Home Sinhala 49 වැනි එක්දින සංග්‍රාමයේ ජය සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට

49 වැනි එක්දින සංග්‍රාමයේ ජය සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට

සාන්තුවරයන්ගේ එක්දින මහා ක්‍රිකට් තරගය 2023

212
St. Joseph's College vs St. Peter's College

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 49 වැනි එක්දින මහා ක්‍රිකට් සංග්‍රාමය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අද (30) සමත් වුනා.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර ක්‍රීඩකයින් සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 156ක් පමණයි.

සාන්ත පීතර විද්‍යාලයේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව 23කට සීමා කරමින් පළමු කඩුල්ල ලෙස ඔවීන් සල්ගොඩ ලකුණු 4කට දවා ගැනීමට යෙනුල දෙව්තුස සමත් වෙද්දී, නිමුතු ගුණවර්ධන ලකුණු 6කට දවා ගැනීමට ලහිරු අමරසේකර සමත් වුනා.

දෙදින තරගයේ ලබා ගත් අර්ධ ශතකයෙන් පසු මෙම තරගයේ දීත් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ රුසන්ඳ ගමගේ ලකුණු 32ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වුනේ ශෙවෝන් ඩැනියල්ගේ පන්දුවක් හමුවේයි.

සාන්ත පීතර කණ්ඩායමේ බලාපොරොත්තු සහගත පිතිකරුවා වූ විශේන් හැළඹගේ ලකුණු 4කට දවා ගැනීමට ශෙවෝන් ඩැනියල් සමත් වෙද්දී, සංශේ ගුණතිලක ලකුණු 4කට අවින්ත ද අල්විස්ගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වුනා.

ආරම්භක පිතිකරු ලෙස පැමිණ කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ නේතන් ඩේවිඩ් පන්දු 79ක් තුළ ලකුණු 53ක් ලබා සිටිය දී අවින්තගේ පන්දුවට දැවී ගියේ සාන්ත පීතර ක්‍රීඩකයින් දැඩි අසීරුතාවකට පත් කරමිනුයි.

එම කඩුල්ලෙන් පසු සාන්ත පීතර ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කළ සාන්ත ජෝසප් පන්දු යවන්නන් විසින් සාන්ත පීතර ඉනිම පන්දුවාර 41.5කට සීමා කිරීමට සමත් වුනා.

කැපී පෙනෙන පන්දු යැවීමට නිරත වූ අවින්ත ද අල්විස් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වෙද්දී, යෙනුල දෙව්තුස, ශෙවෝන් ඩැනියල් සහ ලහිරු අමරසේකර අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ලකුණු 157ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු කඩුල්ල සඳහා සදීෂ් රාජපක්ෂ සහ හිරුන් කපුරුබණ්ඩාර එක්ව ගොඩ නැගූ සම්බන්ධතාව ලකුණු 74ක්.

අඛණ්ඩව දින තුනක් පුරාවට සිය කණ්ඩායම වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළ සාන්ත ජෝසප් නායක සදීෂ් රාජපක්ෂ පන්දු 34ක් තුළ ලකුණු 27ක් ලබා සිටිය දී ඇති වූ ආබාධයක් නිසා ක්‍රීඩා පිටියෙන් ඉවත් වුනා.

පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර හයක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 50ක් රැස් කළ හිරුන් කපුරුබණ්ඩාර ආබාධයක් නිසා ක්‍රීඩා පිටියෙන් ඉවත් වූ අතර ශෙවෝන් ඩැනියල් ලකුණු 6කට දැවී ගියේ ශෙනොන් රොද්‍රිගෝගේ පන්දුවක් හමුවේයි.

අවින්ත ද අල්විස් ලකුණු 7කට සහ නරේන් මුරලිදරන් ලකුණු 4කට දවා ගනිමින් නැවතත් තරගයට පිවිසීමට සාන්ත පීතර ක්‍රීඩකයින්ට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 126ක් වන විටයි.

