“රසල් තමා අපේ ක්‍රිස් ගේල් , රසල් තමා අපේ බ්‍රයන් ලාරා” – ඩ්වේන් බ්‍රාවෝ

130
West Indies Cricket

විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වටිනාම ක්‍රීඩකයෙකු වන ඔන්ඩ්‍රේ රසල්ට සිය කණ්ඩායමේ සගයෙකු වන ඩ්වේන් බ්‍රාවෝ ප්‍රශංසා පළකර තිබෙනවා. “අපේ ක්‍රිස් ගේල් ඔහුයි, අපේ බ්‍රයන් ලාරා ඔහුයි” විස්සයි විස්ස තරග පිටියේ ඔහුගේ දක්ෂතා ගැන බ්‍රාවෝ එසේ අදහස් පළකර තිබුනා. 

අඳුරු වළාකුලේ රිදී රේඛාවක් දකින ජස්ටින් ලැංගර්

මේ දිනවල වසංගතයක් ලෙස ලොවපුරා පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය නිසාවෙන්

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුනු විස්සයි විස්ස තරගාවලියේ ජය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ගෙන එමින් ඔහු පන්දු යවන්නන්ගේ පන්දු ඉතා පහසුවෙන් ක්‍රීඩාගාර වෙත පා කර යැවීමට සමත් වුනා. ආබාධයක් නිසා 2019 ලෝක කුසලානය මඟ හැරුනු ඔහු, නැවත කණ්ඩායමට පිවිසුනේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වුනු විස්සයි විස්ස තරගාවලියෙනුයි. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලිය ජය ගත්තේ තරග 2 – 0ක් ලෙසයි. රසල් පළමු තරගයේ දී පන්දු 14කින් ලකුණු 35ක් රැස්කළ අතර දෙවන තරගයේ දී ඔහු පන්දු 14කින් ලකුණු 40ක් රැස්කර ගත්තා. දෙවන තරගයේ දී ඔහු හයේ පහර හයක් ගුවන්ගත කළ අතර පළමු තරගයේ දීද ඔහු හයේ පහර හතරක් එල්ල කළේ තරගාවලියේ වීරයා සම්මානය දිනා ගනිමින්. 

“ඔහු තමා ලොව හොඳම ක්‍රීඩකයා” බ්‍රාවෝ, ට්‍රිනිඩෑඩ් හි ගුවන් විදුලි නාලිකාවකට පවසා සිටියා. 

“ක්‍රිස් ගේල් ඔහුගේ හොඳම කාලය ක්‍රීඩා කරද්දී මම ඔහුටත් එසේමයි කිව්වේ. අපිට බොහොම සතුටුයි ඔහු අපේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වීම පිළිබඳව. ඔහුට එරෙහිව අන්තර්ජාතික තරගයන්වල පන්දු යවන්නන්ට සිදුවුන දේ අපිට සිදුනොවුනු එක ලොකු දෙයක්. ඔන්ඩ්‍රේ රසල් ගැනත් එහෙම්මමයි. රසල් තමා දැන් අපේ ක්‍රිස් ගේල්. රසල් තමා දැන් විස්සයි විස්සේ අපේ බ්‍රයන් ලාරා. ඔහු සුපිරි තරුවක්.”

කලක් විස්සයි විස්ස පිටියෙන් විශ්‍රාම ගෙන සිටි බ්‍රාවෝ පසුගිය ජනවාරි මාසයේ අයර්ලන්ත තරගාවලියෙන් නැවතත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට පිවිසුනා. ශ්‍රී ලංකා සංචාරය, නැවත ජාත්‍යන්තර පිටියට පැමිණීමෙන් පසුව ඔහුගේ දෙවන තරගාවලිය වන අතර ඔහු ජනවාරියේ දී කණ්ඩායමට පිවිසුනේ 2016 වසරට පසුවයි. 

විස්සයි විස්ස පිටියේ වත්මන් ශූරයින් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල විස්සයි විස්සයි ක්‍රීඩකයින් රැසක් සිටියත් ඔවුන් කණ්ඩායමක් ලෙස අඛණ්ඩ දක්ෂතා දක්වන්නේ කලාතුරකින්. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඔවුන් ඇෆ්ගනිස්ථානය හමුවේ තරග 2 – 1ක් ලෙස පරාජය වුනු අතර ඉන්දියානු තරගාවලියත් ඔවුන් තරග 2 – 1ක් ලෙස පරාජය වුනා. අයර්ලන්ත තරගාවලියේ එක් තරගයක් වර්ෂාවට සේදී යෑම නිසා තරග 1 – 1ක් ලෙස තරගාවලිය අවසන් වූ අතර ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වීමට පෙර ඔවුන් එක්දින තරගාවලිය තරග 3 – 0ක් ලෙස පරාජය වුනා. 

