ජෝසප් ක්‍රීඩකයෝ පීතරයින්ගේ අපරාජිත සලකුණ මකා දමයි

614

සාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රබල ආරක්ෂක ක්‍රීඩා විලාසය හමුවේ සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 10-05ක් ලෙස සිය පළමු පරාජය අත්විඳීමට සිදු විය. සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවලියේ තරගයක් ලෙස අද (2) කොළඹ CR & FC ක්‍රීඩා පිටියේ දී තරගය පැවැත්විය.  

විද්‍යා ක්‍රීඩකයින්ගේ වේගය ලුම්බිණියට පරාජය ගෙන එයි

මුළු රග්බි පිටියම වර්ෂාවෙන් නැහැවෙද්දී උණුසුම් රග්බි තරගයක් අද (02) ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර…

පළමු අර්ධයේ දී ලකුණු 10-05ක් ලෙස දැක්වුණු ලකුණු පුවරුවට තව එකදු ලකුණක් හෝ එකතු වීමට ඉඩ නොදී ආක්‍රමණශීලී සාන්ත පීතර ක්‍රීඩකයින් නතර කරමින් ‘පුජ්‍ය බැසිල් වීරතුංග පියතුමන්’ගේ අනුස්මරණ පලිහ දිනා ගැනීමට ක්‍රීඩකයින් 14 දෙනෙක් පමණක් ක්‍රීඩා කළ සාන්ත ජෝසප් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමු භාගයේ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ප්‍රවර්තනය නොකළ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර සාන්ත පීතර ක්‍රීඩකයින්ට හැකි වූයේ එක් හුදකලා උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට පමණි.

සුළු වැහි පොද මධ්‍යයේ සාන්ත ජෝසප් ක්‍රීඩක සමීෂ විරංගනගේ පා පහරින් තරගය ආරම්භ විය.

සත්කාරක සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ තරගය ආරම්භයත් සමඟ සිය වේගවත් පසුපෙළ යොදාගනිමින් සාන්ත පීතර අර්ධය ආක්‍රමණය කළ අතර තෙවන මිනිත්තුවේ දී ‘Flanker’ ක්‍රීඩක ෂෙහාන් එරන්ද උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යෑමට සමත්වුවත් එම අවස්ථාව ‘held up’ අවස්ථාවක් බවට විනිසුරු තීරණය කළේය.

මීටර පහේ සීමාව ආසන්නයේ ලැබුණු ‘scrum’ අවස්ථාවකින් මනාව පන්දුව ලබාගෙන ගැමුණු චේතිය විසින් පන්දුව තරිඳු මදුරංග වෙත යොමු කළ අතර මදුරංග ඉතා පහසුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. සංතුෂ් අල්ගම එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (ජෝසප් 05 – 00 පීතර)

දක්ෂයෙක් CH & FC සමඟ එක්වේ

ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය ආරම්භයට තව දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී CH & FC ක්‍රීඩා සමාජය, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සෙන්ටර් ක්‍රීඩක …

පළමු උත්සාහක දිනුමෙන් සුළු වෙලාවකට පසු සාන්ත ජෝසප් ක්‍රීඩක ඩිලාන් කාවින්ද සාන්ත පීතර ක්‍රීඩකයින් අතරින් රිංගා යමින් පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර උත්සාහක දිනුම් සීමාව ආසන්නයේ දී ඔහුව නැවැත්වීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත්වුවත් ෂෙහාන් එරන්ද එම උත්සාහක දිනුම සම්පූර්ණ කිරීමට සමත් විය. සංතුෂ් අල්ගම එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (ජෝසප් 10 – 00 පීතර)

තරගය සාන්ත පීතරයින් දෙසට නැඹුරු කරමින් 22 වැනි මිනිත්තුවේ දී විනිසුරු ජමාල්ඩීන් සාන්ත ජෝසප් ක්‍රීඩක තරිඳු මදුරංග හට රතු කාඩ්පතක් පෙන්වා පිටියෙන් ඉවත් කළේ ඔහු සාන්ත පීතර ක්‍රීඩකයෙකුට ඉතා අනතුරුදායක බාධා කිරීමක් සිදු කළ නිසාවෙනි.

එක් ක්‍රීඩකයෙකු අඩු වීමේ වාසිය මනාව ප්‍රයෝජනයට ගනිමින් සාන්ත පීතර ක්‍රීඩකයින් සාන්ත ජෝසප් අර්ධය ආක්‍රමණය කළ අතර කෙනෙත් විමලදාස සාන්ත පීතර ක්‍රීඩකයින් ලබා ගත් එකම උත්සාහක දිනුම තරගයේ 30 වන මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් විය. ෂෙහාන් ලියනපතිරණ අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (ජෝසප් 10 – 05 පීතර)

පළමු අර්ධය අවසන් වීමට මොහොතක් ඉතිරිව තිබිය දී විමලදාස නැවත වරක් ජෝසප් පසුපෙළ මගහරිමින් විශිෂ්ට ධාවනයක නිරත වුවද නියත උත්සාහක දිනුමක් පීතරයින්ට අහිමි කරමින් ගැමුණු චේතිය විශිෂ්ට ලෙස ඔහුව නතර කිරීමට සමත් විය.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 10 – 05 සාන්ත පීතර විද්‍යාලය  

දෙවන අර්ධය ආරම්භයෙන් පසු පන්දුව සියතේම තබා ගනිමින් සාන්ත පීතර ක්‍රීඩකයින් තියුණු ආක්‍රමණයක් දියත් කිරීමට සමත් විය.

සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ඉතා විශිෂ්ට ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසයක් පෙන්වූ අතර කෙතරම් උත්සහ දැරුවත් ක්‍රීඩකයින් 14කගෙන් පමණක් සෑදුණු ජෝසප් ආරක්ෂක වළල්ල බිඳ දැමීමට සාන්ත පිතරයින්ට නොහැකි විය.

සාන්ත පීතර ක්‍රීඩකයින් උත්සාහක දිනුම් සීමාව පෙනෙන මානයේ පන්දුව හැසිරවීමේ හා යොමු කිරීමේ දෝෂ කිහිපයක් සිදු කළ අතර එම වැරදි හා සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ගේ විශිෂ්ට ක්‍රීඩා විලාසය නිසා සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට සිය අපරාජිත වාර්තාව රැක ගැනීමට නොහැකි විය.

වසීම් සේනානායකයින්ව අඩපණ කරයි

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි පිටියේ පළිහ ශූරතාවය සඳහා පවත්වන තරගයක් අද (01) මහනුවර සාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අතර කොළඹ…

අවසාන ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 10 (2T) – 05 (1T) සාන්ත පීතර විද්‍යාලය  

  • ThePapare තරගයේ වීරයා – තරිඳු ද අල්විස් (සාන්ත ජෝසප් විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • සාන්ත ජෝසප් විද්‍යාලය: තරිඳු මදුරංග (1T), ෂෙහාන් එරන්ද (1T)
  • සාන්ත පීතර විද්‍යාලය: කෙනෙත් විමලදාස (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<