ අනුව එම චාරිකාව අතරතුර දී සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, කරුක්කුව සුගතානන්ද මධ්‍ය මහා විද්‍යාලය, ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය (ක්‍රීඩා පාසල), රත්නපාල මහා විද්‍යාලය, හැලඹ වටවන ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලය, හලාවත ශාන්ත මේරියන්ස් විද්‍යාලය යන පාසල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

එමෙන්ම එම නිරීක්ෂණ චාරිකාව අතරතුර දී මෙරටට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ එම පාසල්වල වර්තමාන තත්වය පිළිබඳව සහ සාකච්ඡාවට භාජනය වූ අතර පාසල්වල දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය ක්‍රීඩා උපකරණ, ක්‍රීඩාංගණ නවීකරණය සහ පුහුණුවීම් කටයුතු සිදු කිරීම පිළිබඳව විශාල අවධානයක් යොමු විය.

තවත් ක්‍රීඩා පුවත් කියවන්න: 

එම නිරීක්ෂණ චාරිකාවට සහභාගි වූ ග්‍රාමීය සහ ක්‍රීඩා යටිතල පහසුකම් අමාත්‍ය තේනුක විදාන ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ,

“තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අභිප්‍රාය වෙන්නේ පාසල් ක්‍රීඩාංගණ සංවර්ධනය කර ක්‍රීඩාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමත්, ක්‍රීඩාවට  දක්ෂ දරුවන් ක්‍රීඩා පාසල් වෙත වැඩි වශයෙන් ඇතුළත් කර ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් දිනා ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත් කිරීමටත් සහ එම දරුවන් යහපත් ආර්ථික පසුබිමක් යටතේ වෘත්තීය ක්‍රීඩකයන් ලෙස සමාජ ගත කිරීමයි”  යන්නයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<