Home Sinhala රුසන්ද සහ චමිඳුගෙන් අර්ධ ශතක; ගගන්ගෙන් කඩුලු පහක්

රුසන්ද සහ චමිඳුගෙන් අර්ධ ශතක; ගගන්ගෙන් කඩුලු පහක්

89 වැනි සාන්තුවරයන්ගේ මහා සංග්‍රාමය 2023

128

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන 89 වැනි සාන්තුවරයන්ගේ මහා ක්‍රිකට් තරග අද (28) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

වසර කිහිපයකට පසු ප්‍රේක්ෂකයින්ට විවර වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් නායක සදීශ් ජයවර්ධන පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී සාන්ත පීතර ක්‍රීඩකයින්ට ආරාධනා කළා.

සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ සාන්ත ජෝසප් ආරම්භක පන්දු යවන්නා පළමු පන්දුවාර තුළ සාන්ත පීතර පළමු කඩුලු දෙකම දවා ගැනීමට සමත් වුනා.

ඔවීන් සල්ගොඩ පළමු පන්දුවේම ගගන් චමෝද්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙද්දී, නිමුතු ගුණවර්ධන ද ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට පෙර දැවී ගියේ සදිශ් ජයවර්ධන අතට උඩ පන්දුවක් ලබා දෙමිනුයි.

සාන්ත පීතර ඉනිම තරමක් ගොඩ ගැනීමට උත්සාහ කළ විශේන් හැළඹගේ ලකුණු 18ක් ලබා සිටිය දී චමෝද්ගේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ශෙවෝන් ඩැනියල් රැක ගත් කැපී පෙනෙන උඩ පන්දුව නිසයි.

සාන්ත පීතර ඉනිමේ ගැලවුම්කරුවා බවට පත් වෙමින් රුසන්ද ගමගේ කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කර පන්දු 71ක් තුළ ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් වුනා.

සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට කඩුල්ලක් අවශ්‍ය මොහොතේ නැවතත් ක්‍රියාත්මක වූ ගගන් විසින් ලකුණු අතර සිටි රුසන්ද දවා ගැනීමට සමත් වුනේ සිය සිව්වැනි කඩුල්ල සම්පූර්ණ කර ගෙනයි.

රුසන්ද දැවී යාමෙන් පසු කණ්ඩායමේ වගකීම සියතට ගත් චමිඳු පෙරේරා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වෙන විට සටන්කාමී අර්ධ ශතකයක් සමඟ ලකුණු 66ක් ලබා සිටියා.

පසුපෙළ පිතිකරුවන් ලෙස පැමිණ සනේෂ් ගුණතිලක (18), ශෙනොන් රොද්‍රිගෝ (19), නේතන් ඩේවිඩ් (15) සහ ලකිඳු සචින් (14) ලබා ගත් ඉනිම් නිසා පන්දුවාර 57.3ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 214ක් ලබා ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින්ට හැකි වුනා.

අගනා පන්දු යැවීමක නිරත වූ ගගන් ලකුණු 69ක් තුළ කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර ලහිරු අමරසේකර ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 214ක් පිටුපසින් සිටිමින් සිය පළමු ඉනිම ආරම්භ කළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අයහපත් කාලගුණය නිසා තරගය නතර කරන විට පන්දුවාර 6ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 29ක් ලබා සිටියා.

පන්දු 22කට මුහුණ දුන් සදීශ් නොදැවී ලකුණු 16ක් සහ පන්දු 16කට මුහුණ දුන් නරේන් මුරලිදරන් නොදැවී ලකුණු 11යි.

Result


St. Joseph’s College
240/2 (54.5)

St. Peter’s College
214/10 (57.3)

Batsmen R B 4s 6s SR
Oween Salgado lbw b Gagan Chamod 0 1 0 0 0.00
Vishen Helambage c Shevon Fonseka b Gagan Chamod 18 12 3 0 150.00
Nimuthu Gunawardene c Sadeesh Jayawardana b Gagan Chamod 0 5 0 0 0.00
Rusanda Gamage c Yenula Dewthusa b Gagan Chamod 55 71 7 0 77.46
Chamindu Perera run out () 66 125 6 0 52.80
Shanshay Gunathilaka c & b Lahiru Amarasekara 18 37 2 0 48.65
Kavika Jayasundara c Hirun Matheesha Kapurubandara b Lahiru Amarasekara 1 7 0 0 14.29
Shenon Rodrigo c Hiran Jaysundara b Lahiru Amarasekara 19 31 2 0 61.29
Nathen David c Shevon Daniel b Muditha Dissanayake 15 19 0 0 78.95
Lakindu Sachin b Gagan Chamod 14 35 0 0 40.00
Sean Roborts not out 1 1 0 0 100.00


Extras 7 (b 5 , lb 0 , nb 0, w 2, pen 0)
Total 214/10 (57.3 Overs, RR: 3.72)
Bowling O M R W Econ
Gagan Chamod 14.3 2 69 5 4.83
Maanasa Madubashana 3 0 17 0 5.67
Muditha Dissanayake 15 1 33 1 2.20
Yenula Dewthusa 8 1 37 0 4.62
Lahiru Amarasekara 14 0 36 3 2.57
Shevon Daniel 3 0 17 0 5.67


Batsmen R B 4s 6s SR
Sadeesh Jayawardana not out 110 150 7 1 73.33
Naren Muralidaran c Rusanda Gamage b Shenon Rodrigo 20 38 2 0 52.63
Shevon Daniel c Shenon Rodrigo b Nimuthu Gunawardene 12 21 1 0 57.14
Hiran Jayasundara not out 91 120 7 0 75.83


Extras 7 (b 4 , lb 0 , nb 0, w 3, pen 0)
Total 240/2 (54.5 Overs, RR: 4.38)
Bowling O M R W Econ
Lakindu Samarajeewa 7.5 0 48 0 6.40
Sean Roborts 5 0 23 0 4.60
Shenon Rodrigo 22 0 89 1 4.05
Nimuthu Gunawardhana 14 1 44 1 3.14
Vishen Helambage 2 0 13 0 6.50
Kavika Jayasundara 4 0 19 0 4.75



89 වැනි සාන්තුවරයන්ගේ මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන හෙට (29) දිනයේ තරග උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<