අඳුරු වළාකුලේ රිදී රේඛාවක් දකින ජස්ටින් ලැංගර්

60
Justin Langer

මේ දිනවල වසංගතයක් ලෙස ලොවපුරා පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය නිසාවෙන් ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරග රැසක් අවලංගු කිරීමට සිදුව තිබිනි. කෙසේවෙතත් මෙම අවලංගු වීම් ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැංගර් තම ක්‍රීඩකයින්ට ලැබුනු වටිනා අවස්ථාවක් බව පවසා ඇත. 

කොරෝනා නිසා කැලඹුණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය

COVID-19 වයිරසය ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යාමත් සමඟින් රටවල් බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම

ඔහු තම කණ්ඩායම ධෛර්යමත් කරන්නේ ක්‍රීඩාවේ සියලු තරග අවලංගු කිරීමෙන් “රිදී රේඛාවක්” දැක බලා ගැනීම සඳහාය. ක්‍රීඩකයන්ට පවුලේ අය සමඟ නිවසේ දී කාලය ගත කිරීමට ලැබෙන අවස්ථාව ඉතාමත් අල්ප බවත්, අනපේක්ෂිත වේලාවක ලැබුනු මෙම නිදහස් අවස්ථාව භුක්ති විඳින ලෙසත් ඔහු පවසා ඇත. 

මේ වන විට ඕස්ට්‍රේලියාවේ සියලුම ක්‍රිකට් තරග අවලංගු කර ඇති අතර මේ මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්තයට එරෙහිව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එක් තරගයකින් පසුව අවලංගු කිරීමට තීරණය කෙරිනි. 

ඕස්ට්‍රේලියා දේශීය තරගාවලියක් වන ‘ෂෙෆීල්ඩ් පලිහ’ ද අත්හිටුවා ඇති අතර ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සහභාගී වීමට නියමිතව තිබූ ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ තරගාවලිය ද මේ වන විට කල් දමා ඇත. 

ඕස්ට්‍රේලියාව එළඹෙන ජුනි මාසයේ දී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගී වීමට නියමිතව තිබූ අතර ඉන් අනතුරුව එංගලන්තයේ එක්දින තරගාවලියක් සඳහා ද සහභාගී වීමට නියමිතව තිබිනි. කෙසේවෙතත් පවතින තත්ව යටතේ එම තරගාවලි ද අවදානමට ලක්ව ඇත. 

පසුගිය වසරේ ලෝක කුසලානයේ සිට ඕස්ට්‍රේලියා කණ්ඩායම අඛණ්ඩව ආකෘති තුනටම අදාළව තරගාවලි සඳහා සහභාගී විය. එලෙස දීර්ඝ කාලයක් ක්‍රීඩා කිරීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ සමහර ක්‍රීඩකයින් වෙහෙසට පත්ව ඇති බව ලැංගර් පිළිගත් අතර ඔවුන්ට මෙම නිවාඩු කාලය අත්‍යවශ්‍යම එකක් බව ද පැවසීය. 

තාවකාලික සමුගැනීම ගැන මැක්ස්වෙල් කතා කරයි

ග්ලෙන් මැක්ස්වෙල් 2019 වසරේ මැද භාගයේ දී ඔහුගේ මානසික මනෝභාවය පිළිබඳව අවධානය යොමු කරමින් ජාත්‍යන්තර

“පුද්ගලික දෘෂ්ටි කෝණයකින් මම උත්සාහ කරන්නේ මේ අඳුරු වළාකුලින් රිදී රේඛා කිහිපයක් සොයා ගැනීමට. ඒ වගේම  අපේ ක්‍රීඩකයින් දිරිමත් කිරීමටයි” ඔහු බ්‍රහස්පතින්දා පර්ත්හි පිහිටි සිය නිවසේ සිට වාර්තාකරුවන්ට පැවසීය.

“මම එයින් අදහස් කරන්නේ අපි අපේ තරගවාරයේ අවසානයට දැන් ළඟා වෙලා ඉන්නවා. අපට ක්‍රීඩකයන්ට ශාරීරික හා මානසික විවේකයක් ලබා දෙන්න පුළුවන් නම් ඒ අවස්ථාව ඵලදායි ලෙස එය භාවිතා කළ හැකියි. මේ වෙලාවේ එය ඉතා වැදගත්.”

“මෙය නිර්වාණය හා සමානයි. අපි අපේ පවුලේ අය සමඟ ගෙදර සිටිනවා. අපි අපේම ඇඳන් වල නිදාගන්නවා. ගෙදර හැදූ රාත්‍රී භෝජන සංග්‍රහ කරනවා. අපට තවමත් නිවසේ සිට එක් අංශයකින් හෝ වෙනත් ආකාරයකින් වැඩ කළ හැකියි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. ක්‍රීඩකයන් බොහෝවිට සූට්කේසයක් සමඟින් ජීවත් වන බවත් ඔහු පවසා සිටියේය. 

“එය ඔවුන්ට නැවත සූදානම් වීමට හොඳ අවස්ථාවක් ලබා දෙනවා. එන ඕනෑම දෙයකට අපි සූදානම් බව සහතික කර ගැනීම සඳහා අපි අවස්ථා දෙස බලනවා.” 

රජයේ නීතිරීති වලට අනුව මේ වන විට කිසිඳු ක්‍රියාකාරකමක් සිදුකළ නොහැකිව තිබිය දීත් ලැංගර් කියා සිටියේ තමා තම ක්‍රීඩකයන් සමඟ සම්බන්ධ වී සිටින බවයි. තවද ඔවුන්ට හැකි උපරිමයෙන් පුහුණු පාලන තන්ත්‍රයන් පවත්වා ගෙන යාමට තමන් උපදෙස් දෙන බවත් ඔහු පැවසීය. 

“නිරෝගීව සිටීම ගැන ක්‍රීඩකයන්ට වගකීමක් තිබිය යුතුයි. ඒ වගේම නිරෝගීව සිටීම, ඒ සඳහා කාලය යෙදවීම සහ ඒ සමඟ මානසිකව සෞඛ්‍ය සම්පන්නව සිටීම අතර සමබරතාවය නිවැරදිව ඔවුන් තබා ගත යුතුයි. ඒ පිළිබඳව වගකීම ඔවුන් ගත යුතුයි.” 

ICC ලෝක මට්ටමේ තරග රැසකටත් රතු එළි

මේ දිනවල ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද වේගයෙන් පැතිරෙමින් යමින් පවතින නව කොරෝනා වයිරස

“මේ තත්ත්වය කොච්චර කල් පවතිනව ද කියලා අපි දන්නේ නැහැ.”  

ඕස්ට්‍රේලියාවේ COVID-19 ආසාධිතයන් 3000ක් හා මරණ 13ක් වාර්තා වී ඇත. ප්‍රාන්ත කීපයක් තම දේශසීමා වසා දමා ඇති අතර, එය පැතිරීම වැළැක්වීම සඳහා නිවසේ රැඳී සිටීමට ජනතාව උනන්දු කර ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<