බ්‍රාවෝ පවසා සිටියේ කණ්ඩායම් කළමනාකරණය, නායක කිරන් පොලාර්ඩ් හා ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් යන සියලු දෙනාම මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය වන විට කණ්ඩායම ප්‍රතිසංවිධානය විය යුතු බව අනුමත කළ බවයි. ඔක්තෝබර් මාසයේ දී විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වීමට නියමිත අතර බ්‍රාවෝ පවසා සිටියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නැවතත් ප්‍රබල කණ්ඩායමක් බවට පත්කිරීමට කණ්ඩායම අධිෂ්ඨාන කරගෙන සිටින බවයි. 

කොරෝනා නිසා මං පස්සට යන්නේ නැහැ

පැතිර යන කොරෝනා වයිරසය හමුවේ සිය ක්‍රීඩා දිවිය අවසන් නොකරන බවට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක

“ශ්‍රී ලංකා තරගාවලියට පෙර අපි එතරම් අඛණ්ඩ ලෙස දස්කම් දක්වනට සමත් වුනේ නැහැ. එක්දින තරගාවලිය තරග 3 – 0ක් ලෙස පරාජය වීමෙන් අනතුරුව අපි නැවතත් ජයග්‍රහණයේ මාර්ගයට පිවිසෙනවා කියලා විස්සයි විස්ස කණ්ඩායම එකතු වෙලා ප්‍රතිඥා දුන්නා. විස්සයි විස්ස තරග පිටියේ සිටින ප්‍රබලම කණ්ඩායම බවට පත්වෙන්න අපිට අවශ්‍ය වුනා.” 

“අපිට ලොව හොඳම ක්‍රීඩකයින් රැසක් සිටිනවා. අපි ඔක්කොම එක කණ්ඩායමක සිටිද්දී අපි ලොවට අපේ බලය පෙන්වන්න ඕනේ. ක්‍රිකට් ලෝකය බටහිර ඉන්දීය කණ්ඩායමට ගරු කරන්න ඕනේ, විශේෂයෙන් විස්සයි විස්ස කණ්ඩායමට. අපි කිව්වා හැමෝම එකමුතු වෙන්න, අපි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පටන් ගමු, ලෝකෙටම පණිවිඩයක් යවමු. ඒක තමයි අපි කළේ.”

බ්‍රාවෝ පවසා සිටියේ කණ්ඩායමේ ඉන්න දක්ෂ ක්‍රීඩකයින් ගොන්න නිසාම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයා වුනත් ඔහුට කිසිදාක ක්‍රීඩා කර නොමැති ස්ථානයක ක්‍රීඩා කරන්නට සිදු වූ බවයි. 

“පුහුණුකරු පිතිකරණ ලැයිස්තුව සැකසුවාම මම නවවන ස්ථානය දක්වා පහළට වැටී තිබුනා. මම කිව්වා මේක තමයි මම විස්සයි විස්ස කණ්ඩායමක නොම්මර නවය ස්ථානයේ ක්‍රීඩා කරන පළමු අවස්ථාව කියලා.” 

“ආඩම්බරය පසෙක තබා මම කැමතියි කියන්න, රෝව්මාන් පවෙල්, ෆේබියන් ඇලන්, ශිම්රන් හෙට්මයර් වැනි ක්‍රීඩකයින් අති දක්ෂයි. මම හරි සතුටුයි ඔවුන්ට පියෙක් මෙන් ඔවුන්ට උදව් කරන්නට, ඔවුන්ගේ හැකියාවන් ලොවට පෙන්වන්නට උදව් කරන්නට ලැබීම පිළිබඳව. අපි හැමෝම ඉන්නේ එකම මතයක. කිසිම ආඩම්බර කමක් නැහැ ක්‍රීඩාගාරය තුළ. එකම අරමුණ ක්‍රිකට් තරග ජය ගන්නයි, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝකයේ ඉහළටම රැගෙන යන්නයි.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<