ලහිරු අමරසිංහ ලකුණු 3කට දවා ගෙන සාන්ත ජෝසප් කණ්ඩායමට තවත් පීඩනයක් එල්ල කිරීමට පීතරයන්ට හැකි වූවත් ඉන්පසුව කඩුල්ලේ එක් වූ හිරාන් ජයසුන්දර සහ කෙනෙත් ලියනගේ ලකුණු 25ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් සිය අත්දැකීම් බහුලත්වය නැවත ප්‍රදර්ශනය කළ හිරාන් ජයසුන්දර නොදැවී ලකුණු 30ක් රැස් කළේ පන්දු 60කට මුහුණ දෙමිනුයි.

  • තරගයේ වීරයා: අවින්ත ද අල්විස් (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරු: හිරුන් කපුරුබණ්ඩාර (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා: යෙනුල දෙව්තුස (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • දක්ෂතම පන්දු රකින්නා: නේතන් ඩේවිඩ් (සාන්ත පීතර විද්‍යාලය)

Result


St. Joseph’s College
158/5 (40.2)

St. Peter’s College
156/10 (41.5)

Batsmen R B 4s 6s SR
Oween Salgado c Hiran Jaysundara b Yenula Dewthusa 4 32 0 0 12.50
Nathen David c Yenula Dewthusa b Avintha De Alwis 53 79 4 0 67.09
Nimuthu Gunawardene c Sadeesh Jayawardana b Lahiru Amarasekara 6 17 0 0 35.29
Rusanda Gamage c Yenula Dewthusa b Shevon Daniel 32 42 1 0 76.19
Vishen Helambage c Keneth Liyanage b Shevon Daniel 4 7 0 0 57.14
Sanshay Gunathilaka c Maanasa Madubashana b Avintha De Alwis 4 11 0 0 36.36
Kavika Jayasundara c Keneth Liyanage b Avintha De Alwis 4 9 0 0 44.44
Shenon Rodrigo c Hiran Jaysundara b Lahiru Amarasekara 11 13 1 0 84.62
Lashmika Perera c & b Muditha Dissanayake 10 25 0 0 40.00
Lakindu Sachin lbw b Yenula Dewthusa 4 9 1 0 44.44
Sean Roborts not out 1 7 0 0 14.29


Extras 23 (b 2 , lb 4 , nb 0, w 17, pen 0)
Total 156/10 (41.5 Overs, RR: 3.73)
Bowling O M R W Econ
Gagan Chamod 6 1 23 0 3.83
Yenula Dewthusa 7.5 1 18 2 2.40
Lahiru Amarasekara 10 2 37 2 3.70
Avintha De Alwis 8 1 27 3 3.38
Muditha Dissanayake 3 0 12 1 4.00
Shevon Daniel 7 0 33 2 4.71


Batsmen R B 4s 6s SR
Sadeesh Jayawardana -select- b 27 34 1 0 79.41
Hirun Matheesha Kapurubandara -select- b 50 59 5 1 84.75
Shevon Daniel c Rusanda Gamage b Shenon Rodrigo 6 10 0 0 60.00
Hiran Jaysundara not out 30 63 0 0 47.62
Avintha De Alwis c Nimuthu Gunawardene b Vishen Helambage 7 10 0 0 70.00
Muditha Dissanayake run out () 4 17 0 0 23.53
Naren Muralidaran c Nathen David b Kavika Jayasundara 4 9 0 0 44.44
Lahiru Amarasekara lbw b Vishen Helambage 3 10 0 0 30.00
Keneth Liyanage not out 13 30 2 0 43.33


Extras 14 (b 3 , lb 4 , nb 0, w 7, pen 0)
Total 158/5 (40.2 Overs, RR: 3.92)
Bowling O M R W Econ
Shenon Rodrigo 10 1 35 1 3.50
Lakindu Sachin 4 0 17 0 4.25
Nimuthu Gunawardene 4 0 21 0 5.25
Sean Roborts 3 0 15 0 5.00
Lashmika Perera 2 0 14 0 7.00
Vishen Helambage 10 0 25 2 2.50
Kavika Jayasundara 7.2 0 24 1 3.33



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<