එංගලන්තය සමඟ ඔට්ටු වන ශ්‍රී ලංකා කණ්ඩායමට නවක මුහුණු දෙකක්

190

සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ එළඹෙන 24 වැනිදා සිට කොළඹ දී පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එක්දින තරගාවලියට ඇතුළත් නොවුණු ක්‍රීඩිකාවන් දෙදෙනකු ඇතුළත් කිරීමට කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව පන්දුව අතට ගනියි; කණ්ඩායම වෙනස්කම් රහිතයි!

මීට දින දෙකකට ඉහතදී පැවති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු T20 තරගය සුපිරි පන්දුවාරය දක්වා ගිය…

උමේෂා තිමාෂීනී සහ මධුෂිකා මෙත්තානන්ද එසේ කණ්ඩායමට එක් වී සිටින නවක මුහුණු වන අතර එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ලද උදේශිකා ප්‍රබෝදිනීට සහ ප්‍රසාදිනී වීරක්කොඩිට සිය ස්ථාන අහිමිවී තිබේ. එංගලන්තය සමඟ පැවති එක්දින තරගාවලියේ දී ප්‍රසාදිකා වීරක්කොඩි හම්බන්තොට පැවති තරග දෙකට ද, උදේශිකා ප්‍රබෝදිනී හම්බන්තොට පැවති එක් තරගයකට පමණක් ක්‍රීඩා කළහ. මොවුන් දෙදෙනාම පිළිවෙළින් එක්දින තරග 53 බැගින් ද, විස්සයි විස්ස තරග 27ක් සහ 66ක් බැගින් ක්‍රීඩා කර තිබේ.

ප්‍රවීණ ක්‍රීඩිකාවන් වුවද දිගින් දිගටම ලද අසාර්ථක බව හේතුවෙන් නවක ක්‍රීඩිකාවන් දෙදෙනා පිළිබඳව තේරීම්වල දී විශ්වාසය තබා තිබේ. කණ්ඩායමට එක්වී සිටින උමේෂො තිමාෂිනී තවමත් දාහත් වැනි වියේ පසුවන ක්‍රීඩිකාවක් වන අතර ඇය පිතිකරණයට අමතරව දකුණත් පිට දඟපන්දු යවන්නියක් ලෙස ද යොදා ගැනීමේ හැකියාව තිබේ. අනෙක් ක්‍රීඩිකාව වන මෙත්තානන්ද 24 වැනි වියේ පසුවන අතර ඇය දකුණත් මද වේගපන්දු යවන්නියක් ලෙසින් කටයුතු කරන්නීය. මෙම වසර අවසානයේ දී පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීමේ බලාපොරොත්තුවෙන් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා කණ්ඩායමට එක් කර තිබේ.

තරණගේ පිත්තත්, අනුකගේ පන්දුවත් හමුවේ මොරටු ක්‍රීඩකයින් අසරණ වේ

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවැත්වෙන 67 වන රන් මහ සංග්‍රාමය අද…

නම් කරන ලද කාන්තා කණ්ඩායමේ නායකත්වය ද එක්දින තරගාවලියේ නායිකාව ලෙසින් කටයුතු කරන ලද ආරම්භක පිතිකාරිණී චමරි අතපත්තුටම ලබා දී තිබේ. අතපත්තුගේ නායකත්වය යටතේ නම් කරන ලද ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ද අනුමැතිය හිමිවී තිබේ.

2021 වසරේ දී එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායම සමඟ අවසන් වූ තරග 3න්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අන්ත පරාජයක් ලැබීය. එම තරගාවලියේ දී මැදපෙළ පිතිකාරිණියන් ලෙසින් ක්‍රීඩා කරන ලද හංසිමා කරුණාරත්න සහ හර්ෂිතා සමරවික්‍රම යන ක්‍රීඩිකාවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹයන් ශ්‍රී ලංකා කඳවුරින් කැපී පෙනිණ.

දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය ලබන ඉරිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ද, දෙවැන්න 26 වැනිදා ද, තෙවැන්න 28 වැනිදා ද එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), උමේෂා තිමාශිනී, හංසිමා කරුණාරත්න, හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, හර්ෂිතා සමරවික්‍රම, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, ඉනෝෂි ප්‍රනාන්දු, ඉමල්කා මෙන්ඩිස්, අචිනි කුලසූරිය, මධුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, ඕෂධී රණසිංහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<