ලැජ්ජා සහගත නායකත්ව තහනම අවසන්

75

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගයක් අතරතුර පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් නිසා එවකට ඕස්ට්‍රේලියා නායකයා වූ සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්ට වසරක තරග තහනමක් හා වසර දෙකක නායකත්ව තහනමක් පැනවිය. කෙසේ වෙතත් ඔහුගේ වසරක තරග තහනම පසුගිය වසරේ අවසන් වූ අතර නායකත්ව තහනම අද (29) අවසන් විය. 

අඳුරු වළාකුලේ රිදී රේඛාවක් දකින ජස්ටින් ලැංගර්

මේ දිනවල වසංගතයක් ලෙස ලොවපුරා පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය නිසාවෙන් ප්‍රධාන පෙළේ ක්‍රීඩා…..

30 හැවිරිදි ස්ටීව් ස්මිත් 2018 දී කේප් ටවුන් හි පැවති ටෙස්ට් තරගයක දී තම අනුදැනුම යටතේ වෙනත් ක්‍රීඩකයෙකු ලවා වැලි කඩදාසියක් උපයෝගී කරගනිමින් පන්දුව පළුදු කිරීමට උත්සාහ කර තිබුණි. 

ඒ අනුව පන්දු පළුදු කිරීම/ එහි හැඩය වෙනස් කිරීම යන චෝදනා යටතේ ඔහු වැරදිකරු බවට තහවුරු විය. ස්මිත්ගේ එම නිර්ලජ්ජිත උත්සාහයක් හේතුවෙන් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග මාස 12කට අත්හිටවූ අතර ඒ වන විට ඔහු කණ්ඩායමේ නායකත්වය දැරීය.

ඔහුගේ දඬුවමේ කොටසක් ලෙස නායකත්ව භූමිකාව තවත් වසරක් තහනම් කිරීම ද ඇතුළත් වූ අතර එය දැන් අවසන්ව ඇත. 

මෙම සිදුවීමට සම්බන්ධ සම-කුමන්ත්‍රණකරු ලෙස හඳුනා ගත් හිටපු උපනායක ඩේවිඩ් වෝනර්ට ජීවිතාන්තය දක්වා නායකත්ව කාර්යභාරයන් තහනම් කරන ලදි. කෙසේ වෙතත් ස්මිත්ගේ නායකත්ව තහනම අවසන් වීමෙන් පසුව වර්තමාන ඕස්ට්‍රේලියා ටෙස්ට් නායකයා වන ටිම් පේන්ගෙන් ටෙස්ට් නායකත්වය ආපසු ලබා ගන්නා ලෙස ස්මිත්ට ඉල්ලීම් ලැබී ඇතත් එය ඔහුට අවශ්‍ය ද යන්න තවමත් පැහැදිලි නැත. ඒ 35 හැවිරිදි ටිම් පේන් තවමත් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බැවිනි. 

පුහුණුකරු ජස්ටින් ලැන්ගර් පසුගිය වසරේ දී පේන්ගේ නායකත්වය “දීප්තිමත්” යැයි පැසසුමට ලක් කළ අතර ස්මිත්ට පිතිකරණ පීඩනය මත නායකත්වයේ “බර” අවශ්‍ය නොවන බව ද පැවසීය. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ විස්සයි විස්ස හා එක්දින කණ්ඩායම්වල නායකයා ලෙස ආරොන් ෆින්ච් කටයුතු කරයි. 

“රසල් තමා අපේ ක්‍රිස් ගේල් , රසල් තමා අපේ බ්‍රයන් ලාරා” – ඩ්වේන් බ්‍රාවෝ

විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වටිනාම ක්‍රීඩකයෙකු වන ඔන්ඩ්‍රේ රසල්ට සිය කණ්ඩායමේ සගයෙකු වන ඩ්වේන් බ්‍රාවෝ ප්‍රශංසා…….

මේ සම්බන්ධයෙන් ස්ටීව් ස්මිත් ඉරිදා චැනල් නයින් රූපවාහිනියට අදහස් දක්වමින් පැවසුවේ මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තාවකාලිකව අවලංගු කිරීමෙන් අනතුරුව තමා ශාරීරිකව හා මානසිකව ශක්තිමත්ව සිටීමට උත්සාහ කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කළ බවයි.

ස්මිත් මෙම වසරේ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී විශාල මුදල් ගෙවීමක් සඳහා සූදානම්ව සිටිය ද ඉන්දියාව පුරා පැතිර යන වසංගතයට ප්‍රතිචාර වශයෙන් තරගාවලිය අප්‍රේල් 15 වැනිදා දක්වා කල් දැමීමට එහි සංවිධායකයන් තීරණය කළේය. 

මෙම වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ඉන්දියාව සති තුනක කාලයක් පූර්ණ වසාදැමීමකට යොමුව ඇති අතර ස්ටීව් ස්මිත් පවසා සිටියේ මේ තත්ත්ව අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග පැවැත්වීම අපහසු බවය.

“මම හිතන්නේ අප්‍රේල් 15 වැනිදා දක්වා ඉන්දියාවේ දේශ සීමා වසා දමා තිබෙනවා.”

“මේ මොහොතේ තියන තත්ත්වය අනුව තරගාවලිය පැවැත්වීම තරමක අපහසු අභියෝගයක් වේවි. මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ රැස්වීම් කිහිපයක් තිබිය හැකි යැයි මම සිතනවා. නමුත් ශාරීරිකව යෝග්‍යතාව පවත්වා ගන්න හා මානසිකව නැවුම්ව සිටීමට මම උත්සාහ කරනවා” ඔහු තවදුරටත් පැවසීය.  

එංගලන්ත නායිකාව ස්වේච්ඡාවෙන් කොරෝනා රෝගීන්ගේ සහයට

මේ දිනවල එංගලන්තය ද ඇතුළුව ලොව පුරා වේගයෙන් පැතිර යන නව කොරෝනා (COVID-19) වයිරස තත්ත්වය නිසාවෙන්…….

“ඉන්දීය ප්‍රිමියර් ලීග් යම් මොහොතක පවත්වන්න පුළුවන් වුනොත් එය සතුටුදායක දෙයක් වේවි. එසේ නොවේ නම් මේ මොහොතේ ලෝකයේ බොහෝ දේ සිදුවෙමින් පවතින නිසා එය දිනෙන් දින සලකා බලන්න වෙනවා.” 

මෙම වයිරස් තත්ත්වය නිසා ඕස්ට්‍රේලියාවේ සියලුම ක්‍රිකට් තරග අවලංගු කර ඇති අතර මේ මාසයේ නවසීලන්තයට එරෙහිව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එක් තරගයකින් පසුව අවලංගු කිරීමට සිදු විය. 

ඕස්ට්‍රේලියාව ජුනි මාසයේ දී බංග්ලාදේශයේ ටෙස්ට් සංචාරයක් සඳහා එක්වීමට නියමිත අතර එයට පසුව එංගලන්තයේ එක්දින තරගාවලියක් සඳහා සහභාගි වීමට සැලසුම් කර ඇත. නමුත් පවතින වාතාවරණය හමුවේ එම තරගාවලි දෙකම අවදානමට ලක්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<